The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සමිති
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමිති ලියාපදිංචි කිරීම

PDF Print Email

සමිති ලියාපදිංචි කිරීම (1891 අංක 16 දරණ සමිති ආඥාපනත)

6. සේවා අංක - 06

6.1. සුදුසුකම්
සමිතියක් ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් සාමාජිකයන් 8 දෙනෙකු සිටිය යුතුය.
සමාදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කළ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
සමිතියක් ආරම්භ කිරීමට රු.10,000/= ක අවම ශේෂයක් බැංකු ගිණුමෙහි තිබිය යුතුය.
යෝජිත සමිති නාමයට “සීමාසහිත” සහ “සමිතිය” යන වචන අන්තර්ගත කළ යුතුය.
 
6.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන‚ ඉදිරිපත් කළ යුතු ස්ථානය‚ කවුන්ටරය හා වේලාවන්)
 
6.2.1. ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන
දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයෙන්.
 
6.2..2. ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ඉල්ලුම්පත්‍රය නොමිලයේ සැපයේ.
 
6.2.3. ඉදිරිපත් කළ යුතු වේලාවන්
අයදුම්පත්‍ර පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැකි අතර භාරදෙන ලේඛන මුදල් ගෙවීමකින් තොරව විෂය නිලධාරිණිය / නිලධාරියා වෙත පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා භාර දිය හැකිය.
 
6.2.4. සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රු. 3‚000 + 15% VAT
 
6.3. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා - සති 2 ක් පමණ
ප්‍රමුඛ සේවා - නොමැත
 
6.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
සමාදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කරන ලද පිළිගත් ආකෘති පත්‍රයේ දිවුරුම් ප්‍රකාශ 8.
ව්‍යවස්ථා පිටපත් 2.
සමිතියේ නමින් විවෘතකර ඇති බැංකු ගිණුමට අදාළ බැංකු කළමනාකරු විසින් සහතික කළ බැංකු ශේෂ තහවුරු ලිපිය.
නිලධාරි මණ්ඩලයේ නම, තනතුර, පුද්ගලික ලිපිනය, දුරකථන අංකය සඳහන් නාම ලේඛනය.
සාමාජික නාම ලේඛනය.
 
6.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
 
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් තරංග පණ්ඩිත සුන්දර සමාගම් “ඩී” අංශය 0112689206 0112684442 assistantregistrar4@drc.gov.lk

 
 
 
 
 
 
 
 
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් තරංග පණ්ඩිත සුන්දර සමාගම් “ඩී” අංශය 0112689206 0112684442 assistantregistrar4@drc.gov.lk
 
6.6. ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
විශේෂයෙන් බලයලත් සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය අනුමැතිය ලබා ගත යුතුය.
සමිතියේ නමට “සීමාසහිත” සහ “සමිතිය” යන වචන දෙකෙන් එකක් හෝ නොමැති නම් ඒ අවස්ථාවේදී ද අමාත්‍ය අනුමැතියට යැවිය යුතුය.
යම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකට සම්බන්ධයක් ඇතිව එම ආයතනයේ නම ද ඇතුළත් වන නමකින් සමිතියක් ලියාපදිංචි වීමට අයදුම් කරන විටෙක අදාළ ආයතනය, තම නම භාවිතා කර සමිතියක් ලියාපදිංචි කිරීමට විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ඉදිරිපත් කළ යුතුය. 
 
6.7. ඉල්ලුම්පත් ආකෘතිය
ඇමුණුම් l දක්වා ඇත.
 
6.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ඇමුණුම් ll දක්වා ඇත.

ආයතනයේ තොරතුරු

Department of Registrar of Companies (Under Construction)

"Samagam Medura",
No. 400,
D R Wijewardena Mawatha,
Colombo 10.


Mrs. P.P.S.Harshanie
දුරකථන:+94-11-2689208 / +94-11-2689209
ෆැක්ස් අංක:+94-11-2689211
විද්‍යුත් තැපෑල:registrar@drc.gov.lk
වෙබ් අඩවිය: www.drc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:28:21
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 292
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty