The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන අලූත් මෝටර් රථ ලියාපදිංචිකිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     M.T.A. 2_example     C.M.T. 130_example     C.M.T. 72_example     M.T.A. 3_example     C.M.T. 65_example     M.T.A. 7_example     M.T.A 2     C.M.T.130     M.T.A 3     C.M.T 72     C.M.T 65     M.T.A.7     C.M.T 75
අලූත් මෝටර් රථ ලියාපදිංචිකිරිම.

PDF Print Email

පියවර 1: අයදුම්කරුවන් පහත සඳහන් ස්ථානයන් ගෙන් එකක් වෙතින් ඉල්ලූම්පත්‍ර ඵඕ 3( M.T.A 3 ), ලබාගනී.

  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
  • අදාල දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)

පියවර 2: ලියාපදිංචි කිරීමේ අංශයේ කොමසාරිස් වෙත යොමුකර අයදුම්කරු පහත දැක්වෙන  කාර්යාලයක් වෙත සම්පූර්ණකරන ලද ඉල්ලූම්පත්‍රයක් ඉදිරිපත්කරයි.

  • කොළඹ පිහිටි ප්‍රධෘන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
  • අදාල දිස්ත්‍රික් කාර්යාලය (සාමාන්‍ය සේවා)

පියවර 3: අයදුම්කරු බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගනී
පියවර 4: අයදුම්කරු පහත දැක්වෙන ස්ථානයක කවුන්ටරයක් වෙත වවුචරය ඉදිරිපත් කරයි.

  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
  • අදාල දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)

පියවර 5: රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ධ සඳහා දෙපාර්ථමේන්තුව අනුමැතිය නිකුත් කරයි.
පියවර 6: අයදුම්කරු මාර්ග බද්ධ හා රක්ෂණ ඔප්පුව රක්ෂණ සමාගම වෙතින් ලබාගනී.
පියවර 7: අයදුම්කරු රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ධ පහත දැක්වෙන ස්ථානයක් වෙත ඉදිරිපත් කරයි.

  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
  • අදාල දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)

පියවර 8: ඉදිරිපත්කර ඇති ලියකියවිලි වල නිරවද්‍යතාවය දෙපාර්තමේන්තුව පරික්ෂා කර බලයි
පියවර 9: දෙපාර්තමේන්තුව නව ලයාපදිංචි කිරීමේ කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය යවයි.
පියවර 10: දෙපාර්තමේන්තුව වාහන හැදුනුම් කාඩ් පත නිකුත් කරයි.
පියවර 11: දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අංක තහඩු නිකුත්කරයි.

අයදුම් කරු විසින් ඉදිරිපත් කරඇති අයදුම්පත්‍ර දෝශ සහිත ඒවා බවට සොයාගෙන තිබේනම්.
ලියාපදිංචිය සදහා ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරයි. අයදුම්කරු විසින් අදාල සියළුම ලියකියවිලි නැවත ඉදිරිපත් කල යුතුය.


සුදුසුකම්.

ලියාපදිංචි කල හැකි අදාල වාහන මේවාය.

  1. කාර්
  2. ලොරි
  3. මෝටර් කෝච්
  4. ත්‍රිරෝද රථ
  5. ඉඩම් වාහන
  6. යතුරු පැදි ත්‍රී රෝද රථ ආදිය

නිෂ්පාදනය එන්ඡින් අංකය චැසි අංකය.වර්‍ණය ධාරිතාව. ආසන ධාරිතාව අදී සියලූ තොරතුරු ඇතුලත් රේගු ලියවිලි මෝටර් වාහනය සදහා ඉරිපත් කල යුතුය.

සටහන
ඉහත සඳහන් කොන්දේසි සපුරාලීමට අපොහොසත්වන අයදුම් කරුවන් මෙම සේවාව ලබා ගැනීමට නොසුදුස් වේ.
අළුත් මෝටර් රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් විකිනීම සඳහා ආනයනයකර ඇත්නම් එය ලියා පදිංචි කිරීම කල නොහැක. ඔහුට/ඇයට එම වාහනය ලියාපදිංචි කල හැකි වන්නේ එය නොවිකුණව තිබේනම් හා එය මහා මාර්ගයේ පාවිච්චි නොකරන්නේ නම් පමණි.


ඉදිරිපත් කිරීමේ ක්‍රියා වලිය
මෙය පහත දැක්වෙන පරිදි ලියාපදිංචි කල පුද්ගලයා විසින් සියළු අදාල ලියකියවිලි සමඟ ඉල්ලූම්පත්‍රය මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව ලයාපදිංචි කිරීමේ අංශය වෙත භාරදිය යුතුය.
ලියාපදිංචියට අදාල ගෙවීම් බැංකුව වෙත ගෙවා එම ගෙවීම් වවුචරයද මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව ලයාපදිංචි කිරිමේ අංශය වෙත භාරදිය යුතුය.
නව ලයාපදිංචි  කිරීමේ අංශය විසින් අනුමැතිය නිකුත් කලාට පසුව රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ද ලබා ගැනීමට ලියාපදිංචි කරන පුද්ගලයාට හැකි වනු ඇත.
මෝටර් රථවාහන දෙපාර්ථමේන්තුවෙහි නව ලියාපදිංචි කිරීමේ අංශය මුල් ලියාපදිංචියේ දී වාහන හුදුනුම්පත නිකුත් කරයි. එය බද්ධ හා රක්ෂණ ඔප්පු ලියැකියවිලි ලබා ගැනීමට පසුව වාහන හැදුනුම් කාඩ්පත නිකුත්කෙරේ.

වාහන හැදුනුම් පත් අංකය භාවිතා කරමින් වාහන අංක තහඩුව ලබාගැනීමට ලියාපදිංචි කරන පුද්ගලයාට හැකි වනු ඇත.

සටහන 1: බලපත්‍ර ලබා ගැනීම පහසුකරණය සඳහා මෙම සේවාව පහත දැක්වෙන කාර්යාල වලදීද ලබාගත හැක.

  • සියළුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
  • කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)


ඉල්ලම් පත්‍ර ආකෘති

  • මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලම් පත්‍ර M.T.A 2
  • මෝටර් රථවාහනයක බර සහතික කිරීමේ ඉල්ලූම් පත්‍රය C.M.T.130
  • මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලූම්පත්‍රය (විදේශීය රටක පාවිච්චි කරන ලද වාහනයක් ආනයනය කර ඇතිනම්)
  • මෝටර් වාහනය පිළිබද කුලී සින්න ගිවිසුමක් පිළීබඳ ප්‍රකාශය ඵඕ 3 ( M.T.A 3 )(වාහන හිමිකරු වෙනත් අයෙකු වෙත වාහනය කුලියට දී ඇත්නම්.)
  • බල පත්‍රනිකුත්කරන නිළධාරියා වෙනස් වීම/ ලියාපදිංචි සහතිකයෙහි අනෙකුත් විස්තර වෙනස්වීම C.M.T 72  (ලියාපදිංචි සහතිකයෙහි බලපත්‍ර නිකුත්කරන නිළධාරියා හා අනෙකුත් විස්තර වෙනස් කිරීමට ඇත්නම්)
  • ලියාපදිංචි සහතිකයෙහි අනු පිටපතක් ඉල්ලීම ක්ඵඔ65 ( C.M.T 65 ) ( ලියිපදිංචි සහතිකය නැති වීම/පලූදුවීම/විනාශ වීම සිදුව ඇත්නම්)
  • ලියාපදිංචි හිමිකරු මිය යෑම හේතුකරගෙන මෝටර් රථය ලියාපදිංචි කිරීමට ඉල්ලූම් කිරීම ඵඕඔ (ලියාපදිංචි හිමිකරුගේ ඇවෑමෙන් පසුව ලියාපදිංචිය පැවරීම.)


කාල නියමයන්

ක්‍රියාදාම කාලනියමයන්

එක්දින
අයදුම්කරු සිය ඉල්ලූම් පත්‍රය හා සනාත කරන ලියකියවිලි නව ලියාදපිචි කිරීමේ අංශයේ එක් දින කවුන්ටරය වෙත එක් දිනක් තුල ඉදිරිපත් කරන්නේනම් ඔහු/ඇය හට සිය වාහන හැදුනුම් කාඩ් පත හා ලියාපදිංචි සහතිකය එම දිනය තුල දීම ලබාගත හැක.

සාමාන්‍ය
අයදුම්කරු සිය ඉල්ලූම් පත්‍රය හා සනාත කරන ලියකියවිලි මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ නව ලියාපදිංචි කිරීමේ අංශයේ සාමාන්‍ය කවුන්ටරය වෙත ඉදිරිපත්කල විට වාහන හැදුනුම්පත් කාඩ් පත එවෙලේම ලබාගත හැක. ලියාපදිංචි කල සහතිකය මාස 2ක් ඇතුලත දී තැපැල් මඟින් එවනුලැබේ.

සටහන: සාමාන්‍ය ක්‍රියා දාමය සදහා ඉල්ලූම්පත්‍ර ලියාපදිංචි කල තැපෑල මඟින්ද එවිය හැක.


ඉදිරිපත් කිරීමේ කාලය


ඉල්ලූම්පත්‍රය ලබාගැනීම හා  ඉදිරිපත් කිරීම සදහා

වැඩකරන දින සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ.ව. 9.30 - 3.30 (සාමාන්‍ය)
කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ.ව. 9.30 - 3.30 (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියළුම රජයේ හා වෙලද නිවාඩු දිනයන්

සටහන:  එක්දින ක්‍රියාදාම අයැදුම්කරුවන්ට ඉල්ලූම්පත ඉදිරිපත් කළ දිනයෙහිම ප:ව: 3.30 ට පසුව සිය වාහන හැඳුණුම් කාඩ්පත හා ලියාපදිංචි සහතිකය ලබාගත හැක.


වලංගු කාල නියමයන්

වාහන හැඳුණුම් කාඩ්පත එක් අවුරුද්දක් සඳහා වලංගු වේ.
ලියාපදිංචි සහතිකය සදාකල් වලංගුය. එහෙත් බර වාහන පිළිබඳව නම් එම ලියාපදිංචිය වලංගු වන්නේ අවුරුදු 3 ක කාලයක් සඳහා පමණකි.


සේවාවන්ට අදාල මිළ ගණන්

ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම   :   ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.


ගාස්තු

වාහනයේ ස්වභාවය  ලියාපදිංචි කිරීම 
සාමාන්‍ය ප්‍රමුබතා (එක් දින)
 මෝටර් රථ     Rs. 3550.00  Rs. 4250.00
 ද්වි කාර්ය වාහන  Rs. 3350.00  Rs. 4050.00
 මෝටර් ලොරි  Rs. 3350.00  Rs. 4050.00
 බස් රථ  Rs. 1950  Rs. 4050.00
 ගොඩබිම් වාහන  Rs. 2050.00  -
 ට්‍රැක්ටර් ට්‍රේලර්  Rs. 2075.00  -
 ත්‍රීරෝද රථ  Rs. 1400.00  Rs. 2175.00*
 මෝටර් බයිසිකල්    Rs. 1475.00

 

ෂීර්ශය අය කරන ගාස්තුව පළාත් සභාව වෙත
මධ්‍යම රජය වෙත
ලියාපදිංචි සහතිකයේ විස්තර සංශෝධනය Rs.100.00   - Rs.100.00 
ලියාපදිංචි සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනීමට Rs.150.00   - Rs.100.00 
තාවකාලික හිමිකරුවෙකු ලියාපදිංචි කිරීම Rs. 100.00  - Rs. 100.00 
වාහනයක් අපනයනය කිරීම සඳහා අවසරය Rs. 100.00  - Rs. 100.00 
කොන්දොස්තරවරුන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම Rs. 100.00  - Rs.100.00
නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (පළමුවර) Rs. 700.00    - Rs. 700.00
නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (දෙවන වර) Rs. 350.00   -  Rs. 350.00 
නිත්‍ය හිමිකම අවලංගු කිරීම Rs. 150.00   - Rs. 150.00 
උකසක් ලියාපදිංචි කිරීම Rs. 100.00   - Rs. 100.00 
උකසක් අවලංගු කිරීම Rs. 100.00    - Rs. 100.00  


බර පිළිබඳ සහතික නිකුත් කිරීම

  1. මෝටර් බයිසිකල්
  2. වෙනත්

 

Rs.75.00

Rs.250.00

 -

 

Rs.75.00

Rs. 250.00

 සටහන: ඉහත සඳහන් ගාස්තුවලට පරීක්ෂණ ගාස්තුද ඇතුලත් වේ. ඉහත දැක්වෙන ගාස්තු බැංකුවක් වෙත ගෙවා, එම බැංකු ගෙවිමේ වවුචරයද ඉල්ලූම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.


වන්දි

ප්‍රමාද ගෙවීම සඳහා මෝටර් බයිසිකල් සඳහා දඩ මුදල  : රු. 600.00
රාජ් අංක නොමැති සියළුම වාහන සඳහා දඩ මුදල      : රු. 600.00


අධිභාර

ලියාපදිංචි සහතිකයෙහි කිසියම් වෙනසක් කිරීමට තිබේ නම් රු.150.00ක මුදලක් ගෙවා, එම වවුචරයද නව ලියාපදිංචි කිරීමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.
හිමිකරුට කිසියම් නිශ්චිත අංකයක් (ඔහු කැමති) අංක තහඩුව සඳහා අවශ්‍ය වේ නම්, ඒ සඳහා රු.7500.00 ක මුදලක් නව ලියාපදිංචි කිරීම් කවුන්ටරයෙහිදී ගෙවා අංක තහඩුව ලබා ගැනීම සඳහා එම වවුචරයද ඉදිරිපත් කළ යුතුය.


අවශ්‍ය සනාථ කරන ලියවිලි

1. හිමිකරුගේ 2 21/2  ප්‍රමාණයේ ඡායාරූප 2ක්, ඉන් එකක පිටුපස ග්‍රාම නිලධාරි හෝ ආනයනකරු විසින් සටහන් යෙදිය යුතුය. හිමිකරු පෞද්ගලිකවම ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන්නේ නම්, සිය හැඳුණුම්පත අධීක්ෂණ නිලධාරි වෙත ඉදිරිපත් කළ පසු ඔහු විසින් ජායාරූපය පිටුපස අවශ්‍ය සටහන් තබනු ඇත.
2. හිමිකරුගේ හැඳුණුම්පතෙහි/රියැදුරු බලපත්‍රයෙහි/පාස්පෝට් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
3. රේගු නිශ්කාෂණ ලියවිලි.
4. රේගු බදු ගෙවීමට අදාල කුවිතාන්සියෙහි මුල් පිටපත.
5. අළුත්ම වාහනයක් පිළිබඳව නම් අදාල ඉන්වොයිස් පත්‍රය.
6. පාවිච්චි කළ වාහනයක් නම් විදේශීය ලියාපදිංචි සහතිකය. (ඉංග්‍රීසි අනුවාදය සමග)

  • ආනයන බලපත්‍රයක් යටතේ වාහනය ආනයනය කර ඇත් නම්, එම ආනයන බලපත්‍රය
  • නව ලියාපදිංචිය සමග නිත්‍ය හිමිකම ලියාපදිංචිය සඳහා ඵඕ 3 ආකෘති පත්‍රය.
  • රේගුව හෝ ආරක්ෂක හමුදා විසින් පවත්වනු ලැබූ වෙන්දේසියකදී මිලට වාහනයක් නම් අදාල බලධාරීන් විසින් නිකුත් කරන ලද ලිපිය හා ගෙවීම් කුවිතාන්සි.

7. මෝටර් රථ වාහන පරික්ෂකයකු විසින් නිකුත් කරන ලද පරීක්ෂණ සහතිකයක් : C.M.T 75
   
(මෝටර් සයිකල් සම්බන්ධව, බර සහතිකය වෙනුවට මෝටර් රථ වාහන පරීක්ෂක විසින් චැසිය හා එන්ජින් අංක පරීක්ෂාකර බලා සහතික කරනු ඇත.)


සේවා වගකීම් නියමයන්

පදවිය
නම
අංශය
ලිපිනය
දුරකථනය
නියෝජ්‍ය කොමසාරිස් ඇම්.ආර්.රාජපක්ෂ මහතා නව ලියාපදිංචි කිරීම් අංශය 581/341,ඇල්විටිගල මාවත,කොළඹ 05 +94-11-2692994
සහකාර කොමසාරිස් ප්‍රදීප් රත්නායක මහතා නව ලියාපදිංචි කිරීම් අංශය 581/341,ඇල්විටිගල මාවත,කොළඹ 05 +94-11-5363592

විශේෂ අවස්ථා
1. විදේශ රටවල පුරවැසියන්ගේ අංක තහඩු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අංක තහඩු හා වෙනස් වේ.
2. සුනාමි රළ පහර හේතු කොටගෙන සිය ලියාපදිංචි සහතික නැති වූ / පලූදු වූ පුද්ගලයන් වෙත මාස 3 කට වලංගු ලියාපදිංචි සහතික අනුපිටපත් නිකුත් කෙරේ.

ආදර්ශ දත්තයන් ඇතුලත් සාම්පල් ආකෘතිය
Form “M.T.A. 2_example
Form “C.M.T. 130_example
Form”C.M.T. 72_example
Form “M.T.A. 3_example
Form “C.M.T. 65_example
Form “M.T.A. 7_example


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:51
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty