The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - TIEP1
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - TIEP1

PDF Print Email

                                     මුදල් අමාත්‍යාංශය
                           ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - TIEP1
අපනයන පිරි සැකසුම සඳහා තාවකාලික ආනයන භාණ්ඩ නිෂ්කාශණය


ආනයන නිෂ්කාශනය

අපනයනය සඳහා වන භාණ්ඩ නිෂ්පාදනයට, එකලස් කිරීමට හා පිරි සැකසුමට අවශ්‍යම භාණ්ඩ කොන්දේසිවලට යටත්ව තීරු බදු රහිතව ආනයනය කළ හැක.

TIEP1 (අපනයන පිරිසැකසුම සඳහා තාවකාලික ආනයනය)

  • අපනයනකරුවනට/නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකින් තරඟකාරීව ලෝක වෙළඳ පොලට භාණ්ඩ නිපදවීමට පහසුකම් සපයන ක්‍රමයකි.
  • සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තරුවනට නිෂ්පාදන කාර්යක්ෂමතාව නංවාගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීමට දිරි දේ.
  • රේගු බැඳුම්කර ගුදම්වල තැම්පත් කිරීමකින් තොරව නිෂ්පාදකයින්ට තම ආනයනික යෙදවුම් ලබාගැනීමට පහසුව ලැබේ.


මෙම ක්‍රමය භාවිතා කළ හැක්කේ කාට ද?

ඍජු අපනයනකරුවන්
අපනයනය වෙළඳ පොල සඳහා භාණ්ඩ නිපදවන්නන්.


වක්‍ර අපනයනකරුවන්
අපනයනය සඳහා භාණ්ඩ නිපදවන්නන් සඳහා යෙදවුම් ලෙස භාණ්ඩ නිපදවන්නන්.

  • මෙම ක්‍රමය භාවිතා කොට අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්, තීරු බදු ප්‍රතිදාන ක්‍රමවේදය, නිෂ්පාදන බැඳුනු ගුදම් ක්‍රමය හෝ වෙනත් එවැනි තාවකාලික ආනයන ක්‍රම යටතේ යෙදවුම් ආනයනය නොකළ යුතු යි.

 

වක්‍ර  අපනයනකරුවන් පහත දැක්වෙන ඍජු අපනයනකරුවන් වෙත භාණ්ඩ සැපයිය හැක.

  • රේගු අනුමත බැඳුනු ගුදම්කරුවන්
  • TIEP සහතිකලාභීන්
  • ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමත ආයතන (ආයෝජන කලාප තුල/පිටත)
  • රේගුවේ අනුමත ආයෝජන පහසුකම් මධ්‍යස්ථාන සේවාලාභී ආයතන



ආනයනය කළ හැකි යෙදවුම්

  • අපනයන භාණ්ඩයේ අන්තර්ගත වන අමුද්‍රව්‍ය කොටස් හා උපාංග
  • අපනයන භාණ්ඩය එකලස් කිරීමට අවශ්‍ය කොටස්
  • උත්ප්‍රේරණ හා රසායන ද්‍රව්‍යවැනි පාරිභෝගික ද්‍රව්‍ය
  • ලේබල්, ස්ටිකර් හා ටැග් වැනි ඇසුරුම් සඳහා වන නිමි භාණ්ඩ
  • ඉහත සඳහන් ඇසුරුම් උපකරණ නිපදවීම සඳහා වන යෙදවුම්
  • අපනයන පත්‍රිකා හා භාණ්ඩ නාමාවලි


ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (TIEP1.)
  • ව්‍යාපෘති වාර්තාව
  • VAT ලියාපදිංචි සහතිකය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (Form 65)
  • සංගමයේ සංස්ථා පත්‍රය
  • පරිවර්තන ප්‍රතිශතය, අපත ප්‍රතිශතය ගණනය කිරීමට අවශ්‍ය දත්ත (මෙය කර්මාන්ත අමාත්‍යාංශයෙන් හෝ අදාල රේඛීය අධිකාරියෙන් අනුමත කර තිබිය යුතු යි.)
  • අනෙකුත් අදාල අනුමැතීන්  (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය වැනි)

අපනයනය සඳහා තාවකාලික ආනයන ක්‍රම (TIEP1) සෑම ලියාපදිංචියක්ම වාර්ෂිකව අළුත් කළ යුතු යි.


තීරු බදු වගකීම් සඳහා සුරක්ෂා

යහපත් පූර්ව වාර්තාවක් සහිත අපනයනකරුවන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරු හා අනෙකුත් බදු ප්‍රමාන වෙනුවෙන් සුරක්ෂිතයක් ලෙස පුද්ගලික බැඳුම්කරයක් හෝ ආයතනික බැඳුම්කරයක් ඉල්ලා සිටිනු ලැබිය හැක. 

කෙසේ වුවත්, 100% දක්වා වන බැංකු ඇපකරයක් ඉල්ලා සිටීමේ අයිතය රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත පවතී.


වගකීම් අවසන් කිරීම

  1. ඍජු අපනයනකරුවන් අපනයන රේගු සටහන්කර ඉදිරිපත් කිරීමෙන්.
  2. වක්‍ර අපනයනකරුවන් පහත ලියවිලි ඉදිරිපත් කිරීමෙන්.
  • කලාප තුල පිහිටි BOI ආයතන හෝ TIEP ආයතන සඳහා සැපයූ බඩු වෙනුවෙන් භාණ්ඩ ලදු පත්‍රය (GRN.)
  • කලාපවලින් පිටත පිහිටි BOI ආයතන හා INFAC ආයතන සඳහා සැපයූ භාණ්ඩ වෙනුවෙන් භාණ්ඩ ලදු පත්‍ර GRN හා VAT ඉන්වොයිස් පත්‍ර.
  • භාවිතා නොකරන ලද යෙදවුම් හා නිමි භාණ්ඩ දේශීය වෙළඳ පොලට නිකුත් කිරීමේ දී තීරුබදු ගෙවීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ අවසරය ලබාගත යුතු යි.



වැඩිදුර විස්තර

අපනයනය සඳහා වන තාවකාලික ආනයන ක්‍රමය රේගු ආඥා පනතේ 22ඒ වගන්තිය යටතේ නිකුත් කළ 1998.11.11 දින හා අංක 1053/11 දරණ රජයේ ගැසට් පත්‍රයේ විධිවිධාන අනුව පාලනය වේ.


TIEP1 ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සඳහා පොදු උපදෙස්

  1. විශේෂයෙන් අන් යමක් සඳහන් කර නොමැත්තේ නම් TIEP1 ක්‍රමය යටතේ ලියාපදිංචිය වසරක කාලයකට වලංගු වේ.  නියමිත ගාස්තු ගෙවා කල්වේලා ඇතිව  ලියාපදිංචිය අළුත් කිරීම සඳහා අයදුම් කළ යුතු යි.  භාණ්ඩ තොග හා ලේඛන, රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසු සතුටුදායකව ක්‍රියාත්මක වී ඇත්නම් ලියාපදිංචිය අළුත් කිරීමට ඉඩ ලබාදේ.  ලියාපදිංචිය අළුත් කරනු ලබන්නේ, මුලින් අනුමැතිය ලබාගත් භාණ්ඩ සඳහාම නම්, රේඛීය අධිකාරිවල අනුමැතිය ලබාගැනීම අවශ්‍ය  නොවේ.
  2. ඔබට අනුමැතිය ලබාදුන් භාණ්ඩ, ඔබ ප්‍රකාශ කළ වර්ගීකරණ අංක යටතේ ආනයනය කිරීමට අවසර ලැබේ.  වෙනත් භාණ්ඩ ආනයනයට හෝ අපනයනයට අවශ්‍ය  වන්නේ නම්, ඒ සඳහා වෙනම අනුමැතිය ලබාගත යුතු යි.
  3. ඔබ විසින් ආනයනය කළ යෙදවුම් අපනයන කටයුතු සඳහාම හෝ රේගුවේ බැඳුම්කර අංශයේ ලියාපදිංචි වී ඇති අපනයනකරුවනට ඍජු අපනයනකරුවනට සැපයීම සඳහා පමණක් අවසර ලැබේ.
  4. රේගු බදු ප්‍රමාණ සුරක්ෂා ලෙස වසරක කාලයකට බලපවත්වන බැංකු ඇපකරයක් ඔබ විසින් රේගුවට ලබාදිය යුතු වේ.  කල් ඉකුත්වීමට මසකට පෙර එය අළුත් කිරීම ඔබ සතු වගකීමකි.
  5. රේගුවේ පූර්ව අනුමැතිය නොලබා, අනුමැතිය ලැබූ භාණ්ඩ හා සමාන දෑ සඳහා වෙනත් අපනයන පහසුකම් ක්‍රමයක් යටතේ ක්‍රියාත්මකවීමට හෝ වෙනත් ගනුදෙනුවක යෙදීමට TIEP1 ලියාපදිංචි ආයතනයක් ලෙස ඔබට අවසර නොලැබේ.
  6. ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට, තොරතුරු ලබාගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝජිතයන් දවසේ ඕනෑම වෙලාවක කර්මාන්තශාලාවට හෝ බඩු ගබඩාවකට හෝ වෙනත් තැනකට පැමිණිය හැකි අතර, ඔවුනට පහසුකම් ඔබ විසින් සැපයිය යුතුය.
  7. පහසුවෙන් හඳුනාගත හැකි, ගනන් බැලිය හැකි හා පරීක්ෂා කළ හැකිවන පරදි සුදුසු අයුරින් ආනයනික යෙදවුම් ගබඩා කර තැබිය යුතුය. 
  8. රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරන පරදි, භාවිතා නොකරන ලද යෙදවුම් ඔබ විසින් ප්‍රති අපනයනය කළ යුතුය.



TIEP1 ලියාපදිංචිය

01. 100% අපනයනය කරන භාණ්ඩ පමණක් ලියාපදිංචි කරන්න.
02. අවශ්‍ය කරන ලියකියවිලි

  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත  (TIEP1) තෙපිටපතකින්
  • ව්‍යාපෘති වාර්තාව
  • VAT ලියාපදිංචියේ සහතිකය
  • ව්‍යාපාර නාම ලියාපදිංචිය (Form 65)
  • සමාගම් ප්‍රකාශනය (සංස්ථා පත්රලය)
  • පරිවර්තන ප්‍රතිශතය, අපත ප්‍රතිශතය ගණනය කිරීමට අවශ්‍ය දත්ත (මෙය කර්මාන්ත අමාත්‍යාංශයේ හෝ අදාල රේඛීය අධිකාරියෙන් අනුමත කර තිබිය යුතු ය.)
  • අනෙකුත් අදාල අනුමැතීන් (තේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය වැනි)
  • ඉල්ලීම් ලිපිය
  • අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලිපිය
  • අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් හා ඡායාස්ථ පිටපත්(අපනයනය සඳහා තාවකාලික ආනයන ක්‍රම (TIEP1) සෑම ලියාපදිංචියක්ම වාර්ෂිකව අළුත් කළ යුතු යි.)


03. තොතුරු ලේඛනය පිළියෙල කළයුතු වේ
04. ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 3,000/-
05. ඉල්ලීමේ ලිපියේ පිටපත් දෙකක් රේගු සරප් වෙතින් ගෙවීම් සහතික කරවා ගන්න
06. TIEP1 ලේඛනයේ ලියාපදිංචි ගොනු අංක ලබාගැනීම (අධ්‍යක්ෂ/අයිතිකරු විසින්)
07. ගිවිසුම අත්සන් කිරීම
08. TIEP1 ලියාපදිංචි ලේඛනය
09. රේගු අධිකාරී විසින් සහතික කිරීම
10. වලංගු කාලය එක් වසරකි



TIEP1 අළුත් කිරීම

  1. ඉල්ලීමේ ලිපිය
  2. පද්ධති විගණන වාර්තාව රේගු අධ්‍යක්ෂ විසින් ලබාදීම
  3. අළුත් කිරීමේ ගාස්තු 2,000/- වසරකට
  4. අළුත් කිරීමේ ගාස්තු 4,000/- වසරකට(OE)
  5. පද්ධති විගණන වාර්තාව නියෝජ්ය, රේගු අධ්‍යක්ෂ වෙතට
  6. බැඳුම්කර විමර්ශන අංශයේ වාර්තාව
  7. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂගේ නිර්දේශය
  8. TIEP1 ලේඛනය යාවත්කාලීන කිරීම
  9. රේගු අධිකාරීගේ අනුමැතිය

 


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty