The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කොරියානු රාජ්‍යයේ විදේශ රැකියා සදහා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කොරියානු රාජ්‍යයේ විදේශ රැකියා සදහා

PDF Print Email

බඳවාගැනීම් අංශය

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දෙරට අතර පවතින අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා සුදුසු අපේක්ෂකයින් ‍තෝරා ගැනීම .

ක්‍රියාත්මක ස්ථානය    : ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
  අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,  කොස්වත්ත, බත්තරමුල්ල.
  දුරකථන අංක 011-2880500/ 011-2864124 -  ඊ මේල් - chmn@slbfe.lk

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී     - 011-2872124
කළමනාකරු            - 011-2864124

බඳවා ගැනීම් අංශයේ සේවාවන්

  •     කොරියානු රැකියා අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීම.
  •     කොරියානු භාෂා පරීක්ෂණය සමත් වූ අපේක්ෂකයින්ගේ තොරතුරු රැකියා බලපත් ක්‍රමය යටතේ ලියාපදිංචි කිරීම.
  •     රැකියාලාභීන් විදේශගත කිරීම හා කොරියාව බලා පිටත්වූ ශ්‍රමිකයන්ගේ  සුභසාධන කටයුතු සිදු කිරිම.


කොරියානු රැකියාවක් සදහා ඉල්ලුම් කිරිමේ සුදුසුකම්

  •    ඉල්ලුම්කරුවන්  වයස අවුරුදු 18 -39 අතර නිරෝගි පුද්ගලයින්  විය යුතුය.
  •    අයදුම්කරුවන් සිරගතවිමක් හෝ බරපතල දඩුවමකට ලක්වි නොසිටිම.
  •    අයදුම්කරුවන් කොරියානු  ජනරජයෙන්  පිටුවහල්  කිරිමේ  හෝ පිටත්වීමේ  නියෝග  වාර්තාවක් නොතිබිය යුතුය.
  •    කොරියා‍වේ නීතිවිරෝධි ලෙස එකදිනක් හෝ රැදි නොසිටිම
  •    අයදුම් කරැවන් ශ්‍රී ලංකාවෙන් පිටත්විමේ තහනමකට ලක්නොකොට සිටිම


කොරියානු විභාග අයදුම්පත්‍ර ලබාගැනීම

කොරියානු විභාගය සදහා  ප්‍රවේශපත්‍ර  නිකුත් කරන දිනයන් හා  විභාගය පවත්වන දිනයන් හා ස්ථානයන්   විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් මගින්  හා කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලබන අතර මෙම දිනයන් තීරණය කරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගිනි.
විභාග ප්‍රතිපල ද  කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලැබේ.

විභාගය සදහා පෙනි සිටිමට රැගෙන යායුතු දෑ

  •   විභාග ප්‍රවේශ පත්‍රය
  •   විදේශ ගමන් බලපත්‍රය


විභාග ගාස්තු
ඇමරිකානු ඩොලර් 24 කි. විභාගය සදහා ඉල්ලුම් කරන දිනට  අදාල විනිමය අනුපාතිකයට අනුව දේශිය මුදලින් ගෙවිය යුතුය.

විභාග අයදුම්පත්‍ර ලබාගැනීමට උපදෙස්

  •     දැනටවලංගු ගමන් බලපත්‍රය හා එහි පිටපතක්    (80% ප්‍රමාණයට කුඩා කරගන්න)
  •     විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය වසර 1 ½ ක් විය   යුතුය.
  •     ඔබ ලංකාවට පැමිණීමේදී භාවිතා කරන ලද ගමන් බලපත්‍රයේ පිටපතක් - ලංකාවෙන් පිටත් වු දිනය හා නැවත ලංකාවට පැමිණි දිනය ඇතුළත් පිටු සහිතව
  •     සෙ.මී.3.5 X 4.5 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක්(  අනිවාර්යෙන්ම මාස 03 ක් ඇතුළත ලබාගත් ඡායාරූප විය යුතුය)
  •     අයදුම්පත්ගාස්තුව -  ඇමරිකානු ඩොලරයේ අගය අනුව කලින් කලට වෙනස් වේ.


සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛණ

  1.     ගමන් බලපත්‍රය හා එහි පිටපතක් (ගමන් බලපත්‍රය වසර 02 කට වැඩි කාලයක් වලංගු විය යුතු අතර වෙනස් කිරිම් ඇත්නම් එම පිටු සහිතව)
  2.     ජාතික හැදුනුම්පත හා එහි පිටපතක්
  3.     උප්පැන්න සහතිකය හා එහි පිටපතක්
  4.     ලබාගෙන ඇති ඉහළම අධ්‍යාපන සහතිකය හා එහි පිටපතක්
  5.     ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ග්‍රාම නිළධාරි සහතිකය හා එහි පිටපතක්
  6.     ගමන් බලපත්‍ර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්-( ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේදී  ඉදිරිපත් කළ ඡායාරූපයම විය යුතුය.)
  7.     විවාහක නම්, විවාහ සහතිකය හා එහි පිටපතක්-( ග්‍රාම නිළධාරි විසින් සහතික කරන ලද)
  8.     ඔබ නමින් ඇති ඉතිරිකිරිමේ බැංකු  ගිණුම් පොත හා එහි පිටපතක්-( නම,බැංකුව,බැංකු ශාඛාව හා ගිණුම් අංකය සහිතව)
  9.     විභාග ප්‍රවේශ පත්‍රය යේ ඔබ වෙත ලබා දී ඇති ඡායාරූප සහිත කොටස
  •     ඔබ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වු දිනට පසු දිනම වෛදය පරීක්ෂණය සඳහා යොමු කරන අතර ඒ සඳහා රු.7500.00 ක පමණ මුදලක් අවශ්‍ය  වේ.
  •     පොලිස් නිෂ්කාෂණ වාර්තා ලබාගැනීම සඳහා රු.500.00 ක මුදලක් අවශ්‍ය වේ.


සේවා ගිවිසුම අත්සන් කිරිමට රැගෙන ආයුතු ලේඛන

  1.     ගමන් බලපත්‍රය හා එහි පිටපත්  08 -(ගමන් බලපත්‍රය වසර 02 කට වැඩි කාලයක් වලංගු විය යුතු අතර වෙනස් කිරිම් ඇත්නම් එම පිටු සහිතව)
  2.     ජාතික හැදුනුම්පත හා එහි පිටපත් 04
  3.     ඔබ නමින් ඇති ඉතිරිකිරිමේ බැංකු  ගිණුම් පොත හා එහි පිටපත් - 02-(නම,බැංකුව,බැංකු ශාඛාව හා ගිණුම් අංකය සහිතව)
  4.     පුහුණු  ගාස්තු - රු. 20000.00
  5.     වීසා ගාස්තු -    රු. 9000.00


සේවා ගිවිසුම අත්සන් කල පසු ලිපිගොණුව සම්පූර්ණ කිරිම සදහා අවශ්ය  ලේඛන

  •    කාර්යාංශ ලියාපදිංචි ගාස්තුව -  රු 17837.00
  •    ඇපබැදුම්කරය
  •    ග්‍රාමසේවා සහතිකය
  •    ඇපකරුවන් ලෙස පෙනි සිවින අයගේ වැටුප් වාර්තාහා සේවා සහතික
  •    විවාහක කාන්තාවක් නම් පවුල් පසුබිම් වාර්තාව
  •    බදවා ගැනිමේ ගාස්තුව
  •    වෛද්ය පරීක්ෂණ වාර්තාව
  •    පොලිස් වාර්තාව



කොරියානු රටට විදේශ ගත වන ඔබ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු සහ රැගෙන යා යුතු දෑ

  •    කොණ්ඩය (Note -2) සහ රැවුල කපා පිළිවෙළකට සිටිය යුතුය.
  •    තනි සුදු අත් (දිග / කොට) කොළරය සහිත ටී ෂර්ටය,  නිල්පාට ඩෙනිම් කලිසම සහ සපත්තු  (Deck Shoes) ඇඳ සිටිය  යුතුය.
  •    විදේශ ගතවන දිනයේ දී  අනිවාර්යයෙන්ම  දැනුම් දෙන ලද වේලාවටම  කාර්යාංශයට පැමිණිය යුතුය.
  •    කොරියානු රටට ගිය පසු දින 03 පුහුණුවක් පැවැත්වෙන අතර, ඒ සඳහා කළු කලිසම් 02 ක්  සහ සුදු පැහැති අත් කොට  කමිස 02 ක් අනිවාර්යයෙන්ම රැගෙන යායුතුය.
  •    විදේශ ගතවීමේ දී රැගෙන යාමට හැකි උපරිම බර 27 Kg කි.  එය ප්‍රධාන බෑගය (Main Luggage) 20 Kg  ක් හා අතේ ගෙන යාහැකි බෑගය 7 Kg   (Hand Luggage) ගුවන් ටිකට් පතෙහි සඳහන් වේ.
  •    සුදු පසුබිම සහිත පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරෑප 4 ක් රැගෙන යා යුතුය.
  •    අවම වශයෙන් ලංකා මුදලින් රුපියල් 30,000.00 ක් (ඇ.ඩො. 150 – 200 ක්) රැගෙන යා යුතුය.
  •    තමාගේ නමින් ඇති ඉතිරි කිරීමේ  බැංකු ගිණුමක පිටපතක් රැගෙන යා යුතුය. එහි විදේශීය බැංකු ගිණුම් අංකය (Swift Code) එම බැංකුවට අදාළව සටහන් කර ගත යුතුය.
  •    බෙහෙත් වර්ග රැගෙන යන්නේ නම් වෛද්යවරයෙකුගේ නිර්දේශය ඇතිව රැගෙන යා යුතුය. (Prescription)
  •    වීදේශ ගතවන සියළුම රැකියාලාභින් කොරියාවේ දී වෛද්ය පරීක්ෂණයකට යොමු කරනු ලබන බැවින් ගුවන්යානය තුල දී  මත්පැන් පාවිච්චි නො කළයුතුය.
  •    කොරියාවේ රැඳී සිටින්නන් හට ලංකාවේ ඥාතීන් විසින් රැගෙන යාමට ලබා දෙනු ලබන පාර්සල්හි ඇති ද්‍රව්‍ය පිළිබඳව තමන් සෑහීමකට පත්වීය යුතු අතර, අඩංගු දෑ පිළිබඳ දැනුවත් විය යුතුය. (ඒ පිළිබඳව සියළු වගකීම් ඔබ විසින් දැරිය යුතුය.)
  •    විදේශ ගතවන  දින අනන්‍යතා සහතිකය නැවත කාර්යාංශ නිළධාරියෙකුට භාර දිය යුතුය.
  •    එසේම කොරියානු රජයේ ආගමන නීතිය අනුව එළවළු වර්ග සහ පලතුරු වර්ග එරට තුලට රැගෙන යා නොහැක. එබැවින්  ඔබ එවැනි ද්‍රව්‍ය  ගමන් මල්ල තුල රැගෙන නොයායුතුය. (පිසින ලද ආහාර සඳහා මෙය අදාළ නොවේ.)
  •    ඉන්චොන් ගුවන් තොටුපලේදී(ද.කොරියාව)  ඔබ විසින් තම ගමන් බලපත්‍රයට අමතරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආගමන හා විගමන පත්‍රිකාව හා  රේගු නිෂ්කාශණ පෝර්මය නිවැරදි  ආකාරයට  පිරවිය යුතුය. එම පත්‍රිකා ඉන්චොන් ගුවන් තොටුපලේදී ඔබට ලබාගත හැක.
  •    ඉන්චොන් ගුවන් තොටුපලේදී (ද.කොරියාව) ඔබව භාර ගැනීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරී මහත්මියක් හෝ මහත්මයෙකු හා කොරියානු මානව සම්පත් ආයතනයේ නිළධාරියෙකු පැමිණෙනු ඇත.

සැළකිය යුතුයි.

  •    දෙවන වර විදේශ ගතවන්නන් හට (Re - Entry) දින 03 පුහුණුව හා අනන්‍යතා සහතිකය අදාල නොවන අතර, එම  කරුණු හැර ඉහතින් සඳහන් කර ඇති උපදෙස් හා කරුණු සියල්ල ඒ ආකාරයෙන් ම පිළිපැඳිය යුතු බව මෙයින් දන්වමි.



රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනිම අනිවාර්ය වේ.


 


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


එම්. එස්. විතානපතිරණ මහත්මිය
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-12-11 06:00:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty