The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බලපත්‍ර යටතේ ආනයනය කර ඇති භාණ්ඩ හර කිරීම

PDF Print Email

සුදුසුකම්

  • අයදුම්කරු සතුව වලංගු කාල සීමාවක් සහිතව වලංගු බලපත්‍රයක් හා වලංගු තොරතුරු තිබිය යුතුය.
  • අයදුම්කරු බලපත්‍ර කොන්දේසි වලට යටත් විය යුතුය.

අවශ්‍ය අමතර ලිය කියවිලි

  • නෞභාර පත්‍ර
  • කුවිතාන්සි - ඉන්වොයිසි
  • ප්‍රකාශන කිරිමේ ආකෘති
  • බැංකු ලියවිලි
  • ආනයන ලියවිලි

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ගෙවීම් කිරීම: කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත් , ඉල්ලීම් ලිපිය හා ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 1
අයදුම්පත්‍ර: මෙම සේවයට අයදුම්පත් නොමැත. අමතර ලිය කියවිලි ඒකක 1 වෙත ඉදිරිපත් කල යුතුය.

ක්‍රියාපටිපාටිය පියවරින් පියවර
පියවර 01: අයදුම්කරු සියළුම අවශ්‍ය උපකාරක ලිය කියවිලි ඉදිරිපත් කිරීම.
පියවර 02: බලපත්‍ර විස්තර සමග අවශ්‍ය උපකාරක ලියවිලි ඒකක 1 මගින් පරීක්ෂා කිරීම.
පියවර 03: අයදුම්කරු බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කර ඇත්නමි, සහ පාලකගේ අනුමැතිය සමග බලපත්‍රයේ සදහන් ආනයන භාණ්ඩ හර කෙරේ.
පියවර 04: අයදුම්කරුට හර කිරීමේ ලියවිලි ලබා දේ. එක් පිටපතක් කාර්යාල ප්‍රයෝජනය සදහා දෙපාර්තමේන්තුව තබා ගනී.
සටහන
අයදුම්කරු බලපත්‍ර කොන්දේසි වලට අනුව කටයුතු කර නොමැති නම්, සහකාර පාලක විසින් අමතර බලපත්‍ර ගාස්තු අය කෙරේ.
කිසියම් හේතුවක් මත, ආනයන වටිනාකම, බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම් ආනයන/ අපනයන පාලකගේ අනුමැතිය සමග අමතර ගාස්තු අයදුම්කරුගෙන් අය කෙරේ.
ආනයන කාල පරිච්ඡේදය බලපත්‍ර වලංග්‍ර කාල පරිච්ඡේදය සමග නොගැලපේ නම් අයදුම්කරු බලපත්‍ර සංශෝධන සදහා ඉල්ලීම් ලිපියක් මගින් ඉල්ලීම් කල යුතුය.
ආනයන භාණ්ඩ බලපත්‍ර භාණ්ඩ සමග නොගැලපෙන විට බලපත්‍රය සංශෝධනය කර ලබා ගත යුතුයි.
 

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය: දවසක් ඇතුලත
ඉදිරිපත් කිරිමේ කාල සීමාව
ගෙවීම් කිරීම: කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.30
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත්, ඉල්ලීම් ලිපි සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - 1 ඒකකය
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාල සීමාව
වලංග්‍ර බලපත්‍ර කාලපරිච්ඡේදය ඇතුළත  අයදුම්කරුට භාණ්ඩ හර කළ හැක.

සේවා සදහා අදාල මිළ ගණන්
මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අය නොකෙරේ.
ගාස්තු: ගාස්තු අය කරනු නොලැබේ.
අතිරේක ගාස්ත්‍ර: බලපත්‍ර කොන්දේසි කඩකර ඇත්නමි වරදකරුගෙන් අතිරේක ගාස්ත්‍ර අය කෙරේ.  දඩ අවස්ථාව අනුව විවිධ වෙනස් වන මෙම  අතිරේක ගාස්ත්‍ර ප්‍රමාණය  සහකාර පාලක විසින් දඩ ප්‍රමාණය තීරණය කෙරේ.
සටහනඃ බලපත්‍ර නොමැතිව බඩු ආනයනය කර ඇති විට දඩ අය කෙරේ.
 

අධිභාර
ඉන්වොයිසියේ වටිනාකම බලපත්‍ර වටිනාකම ඉක්මවයි නම්, දෙපාර්තමේන්තුව විසින් ඉක්මවූ ප්‍රමාණය සඳහා හිඟ බලපත්‍ර ගාස්තු අය කෙරේ.
සටහන 1

  • බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් ප්‍රමාද වීමට සාධාරණ හේතු දක්වා ලිපියක් ඉදිරිපත් කිරීම හා එහි වලංගු කාලය දිර්ග කර ගැනීම.
  • ඉන්වොයිස් වටිනාකම බලපත්‍ර වටිනාකම  ඉක්මවයි නම්, බලපත්‍ර වටිනාකම වැඩි කර ගැනීම සදහා අයදුමිපතක් ඉදිරිපත් කළ යුත්‍රය
     

විශේෂ අවස්ථා
භාණ්ඩ ආනයනය කිරීම බලපත්‍ර නොමැතිව ආනයන කර ඇතිනම් දඩ සමග භාණ්ඩ ලබා ගැනීමේ බලපත්‍ර නිකුත් කෙරේ. භාණ්ඩ ලබා ගැනීමේ බලපත්‍රය ලබා ගැනීමට පහත දැක්වෙන ලියවිලි අවශ්‍යය.

  1. පාරිභෝගික ලියවිලි
  2. හේතු පැහැදිලි කිරීමේ ලියවිලි
  3. අදාල අධිකාරියේ අනුමත කල ලිපිය

ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:20
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty