The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර නොමිලේ වෙළද සාම්පල් ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නොමිලේ වෙළද සාම්පල් ආනයනය සදහා බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

අවශ්‍ය අමතර ලිය කියවිලි

  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • කුවිතාන්සි පිටපත් 4
  • අදාල අධිකාරියෙන් ලබා ගත් අනුමැතිය ලද ලිපිය
ආනයන වර්ගය
ටෙන්ඩර් ආදර්ශය පරීක්ෂා කිරීමේ ආදර්ශය

 

ප්‍රවර්ධන ආදර්ශය
 

බටහිර ඖෂද රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාව ආලේප හා ඖෂද අධිකාරිය සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය
පශු වෛද්‍ය ඖෂද   - පේරාදෙනිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය
හෝමියොපති ඖෂද   - ශ්‍රී ලංකා හෝමියෝපති සභාව සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය
 
ආයුර්වේද ඖෂද  - ආයුර්වේද දෙපාර්තමේන්තුව සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය
ශල්‍යකර්ම උපකරණ  - ශල්‍යකර්ම උපකරණ     ආලේප හා ඖෂද අධිකාරිය (‌සෞඛ්‍ය අමාත්‍යංශය) සහ
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය (සෞඛ්‍ය අමාත්‍යංශය) (සත්ත්ව නිෂ්පාදන සහ ඖෂධ දෙපාර්තමේන්තුව

 

අයදුම්පත් සහ ලියවිලි භාර ගැනීම.
කවුන්ටරය - 01 ඒකකය

ගෙවීම් කිරිම

කවුන්ටරය - මුදල් අයකැමි

අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරීම
කවුන්ටරය - 01 ඒකකය
අයදුම් පත්‍ර: ආනයන සහ අපනයන (පාලන) පනත් අංක 1/1969 නිදහස් වෙළද ආදර්ශ ආනයන සදහා බලපත්‍ර අයදුම්පත.

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ඒකක 1 හි (ඖෂධ) මුලික ලිපිකරුගෙන් අදාල අයදුම්පත ලබා ගත යුතුය.
පියවර 02: අයදුම්පත සම්පුර්ණ කර අයදුම්පත් වල පිටපත් 4 ක් සහ ඉන්වොයිස් පිටපත් 4ක් අදාල ලිය කියවිලිත් සමඟ ඉදිරිපත් කල යුතුය
පියවර 03: ඒකක 1 විසින් අයදුම්පත් සහ අදාල ලිය කියවිලි පරික්ෂා කර බලයි.
පියවර 04: බලපත්‍ර ඉල්ලීම අනුමැතිය සදහා ආනයන/ ආපනයන පාලක වෙත යොමු කරයි.
පියවර 05: ආනයන/ අපනයන පාලක විසින් සාමිපල නොමිලේ ආනයනය කිරීමෙි බලපත්‍ර ඉල්ලීම අනුමත කරයි.
පියවර 06: අයදුම්කරු බලපත්‍ර ගාස්තු  ලෙස  ඉන්වොයස් අගයෙන් 0.1%  අයකැමිට ගෙවිය යුතුය.
පියවර 07: ඒකක 01 පරිඝණකය ආධාරයෙන් ආනයන බලපත්‍රය සකස්කර සහකාර පාලකගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.
පියවර 08: සහකාර පාලක අනුමත කර අත්සන තැබීම.
පියවර 09: බලපත්‍ර පිටපත් 3 කි අයදුම්කරුට හා  බැංකුවට ලබා දී එකක් දෙපාර්තමේන්තුව විසින් තබා ගනී.
සටහන 01: ඉදිරිපත් කල තොරතුරු නිවැරදි නොවූ විට, අයදුම්කරු නිවැරදි හා අඩු වූ තොරතුරු ඒකක 1 ට ඉදිරිපත් කල යුතුය.
    සහකාර පාලක ඉල්ලීම අනුමත නොකරයි නම් අයදුම්කරු විසින් නිවැරදි තොරතුරු සැපයිය යුතුය.

කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය: එක් දිනක් තුලදී
ඉදිරිපත් කිරීමේ කාල සීමාව
අයදුම්පත් හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 01
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරීම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය : මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.

සේවාව සදහා අදාල මිළ ගණන්
මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අදාල නොවේ.
ගාස්තු : බලපත්‍ර ගාස්තු - ඉන්වොයිස් වටිනාකමෙන් 0.1%.
අතිරේක ගාස්ත්‍ර: බලපත්‍ර කොන්දේසි වලට අනුව වරදකරුට අතිරේක ගාස්ත්‍ර අය කෙරේ. එම ගාස්ත්‍ර අවස්ථාව අනුව වෙනස් වේ.

අධිභාර

මෙම සේවාව සඳහා අමතර ගාස්තු නොමැත.

විශේෂ අවස්ථා
අයදුම්කරු බලපත්‍ර නොමැතිව ආදර්ශ ආනයන කර ඇත්නම් සහ සහකාර පාලක අමතර අගයක් අය කරන අතර භාණ්ඩ ආනයනය කිරීමේ බලපත්‍රය නිකුත් කරනු ලබයි. බලපත්‍රය ලබා ගැනීම සදහා පහත දැක්වෙන ලිය කියවිලි අවශ්‍ය වේ.

  •  පාරිභෝගික ලියවිලි
  •  අදාල අධිකාරියෙක් අනුමත කරන ලද ලිපිය
 සේවා අදාල අධිකාරිය
බටහිර ඖෂධ සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය ( සෞඛ්‍ය අමාත්‍යංශය)
පශු වෛද්‍ය ඖෂධ පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
හෝමියොපති ඖෂධ ශ්‍රී ලංකා හෝමියෝපති සභාව
ආයුර්වේද ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුව
ශල්‍යකර්ම උපකරණ සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය ( ‌සෞඛ අමාත්‍යංශය) සහ
සත්ත්ව නිෂ්පාදන සහ ඖෂද දෙපාර්තමේන්තුව

    


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:12:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty