The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ ව්‍යවහාර මුදල් පිළිබඳ ප්‍රකාශන සීමා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ ව්‍යවහාර මුදල් පිළිබඳ ප්‍රකාශන සීමා

PDF Print Email

මුදල් අමාත්‍යාංශය


                        ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

විදේශ ව්‍යවහාර මුදල් පිළිබඳ ප්‍රකාශන සීමා

1.       ඕනෑම පුද්ගලයෙකුට විදේශ මුදල්වලින් ඕනෑම ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට රැගෙන ආ හැකිය.  එම මුදල් ප්‍රමාණය බැංකු අණකර හෝ ව්‍යවහාර මුදල් නෝට්ටු ආකාරයකින් විය හැකිය.  එසේ වුවත්, එම මුළු මුදල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 15,000 ඉක්මවන්නේ නම්, එම මුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශයක් කළ යුතුය. 

2.      තවද, කිසියම් පුද්ගලයෙකු ඉහත (1) මගින් රැගෙන ආ මුදල්වලින් ඇ.එ.ජ.ඩො. 5,000 කට වැඩි ප්‍රමාණයක මුදල් නෝට්ටුවලින් ආපසු ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමට බලාපොරොත්තු වන්නේ නම්, එම මුදල ඇ.එ.ජ.ඩො. 15,000 ට අඩු වුවද, රට තුළට අදාළ පුද්ගලයා විසින් තමා රැගෙන ආ සියළුම මුදල් පිළිබඳ ප්‍රකාශයක් රේගුවට ඉදිරිපත් කළ යුතුය.  

3.       ඕනෑම පුද්ගලයෙකුට රේගුවට ප්‍රකාශ නොකර, තමා විසින් නීත්‍යානුකූලව ලබාගත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10,000 දක්වා ප්‍රමාණයක විදේශ ව්‍යවහාර මුදල් ඕනෑම ස්වරූපයකින් ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා හැකිය.  එසේ වුවද, නෝට්ටු ආකාරයෙන් ගෙන යන විදේශ මුදල් ප්‍රමාණයේ මුළු වටිනාකම ඇ.එ.ජ.ඩො. 5,000 ඉක්මවන්නේ නම්, එවැනි අවස්ථාවලදී ද එකී පුද්ගලයා විසින් රැගෙන යන සියළුම මුදල් ප්‍රමාණයන් සම්බන්ධව රේගුවට ප්‍රකාශ කළ යුතුය.     

4.        ඕනෑම පුද්ගලයෙකුට තම සේවා නියුක්තිය තුළින්,  වෘත්තියකින් හෝ විදේශ ව්‍යාපාරයකින් උපයාගත් විදේශ ව්‍යවහාර මුදල් ඕනෑම ප්‍රමාණයක් ඉහත (1) පරිදි රේගුවට ප්‍රකාශ කොට ශ්‍රී ලංකාවට රැගෙන ආ හැක.  එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය නොකොට දින 90 ක් තමා සන්තකයේ තබාගත හැකිය.    

5.       යම් පුද්ගලයෙක් විදේශ සංචාරයක් සඳහා වාණිජ බැංකුවකින්, අවසරලත් සංචාරක නියෝජිතයෙකුගෙන් හෝ අවසරලත් මුදල් හුවමාරු කරන්නෙකුගෙන් ලබාගත් විදේශ ව්‍යවහාර මුදල්වලින් භාවිතා නොකළ විදේශ ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය නොකොට  දින 90 ක් තමා සන්තකයේ තබාගත හැකිය. 

6.        ඕනෑම පුද්ගලයෙක් ඉහත (4) සහ (5) පරිදි රඳවා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් පසුව සිදු කරනු ලබන විදේශ සංචාරවලදී ද අවසරලත් ගණුදෙනු සඳහා අවසර දී ඇති කාලපරිච්ඡේදයක් සඳහා   භාවිතා කළ හැකිය. 

7.        විදේශ චාරිකාවක් නිමවා පැමිණි ඕනෑම පුද්ගලයෙකුට කාලසීමාවකින් තොරව තමා විදේශ චාරිකාව සඳහා මිල දී ගත් හෝ  ශ්‍රී ලංකාවෙන් පිටත දී උපයා ගත්  විදේශ ව්‍යාවහාර මුදල්වලින් ඇ.එ.ජ.ඩොලර් 2,000 ක් දක්වා ප්‍රමාණයක් ඉදිරි විදේශ සංචාරයක දී භාවිතා කිරීම සඳහා සීමාවකින් තොරව තමා වෙත රඳවා ගතක හැකිය.

ඇමරිකා එක්සත් ජනපද ඩොලර්වලින් ඉහතින් සඳහන් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයන් සමාන වෙනත් පරිවර්තනය කළ හැකි විදේශ ව්‍යවහාර මුදල්වලින් ද විය හැක. 

 


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty