The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් එක් දිනකින්පැවරීමේදී අවශ්‍ය ලියවිලි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් එක් දිනකින්පැවරීමේදී අවශ්‍ය ලියවිලි

PDF Print Email

01.    MTA 6 (පැවරුම් නිවේදන 2)
02.    MTA 8 (අයදුම්පත)
03.    වාහනයේ ලියාපදිංචි සහතිකය (Original CR)
04.    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
05.    පැවරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත මුල් පිටපත සමඟ, පැවරුම්කරුගේ ජාතික හැදුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතසමඟ පැවරුමට විරුද්ධත්වයක් නොමැති බවට ප්‍රකාශිත ලිපිය (මෙම ලිපිය හා හැදුනුම්පතේ ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ප්‍රදේශයේ සාමවිනිසුරුවරයෙකු / දිවුරුම් කොමසාරිස්වරයෙකු / නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)
06.    අයදුම් කරන දිනට මාස 06ක් තුළ ලබාගත් සෙ.මී. 3.5 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළුසුදු ඡායරූප 2ක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සාමවිනිසුරුවරයෙකු හෝ මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායා රූපයක පසුපිටේ සහතික කළ යුතුය.)
07.    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය. සී/ස සමාගමක් හෝ පොදු සමාගමක් නම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු (නම තනතුර සහිතව) අත්සන් කළ පැවරුම සනාථ කිරීමේ ලිපිය, අධ්‍යක්‍ෂක මණ්ඩල නාම ලේඛනය සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ සමාගමක් බවට ලියාපදිංචි කර ඇති ලිපිය
08.    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
09.    සුඛෝපභෝගී බදු ඇත්නම් ඒවා ගෙවූ රිසිට්පත් වල මුල් පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්

    බලපත්‍ර යටතේ ආනයනය / දේශීයව මිලදී ගනු ලබන මෝටර් රථයක් වෙනත් අයකුට පැවරීමේදී පිරිවැය, රක්‍ෂණ හා නැව් ගාස්තු වටිනාකමින් 10%ක මුදලක් පැවරුම්ලාභියාගෙන් අය කිරීම 2014 මාර්තු 26 වන දින සිට සිදු කරනු ලබයි.

    ලියාපදිංචි සහතිකය එදිනම ප.ව. 2.00 පසු පැවරුම්ලාභියා වෙත පමණක් නිකුත් කරනු ලැබේ.
 


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:33
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty