The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     සේවක අර්ථසාධක අරමුදලින් 30% පුර්ව ප්රිතිලාභ ගෙවීම.
සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

  • නිවාස කාර්යයක් හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම.
    • දැනට සේවයේ නියුක්ත වීම.
    • වසර 10 කට නොඅඩු කාලයක් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවා තිබීම.
    • සාමාජික ගිණුමේ බැරට රුපියල් ලක්ෂ 03 කට නොඅඩු මුදලක් තිබීම.
  • සේවක අර්ථසාධක අරමුදල් ඇපයට තබා නිවාස ණය ලබා ගැනීම.
    • සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් තැන්පත් කරන සාමාජිකයන්ගේ දැනට පවත්නා ශේෂයෙන් 75% ක් ද,
    • අරමුදලට දායක මුදල් බැර නොකරන සාමාජිකයින් හට ශේෂයෙන් 50% ක් ද වශයෙන් නිවාස කටයුතු  සඳහා ලබා ගත හැකියි.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

  • 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නම් ප්‍රධාන කාර්යාලයේ 05 වන මහලේ 30% ගෙවීම් අංශයෙන් හෝ සියලුම කලාප කම්කරු කාර්යාල මඟින් මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ අයදුම්පත සම්පූර්ණ කර ලබා දීමෙන් අදාල අයදුම්පත ලබා ගත හැක.
  • 75% නිවාස ණය අයදුම්පත්‍රය ප්‍රධාන කාර්යාලයේ බිම්මහලේ ඇති කවුලුවෙන් හෝ සෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයක් මඟින් ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

  • 30% පූර්ව ප්‍රතිලාභ අයදුම්පත සඳහා ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.
  • 75% නිවාස ණය අයදුම්පතක මිල රු. 40/= කි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

  • 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමකදී සම්පූර්ණ කරන ලද අයදුම්පත සාමාජිකයා පදිංචි ප්‍රදේශය අයත් කලාප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.
  • 75% නිවාස ණය ලබා ගැනීමකදී නම් සම්පූර්ණ කරන ලද අයදුම්පත පදිංචි ප්‍රදේශය අයත් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

  • 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමකදී ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අනුව සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03 ක් ඇතුළත
  • 75% නිවාස ණය ලබා ගැනීමකදී නම් සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 06ක් ඇතුළත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමකදී,

අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත හා ඉල්ලුම් කරනු ලබන හේතූවට අදාලව උපදෙස් පත්‍රිකාව මඟින් ඉල්ලා ඇති අනෙකුත් ලේඛණ (අදාල අනෙකුත් ලේඛණ සම්බන්ධයෙන් අයදුම්පත ලබා දෙන අවස්ථාවේදී සටහන් කර දෙනු ඇත)

  • 75% නිවාස ණය ලබා ගැනීමකදී,

සම්පූර්ණ කරන ලද අදාල අයදුම්පත්‍රය හා ඉල්ලුම් කරනු ලබන හේතූවට අදාලව උපදෙස් පත්‍රිකාව මඟින් ඉල්ලා ඇති අනෙකුත් ලේඛණ (අදාල අනෙකුත් ලේඛණ සම්බන්ධයෙන්  දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මඟින් තොරතුර ලබා ගත හැක)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

සහකාර කම්කරු කොමසාරිස්

ජේ.ඒ.එම්.ඕ. විජයරත්න මිය

30% ගෙවීම් අංශය

011-2368350

011-2368251

011-2368252

011-2368349


ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:38:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty