The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Early Investigation & Rehabilitation of Disabled Children
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Early Investigation & Rehabilitation of Disabled Children

PDF Print Email

 ඔබේ දරුවා උපතේ දී ළදරු අවධියේ දී හෝ ඉන් පසුව වර්ධනයේ ගැටළුවක් හෝ ප්‍රමාදයක්, ආබාධ සහිත තත්වයක් ඇති බව හඳුනාගත්තේ නම් රජ්‍ය ආයතනයක් වශයෙන් අප ආයතනය ඔබේ දරුවා වෙනුවෙන් ම විවෘතයි.

ළමා ආබාධ කල් ඇතිව හඳුනාගෙන සේවා සැපයීම

තමාගේ දරුවාට කිසියම් ආබාධයක් ඇති බව දැන ගැනීමෙන් පසු බොහෝ විට පවුල් සංස්ථාව තුළ දැඩි ගැටළුකාරී තත්වයක් උද්ගත වන අතර, එවැනි අවස්ථාවලදී ඇති වන මානසික පීඩනය අඩුකර ගැනීමට හා මෙම තත්වය ක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට කිසියම් සහාය සේවාවක් පැවතිය යුතුවේ. එය පවුලේ සාමාජිකයන්ට මෙන්ම දරුවා වෙනුවෙන්ද මහඟු රුකුලක් වේ. දරුවන්ගේ වර්ධනයේ පවතින විවිධ ගැටළු (ආබාධ) හඳුනා ගත හැකි වයස් මට්ටම් විවිධ වේ. සමහරවිට යම් යම් තත්වයන් උපතේදීම හඳුනා ගත හැකිය. හැකිතාක් කල් වේලාසනින් හඳුනාගෙන අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා මැදිහත්වීම තුළින් උපරිම සංවර්ධනයක් කරා ගෙන ඒමට හැකි ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බව විද්වතුන්ගේ ද පිළිගැනීම වේ.

මේ අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ආබාධ සහිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා මැදිහත්වීමේ ජාතික වැඩසටහනක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කරගත් ආදර්ශක ව්‍යාපෘතියක් 2003 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එය මහරගම, වෙල පාර, අංක 11, ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යාපෘතියේ අරමුණු

  • ළමා ආබාධ හඳුනාගෙන කල් ඇතිව මැදිහත්වීමේ වඩාත් ඵලදායී ක්‍රමවේදයක් හඳුන්වාදීම.
  • ආබාධ සහිත දරුවනට සේවා සැපයීම් හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවලට අදාළ ආයතන ඇතුළත් සේවා ජාලය ශක්තිමත් කිරීම.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනය හා අන්තර්කරණය ශක්තිමත් කිරීම සඳහා මැදිහත්වීම.
  • දෙමාපියන් හා පවුලේ සාමාජිකයන්ගේ මානසික තත්වය වඩාත් යහපත් තත්වයකට ගෙනඒම සඳහා මැදිහත්වීම.
  • ව්‍යාපෘතිය වෙනත් දිස්ත්‍රික්කවලට හඳුන්වා දීම.

අප ඔබගේ දරුවා වෙනුවෙන්

  • සංවර්ධනය සඳහා පෙර සූදානමක් ඇති කරවීම.
  • අත්‍යවශ්‍ය මූලික සේවා සැපයීම.
  • සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම.
  • මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දීම.
  • විධිමත් අධ්‍යාපනය සඳහා යොමු කිරීම.
  • සුභසාධන සේවාවන් සම්බන්ධීකරණය.

අප මුල් ළමාවිය සංවර්ධන ආයතනය මඟින් පහත සඳහන් සේවා නොමිලේ ඔබේ දරුවා වෙනුවෙන් ලබාදෙනු ලැබේ.

  • ළදරුවන් සඳහා කණ්ඩායම් පන්ති.
  • දරුවන් සංවර්ධනය සඳහා තනි, කුඩා කණ්ඩායම් හා කණ්ඩායම් පන්ති.
  • භෞත චිකිත්සක සේවාව.
  • වෘත්තීය චිකිත්සක සේවාව.
  • සෞඛ්‍ය සායන.
  • සුහද හමු.
  • කථන චිකිත්සක සේවාව.
  • බහු ආබාධ සහිත දරුවන් සඳහා පන්ති.
  • විශේෂිත දරුවන් ඉල්ක්ක කරගත් පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා.
  • දෙමාපිය මානසිකත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහන්.
  • මනෝ උපදේශන සේවාවන්.
  • ක්ෂේත්‍ර පරීක්ෂණ.
  • අධ්‍යාපනික හා විනෝද චාරිකා.

වැඩි විස්තර සඳහා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත හැක.


ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දෙවන මහල,
සෙත්සිරිපාය  දෙවන අදියර,
බත්තරමුල්ල.


එන්. ජී. පී. ජී. සමරවික්‍රම මහතා
දුරකථන:0112187050
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:33:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty