The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - TIEP IV
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - TIEP IV

PDF Print Email

                                      මුදල් අමාත්‍යාංශය
                            ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා තාක්ෂණය - (අපනයන සැකසුම සඳහා තාවකාලික ආනයනය -TIEP IV)

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර අපනයනය කිරීම සඳහා ආනයනය කරන ලද ප්‍රාග්ධන භාණ්ඩ හා අතරමැදි භාණ්ඩ සඳහා අයවිය යුතු බදු සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිදහස් කිරීමට මෙම ක්‍රමය යටතේ අවසර ලැබේ.

01. බදුවලින් නිදහස් වීම සඳහා මෙම ක්‍රමය යටතේ සුදුසු වන ප්‍රාග්ධන හා අතරමැදි භාණ්ඩ

  • නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම යොදවන ප්‍රාග්ධන භාණ්ඩ
  • යන්ත්‍ර සූත්‍ර
  • උපකරණ/බඩු බාහිරාදිය
  • උපාංග


02. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය යැයි සැලකෙන අතරමැදි භාණ්ඩ

  • උපකරණ
  • යෙදවුම් උපකරණ
  • වායු සමීකරණ, පරිගණක, විදුලි උත්පාදක වැනි සහායක උපකරණ


03. වෙනත් අත්‍යාවශ්‍ය උපකරණ
04. ව්‍යාපෘති යන්ත්‍රෝපකරණ සඳහා අමතර කොටස්
05. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනයට ගැනෙන ප්‍රවාහන හා මෙහෙයුම් උපකරණ, විශේෂයෙන්ම කම්හල් පරිශ්‍රය හා නිෂ්පාදනය වන උපකරණ
06. කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වන අභිජනන පරම්පරාවන්



පහසුකම ලබාගත හැක්කේ කාට ද?

  • ඍජු අපනයනකරුවන්  - අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්
  • වක්‍ර අපනයනකරුවන්  - ආනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් කර්මාන්ත සඳහා භාවිතා කිරීමට භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්.



ලබාදෙන පහසුකම්

මෙම ක්‍රමය යටතේ ලබාදෙන තීරුබදු හා වෙනත් බදු සහන

  1. තමන්ගේ නිෂ්පාදනයන්ගෙන් 50% ක් හෝ ඊට වඩා අපනයනය කරන අපනයනකරුවන්ට හා තමන්ගේ නිෂ්පාදනයන්ගෙන් 50% ක් හෝ ඊට වඩා ඍජු අපනයනකරුවන්ට සපයන වක්‍ර අපනයනකරුවන්ට 100% ක බදු සහන හිමි වේ.
  2. තමන්ගේ නිෂ්පාදනයන් හෝ 25% හෝ ඊට වඩා ඍජු අපනයනකරුවන්ට සපයන වක්‍ර අපනයනකරුවන්ට 50% ක බදු සහන හිමි වේ.
  • තම නිෂ්පාදන සඳහා අවශ්‍ය භාණ්ඩ සඳහා තීරුබදු සහන හිමිකම ඇති ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් ආයතනවලට නිෂ්පාදන සපයන සැපයුම් ද අපනයනයන් ලෙස සැලකේ.



අනුමැතිය සඳහා ක්‍රියාපිළිවෙල

  • ඍජු අපනයනකරුවන් හෝ වක්‍ර අපනයනකරුවන් නියමිත TIEP IV අයදුම්පතක් මගින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත අයදුම් කළ යුතු ය.
  • අයදුම්පත්, කර්මාන්ත හා සේවා අංශයේ අපනයන පහසුකම් සැපයීමේ ඒකකයෙන් ලබාගත හැකිය.



ලියාපදිංචි වීම සඳහා අත්‍යාවශ්‍ය ලියවිලි

  • නිසිලෙස සම්පූර්ණ කරන ලද TIEP4 අයදුම්පත පිටපත් තුනකින්
  • ඉල්ලුම් කිරීමේ ලිපිය
  • ව්‍යාපෘති වාර්තාව
  • අපනයන සංවර්ධන මණ්ඩල ලියාපදිංචිය
  • VAT සහතිකය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • 48 පෝරමය
  • අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් පිටපත්
  • වෙනත් අත්‍යාවශ්‍ය අනුමැතීන් අවශ්‍යනම්



අනුමැතිය ලබාදෙන ආකාර

  • අනුමත දිනයේ සිට වසරක කාලයකට ලබාදෙන සාමාන්‍ය අනුමැතිය
  • එක් එක් ආනයනයන් සඳහා වෙන වෙනම ලබාදෙන අනුමැතිය. ආනයනයන් සඳහා වෙන වෙනම ඉල්ලුම් කළ යුතු ය.


සුරැකුම්

  • බැංකු ඇප/සුරැකුම්වල වටිනාකම ගෙවිය යුතු තීරුබදු හා වෙනත් බදුවල VAT බද්ද රහිතව) සම්පූර්ණ වටිනාකමට සමාන වේ.
  • TIEP පහසුකම ඇතතන්, රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කර ඇති පරිදි වසරක ක්‍රියාකාරිත්වයකින් පසුව රේගුව වෙත පුද්ගලික/ඒකාබද්ධ බැංකු ඇපකරයක් සැපයිය යුතු ය.
  • ප්‍රථම වතාවට ආනයනයක් කරන TIEP පහසුකම ඇති අය විසින් 100% ක බැංකු ඇපකරයක් ලබාදිය යුතු ය.
  • වසර 03 කට වඩා අඩු කාලයක් තුල යහපත් ඉතිහාස වාර්තා ඇති TIEP IVපහසුකම් ඇත්තන් 25% ක බැංකු ඇපයක් හා 75% ක පුද්ගලික ඇපයක් තැබිය යුතු ය.
  • වසර 05 කට වඩා වැඩි කාලයක් තුල යහපත් ඉත්හාස වාර්තා ඇති TIEP IV පහසුකම් ඇති ආයතනවලට 100% ක පුද්ගලික ඇපයක් හෝ ඒකාබද්ධ ඇපයක් ඉල්ලුම් කළ හැකි ය.

    * සියළුම ඇපකරයන් වසරක කාලයකට පමණක් වලංගු වේ.


ඇපකර නිදහස් කිරීම

නිෂ්පාදනය ආරම්භ කළ දිනයේ සිට වසරක කාලය අවසානයේ දී, පිළිගත් විගමන නිලධාරියෙකු විසින් සහතික කරන ලද නිෂ්පාදනයන් හා අපනයනයන් පිළිබඳව හා හෝ අපනයනකරුවන්ට භාණ්ඩ සැපයීම පිළිබඳව ප්‍රකාශයක්  රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.  මෙය TIEP V පෝර්මයේ පිටපත් තුනකින් ඉදිරිපත් කළ යුතු ය.

ඇපකර නිදහස් කිරීමෙන් පසුව, පහසුකම දරන්නා විසින් මෙම ක්‍රමය යටතේ අපනයනය කරන ලද භාණ්ඩ, විකිණීමෙන්, කුලියට දීමෙන්, බද්දට දීමෙන්, අපහරණය කිරීමෙන් හෝ වෙන යම් කටයුත්තක් සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාට කලින් දැනුම්දීමෙන් තොරව සිදු නොකරන බවට ලිඛිතව රේගු අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:19
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty