The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් පුරවැසි භාවය හැදුනුම්පත සංශෝධනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හැදුනුම්පත සංශෝධනය කිරීම

PDF Print Email

හැඳුනුම්පතක අන්තර්ගත කරුණු සංශෝධනය සඳහා හෝ පළුදු වී ඇති හැදුනුම්පතක් වෙනුවෙන් නව හැඳුනුම්පතක් ලබාගැනීම

අයදුම්පතක් ලබා ගැනීම
  1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  2. වතු පදිංචි කරුවන් අදාල වතු අධිකාරී
හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
  1. සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.08 ආකෘති පත්‍රය (රෝස පාට හෝ රෝස පාටින් අකුරු මුද්‍රිත)
  2. දැනට භාවිත කරන හැඳුනුම්පත
  3. 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
  4. රුපියල් 15 ක් වටිනා මුද්දර
  5. දැනට භාවිත කරන හැඳුනුම්ප‍තේ සඳහන් නම, උපන්දිනය හා අදාළ විස්තර වෙනස් වී හෝ අපැහැදිලි නම්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ අනුමාන වයස් සහතිකය හෝ ‍ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන ඉදිරිපත් කළ යුතුය. (ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කරන විට ඒ සමග උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය).
  • පාසල් හැරයාමේ සහතිකය.
  • ‍බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
  • වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
  • ජන්ම පත්‍රය (හඳහන)
  1. විවාහක කාන්තාවක්, තම ස්වාමි පුරුෂයාගේ නම ඇතුළත් කිරීම සදහා ඉල්ලා සිටී නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  2. දැනට භාවිත කරන හැඳුනුම්පතේ අංකය අපැහැදිලි නම් එම අංකය භාවිතා කළ බවට සනාථ වන ලියකියවිලි (රියදුරු බලපත්, ගුවන් ගමන් බලපත්‍රවල සහතික කළ පිටපත්, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපතක්, බැංකු පාස්පොත)
  3. තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  4. පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
  • බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
  • ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
  1. උපැවිදි බව ලබා ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
වෙනත් නම් ඇතුළත් කිරීමට අවශ්‍ය නම් එම නම භාවිත කළ බවට ලිඛිත සාක්ෂි සහ භාවිතා කරන නම් දෙකම ඇතුළත් කර සාමදාන විනිශ්චයකරුවකුගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

 


ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
10වන මහල,
"සුහුරුපාය"
ශ්‍රී සුභුතිපුර පාර,
බත්තරමුල්ල.


ඒ.පී.ජි.රොෂාන් අමරසිංහ
දුරකථන:+94-11-5226126
ෆැක්ස් අංක:+94-11-2862290
විද්‍යුත් තැපෑල:info@drp.gov.lk
වෙබ් අඩවිය: www.drp.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-05 12:41:42
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-06
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 248