The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ස්ථිර බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
පසුගිය වසර 3 ට අදාල ඖෂධ ආනයනික ඉදිරිපත් කල යුතුය.

සටහන:අයදුම්කරු බලපත්‍ර කොන්දේසි කඩ කිරීමේ තත්ත්වය යටතේ ස්ථිර බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කෙරේ.

අවශ්‍ය අමතර ලිය කියවිලි
ඉල්ලීම් ලිපිය
ආනයන ඉතිහාසය පෙන්වීම සදහා වන ලියවිල්ල

ඉදිරිපත් කිරීමේ පිළිවෙල
මුදල් ගෙවීම් කිරීම
කවුන්ටරය - මුදල් අයකැමි
කවුන්ටරය - 1 වැනි අංශය
අයදුම්පත්‍ර - මෙම සේවය සදහා අයදුම්පත් නොමැත. ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කල යුතුය.
 

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ස්ථිර බලපත්‍රය සදහා අයදුම්කරු ඉල්ලීම් ලිපිය 1 ඒකකයට ඉදිරිපත් කිරීම.
පියවර 02: ඒකක 1 මගින් පසුගිය වසර 3 න තුල ආනයන පිළිබඳ විස්තර පරික්ෂා කර බැලීම.
පියවර 03: ඒකක 1 මගින් ඉල්ලීම සහකාර පාලක වෙත යොමු කිරීම.
පියවර 04: සහකාර පාලන ඉල්ලීම අනුමත කිරීම.
පියවර 05: කුවිතාන්සියේ වටිනාකමින් 0.1 % ගාස්තුවක් බලපත්‍ර ගාස්තු ලෙස අය කිරීම.
පියවර 06: ඒකක 1 මගින් ස්ථිර බලපත්‍රය නිකුත් කිරීම.

සටහන
: සහකාර පාලන පසුගිය වසර 3 තුල ආනයන පිළිබද සෑහීමකට පත් නොවන්නේ නම් අයදුමිකරැගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය
දවසක් ඇතුලත

ඉදිරිපත් කිරිමේ කාල සීමාව
ගෙවීම් කිරීම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.30
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත ඉදිරිපත් කිරීම.  
කවුන්ටරය - 1 ඒකකය
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය : මෙම ආනයන බලපත්‍රය වසර 1 ක කාලයක් වලංගු වේ.

සේවා සදහා අදාල මිළ ගණන්
මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අය නොකෙරේ.
ගාස්තු: බලපත්‍ර ගාස්තු - ඉන්වොයිසියේ වටිනාකමින් 0.1%.
දඩ: බලපත්‍ර නීති රීති උල්ලංඝනය වී ඇත්නම් අතිරේක බලපත්‍ර ගාස්තුවක් අය කෙරේ.
අවස්ථාව අනුව දඩ වෙනස් වේ.
සටහනඃ  බලපත්‍ර නොමැතිව බඩු ආනයනය කර ඇති විට අතිරේක ගාස්තුවක් අය
කෙරේ.

අධිභාර
මෙම සේවය සදහා අමතර ගාස්තු නොමැත.
විශේෂ අවස්ථා
භාණ්ඩ ලබා ගැනීමේ බලපත්‍ර නොමැතිව ආනයන සිදු කර ඇතිනම් භාණ්ඩ ලබා ගැනීමේ බලපත්‍රය අතිරේක බලපත්‍ර ගාස්තුවත් සමග නිකුත් කෙරේ. භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍රය ලබා ගැනීමට පහත ලියවිලි අවශ්‍යය.

  •     පාරිභෝගික ලියවිලි     ඉන්වොයිස් හා ඉන්ඩෙන්ට් 04 පැගින්
  •     පැහැදිලි කිරිමේ ලියවිලි
  •     අදාල අධිකාරිය මගින් නිකුත් කරන ලද අනුමත ලිපිය

 

සේවා පිළිගත් අධිකාරිය
බටහිර ඖෂධ සුවඳ විලවුන් උපාංග සහ සහ ඖෂධ පාලන අධිකාරිය ( සෞඛ්‍ය
අමාත්‍යංශය)
පශු වෛද්‍ය ඖෂධ පේරාදෙනිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
හෝමියෝපති ඖෂද  ශ්‍රී ලංකා හෝමියෝපති සභාව
ආයුර්වේද ඖෂද  ආයුර්වේද දෙපාර්තමේන්තුව
ශල්‍යකර්ම උපකරණ සුවඳ විලවුන් උපාංග සහ සහ ඖෂධ පාලන අධිකාරිය (‌සෞඛ්‍ය අමාත්‍යංශය) සහ
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

 

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ආර්.පී. මොහාන් විජේරත්න මහතා
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:56
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 217
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty