මූලික සුදුසුකම් හා අවශ්‍යතා
ධීවර යාත්‍රාවක් භාවිතයෙන් ධීවර මෙහෙයුම් කරන්නේ නම් යාත්‍රාවේ ලියා පදිංචි සහතිකය ඉදිරිපත් කිරිම.
1996 ධීවර මෙහෙයුම් නියෝගවල උපලේඛණයේ පළමුවන කොටසේ සදහන් ධීවර මෙහෙයුමක් විය යුතුය.
ශ්‍රි ලාංකීය පුරවැසියෙකු විය යුතුය.
සටහන :1996 නොවැ 07 අංක 948/25 අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ධීවර මෙහෙයුම් නියෝග යටතේ බලපත්‍ර ශ්‍රි ලාංකිකයන් සඳහා නිකුත් කෙරේ
උපකාරක ලියකියවිලි
ධීවර යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය.
ඉදිරිපත් කිරිමේ විධි
පියවර 1:ධීවර මෙහෙයුම් සඳහා අදාළ ආකෘති පත්‍ර ප්‍රදේශයේ ධීවර පරික්ෂකගේන් ලබාගෙන එය සම්පුර්ණ කර අදාළ ලේඛණ සමග ආපසු භාරදිම.
සටහන
අයදුම්පත් 1996 ධීවර මෙහෙයුම් නියෝගවල 11 කොටසේ අ, ආකෘති පත්‍රය මගින් ඉල්ලීම් කළ යුතුය.
අයදුම්පත
ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1:ප්‍රදේශයේ ධීවර පරීක්ෂකගෙන් අයදුම්පතක් ලබා ගැනිම සහ එය සම්පූර්ණ කොට අයදුම් පත් හා අදාළ ලෙඛණ ධීවර පරීක්ෂක වෙත භාර දිම.
පියවර 2:නිර්දේශිත අයදුම්පත් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක වෙත යොමු කිරීම.
පියවර 3:දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක විසින් මෙහෙයුම් බලපත්‍රය නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරිම.
පියවර 4:නිර්දේශිත ලේඛණ අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
සේවාව සඳහා ගතවන කාලය
ගතවන කාලය
මේ සඳහා සති 02 පමණ කාලයක් ගතවේ.
දිරිපත් කිරීම සඳහා කාළ සිමාව
පියවර 1:අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 2:අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම
අයදුම්පත සඳහා අයකිරීමක් නොකෙරේ
වියදම
මෙහෙයුම් බලපත්‍ර ගාස්තු අයකිරීම් පහත සදහන් පරිදි වේ
දඩ සහ අයකිරීම්
දඩ මුදල් අය කිරීමක් නැත.
අමතර වියදම්
අමතර වියදමක් නැත
ආයතනයේ තොරතුරුධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.
ආරියසේන ප්‍රනාන්දු මහතා දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170 ෆැක්ස් අංක:0094-11-2449170 විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk
|