The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කාර්නේ (CARNET) බලපත්‍රයක් යටතේ තාවකාලික ආනයනය හා අපනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්නේ (CARNET) බලපත්‍රයක් යටතේ තාවකාලික ආනයනය හා අපනයනය

PDF Print Email

                                           මුදල් අමාත්‍යාංශය
                                 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


ATA කාර්නේ (CARNET) බලපත්‍රයක් යටතේ තාවකාලික ආනයනය හා අපනයනය

ඔබ, යම්කිසි භාණ්ඩයක්, ප්‍රදර්ශනයක් හෝ ඒ හා සමාන කටයුත්තක් සඳහා ආනයනය හෝ අපනයනය කිරීමට අදහස් කරන්නේ නම්, එය කාර්නේ
බලපත්‍ර ක්‍රමය යටතේ සිදු කළ හැකි ය.

ශ්‍රී ලංකා රේගුව විසින් කාර්නේ (CARNET) ක්‍රමය යටතේ පහත අයිතම අපනයනය කිරීමට අනුමැතිය ලබා දේ.

  • විද්‍යාත්මක උපකරණ
  • අධ්‍යාපනික මෙවලම්
  • වෘත්තීය මෙවලම්
  • ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරන ද්‍රව්‍ය හා උපකරණ
  • භාණ්ඩ සාම්පල හා දැන්වීම් ප්‍රචාරණ ද්‍රව්‍ය මෙවලම්


ATA කාර්නේ (CARNET) පිළිබඳව වැදගත් කරුණු

  • ආනයන බදු ආවරණය කිරීම සඳහා බැංකු ඇපකර හෝ වෙනත් යමක් භාණ්ඩ නිදහස් කිරීමේ දී රේගුවට අවශ්‍ය  නොවේ.
  • බොහෝ අවස්ථාවල දී ආනයන පාලන රෙගුලාසි අදාල නොවේ. 
  • තෝරාගත් භාණ්ඩ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ/විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය ලබාගත යුතු විය හැකිය.  (ප්‍රදර්ශන සඳහා ගෙන එන ඖෂධ හා සන්නිවේදන උපකරණ සඳහා)
  • අවුරුද්දක කාලයක් සඳහා පමණක් වලංගු වේ.
  • අවශ්‍ය වුවහොත් අදාල බදු ගෙවීමෙන් පසුව භාණ්ඩ දේශීයව අපහරණය කළ හැකිය.
  • අදාල භාණ්ඩය ශ්‍රී ලංකාව තුල භාවිතා කරන්නට අදහස් කරන්නේ නම් අදාල බදු ගෙවිය යුතු ය.
  • රේගු අනුමැතිය සහිත වලංගු කාලය දීර්ඝ කිරීම කළ හැකි ය.
  • කාර්නේ බලපත්‍රයේ හිමිකරු විසින් රේගුව සමග කටයුතු කිරීම සඳහා මෙරට නියෝජිතයාට බලය පැවරීමේ ලිපියක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.
  • දේශීය නියෝජිතයකුට කාර්නේ හිමිකරුවා වෙනුවෙන් පෙනී සිටිය හැකි ය.  භාණ්ඩ යැවීමේ (forwarding) නියෝජිතයකු හෝ වෙනත් දේශීය නියෝජිතයකු මේ සඳහා තෝරා ගත හැකි ය.  මේ සඳහා කාර්නේ බලපත්‍රය සමග බලය පැවරීමේ ලිපියක් අමුණා එවිය යුතු ය.
  • කාර්නේ බලපත්‍රය යටතේ ගෙන එන ලද භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය  නොවේ.

 


ATA කාර්නේ (CARNET) බලපත්‍රයක් හසුරුවන්නේ කෙසේ ද?

මුහුදු මාර්ගයෙන් යන/එන භාණ්ඩ

  • රේගුවේ 'D' අංශය විසින් ආනයන හා ප්‍රති-ආනයන කාර්නේ ලියවිලි සම්බන්ධව කටයුතු කරනු ලැබේ.
  • රේගුවේ අපනයන කාර්යාලය විසින් අපනයන හා ප්‍රති-අපනයන කාර්නේ ලියවිලි සම්බන්ධව කටයුතු කරනු ලැබේ.


ගුවන් මගින් යන/එන භාණ්ඩ

  • කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඇති රේගු කාර්යාලය විසින් ගුවන් මගින් එන/යන භාණ්ඩවලට අදාල කාර්නේ ලියකියවිලි සම්බන්ධව කටයුතු කරනු ලැබේ.


මගීන් විසින් ගෙන එන/යන භාණ්ඩ

  • මගීන් විසින් අතේ ගෙන එන/යන භාණ්ඩවලට අදාල කාර්නේ බලපත්‍ර ලියවිලි සම්බන්ධව ගුවන් තොටුපල රේගුවේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවල සිටින රේගු නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබේ.
  • කොළඹ වරායේ ගමන් භාණ්ඩ (Baggage) කාර්යාලයේ රාජකාරි භාර නිලධාරියා විසින් මුහුදු මාර්ගයෙන් එන/යන මගීන් විසින් අතේ ගෙන යන/එන භාණ්ඩවලට අදාල කාර්නේ බලපත්‍ර  සම්බන්ධව කටයුතු කරනු ලැබේ.


ප්‍රදර්ශන සඳහා මගීන් විසින් අතේ ගෙන යන/එන මැණික් ගල්

  • ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ සිටින රේගු කාර්ය මණ්ඩලය විසින් මැණික් පරීක්ෂා කිරීමෙන් පසුව ATA කාර්නේ ලියවිල්ලෙහි පිටසන් කරනු ලැබේ.
  • ආපසු එන මැණික් පාර්සල් පරීක්ෂාව සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය වෙත යවනු ලැබේ.  පරීක්ෂාවෙන් පසුව ප්‍රති-ආනයනය සඳහා කාර්නේ ලියවිල්ල පිටසන් කිරීම කරනු ලැබේ.


කාර්නේ බලපත්‍ර නිකුත් කරන්නේ කවුරුන් ද?

අන්තර්ජාතික වාණිජ මණ්ඩලය(ICC) විසින් ATA කාර්නේ
බලපත්‍ර නිකුත් කරනු ලැබේ.  වැඩි විස්තර සහ අයදුම්පත් සඳහා පිවිසෙන්න.
https://www.iccsrilanka.com/downloads.html


තවද, විශේෂ තැම්පතු හා බැංකු ඇපකර යටතේ ද තාවකාලිකව භාණ්ඩ ආනයනය කළ හැකි ය.

වැඩි විස්තර සඳහා
ශ්‍රී ලංකා රේගුව හා සම්බන්ධ වන්න.

https://www.customs.gov.lk/


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty