The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කැටුව නොගෙනෙන පෞද්ගලික ගමන් බඩු නිදහස් කර ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කැටුව නොගෙනෙන පෞද්ගලික ගමන් බඩු නිදහස් කර ගැනීම

PDF Print Email

 

                                    මුදල් අමාත්‍යාංශය
                           ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


කැටුව නොගෙනෙන පෞද්ගලික ගමන් බඩු නිදහස් කර ගැනීම

 

  • පිටරට සිට පැමිණෙන විට රැගෙන නොඑන, එහෙත් තමන් රටින් පිටවීමට පළමුව මෙරටදී ලබාගැනීම පිණිස, එරට සිටින නියෝජිතයෙකු මාර්ගයෙන් එවන පෞද්ගලික ගමන් භාණ්ඩ ලබාගැනීමට, කොළඹ, පෑළියගොඩ, වත්තල, මහනුවර , ගාල්ල කුරුණෑගල, දඹුල්ල හා නින්දවූර්,  යනාදී ස්ථානයන්හී රේගු මගී භාණ්ඩ බැඳිගුදම් පිහිටා තිබේ.  මේවා ට්‍රයිකෝ, ට්‍රාන්ස්කෝ, මිඩ්කෝ, සිලෝන් ෂිපිං ලයින්ස් ආදී ආයතන මගින් රේගු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි.
  • මෙසේ පෞද්ගලික භාණ්ඩ එවීමේදී එවන පුද්ගලයා හා ලබන පුද්ගලයා යන දෙදෙනාම එක් පුද්ගලයෙකු වීම අත්‍යාවශ්‍ය වේ.  එසේ නොවුනහොත් එය ත්‍යාගයක්  ලෙස සලකා, තීරුබදු හා අනිකුත් බදු අයකරනු ලැබේ.
  • මෙහිදී පෞද්ගලික ගමන් බඩු සඳහා පමණක් තීරුබදු සහනය ලැබේ. වාණිජමය ස්වරූපයෙන් හෝ වාණිජමය ප්‍රමාණයෙන් යුත් භාණ්ඩ සඳහා බදු අයකරනු ලැබේ. අවසරලත් භාණ්ඩ ලැයිස්තුව සඳහා https://www.customs.gov.lk/news/PB.pdf වෙත පිවිසෙන්න.
  • මෙසේ එවන ලද භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා අදාල මගී භාණ්ඩ බැඳි ගුදම වෙත ගුවන් ගමන් බලපත්‍රය සමඟ ඔබගේ පැමිණීම අනිවාර්ය වේ. එසේ ඔබට පැමිණීමට නොහැකි විටකදී ඒ සඳහා වෙනත් අයකුට ලිඛිතව බලය පැවරිය හැකිය. එවැනි අවස්තාවකදී ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය අදාල පුද්ගලයා සමඟ එවිය යුතුය.
  • මෙසේ තමන් පිටරටින් ශ්‍රී  ලංකාවට පිටත්වීමට පෙර එවන තමන්ගේ පෞද්ගලික ගමන් භාණ්ඩ, තමා නැවත ලංකාවෙන් පිටත්වීමට (නැවත තම රැකියාව සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා) පෙර ලංකාවට ලඟා වී නැති අවස්ථාවකදී, එම භාණ්ඩ ලබාගැනීම සඳහා එහි නීත්‍යායානුකූළ අයිතිය තම විශ්වාසවන්ත අයෙකුට පවරා යා හැක.  එසේ කිරීම ඇටෝර්නි බලපත්‍රයක් (power of Attorney Attorney) මගින් සිදුකළ යුතුය.
  • මෙහිදී නීත්‍යානුකූල ඇටෝර්නි බලපත්‍රය, එහි ඡායා පිටපතක්ද සමඟ තමා නැවත විදේශගත වන අවස්ථාවේදි, ගුවන් තොටුපලෙහි පිටත්වීම් පර්යන්තයෙහි පිහිටි රේගු කාර්යාලයට ගෙනයා යුතුය. එහිදී ශ්‍රී ලංකා රේගු අංක 01 නිලධාරී මහතාට එය ඉදිරිපත් කර, ඔහුගේ සහතිකය එහි සටහන් කරවාගෙන , ඉන්පසු එය තම ඇටෝර්නි බලය පැවරූ අයට ලැබීමට සලස්වා යා යුතුය.  එවිට එම ඇටෝර්නි බලය ලබන තැනැත්තාට එම අදාළ භාණ්ඩ රේගු අධීක්ෂණය යටතේ ලබාගත හැක. ඇටෝර්නි බලපත්‍රය ගුවන් තොටුපල කාර්යභාර නිලධාරියාට ඉදිරිපත් කිරීමට පෙර එය ශ්‍රී ලංකාවේ රෙජිට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ හෝ එහි ශාඛා කාර්යාලයක ලියාපදිංචි කළයුතුය.
  • මගී භාණ්ඩ ලැයිස්තුවට අයත් නොවන සමහර සීමා පනවන ලද භාණ්ඩ නිදහස් කර ගැනීමේදී පහත සඳහන් ආයතනයන්ගෙන් බලපත්‍ර හෝ අවසරයන් ලබාගත යුතු වේ.
  1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
  2. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
  4. විලවුන්, උපකරණ හා ඖෂධ පාලක අධිකාරිය(CDDA)
  5. ආරක්ෂක අමාත්‍යාංශය
  6. ආහාර දෙපාර්තමේන්තුව/ජාතික පැළෑටි නිරෝධායන සේවය (NPQS), ආදිය.

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-05-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty