The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     "බීසී" ආකාති පත්‍රය     "අ" ආකෘති පත්‍රය     "ආ" ආකෘති පත්‍රය     "ඇ" ආකෘති පත්‍රය     "ඈ" ආකෘති පත්‍රය
ඡන්ද දායකයෙකූ ලියාපදිංචි වීම

PDF Print Email

යෝග්‍යතාවය
1.තෝරා ගැනීමේ පරිපාටිය ලියාපදිංචි කිරිමේ ක්‍රියාපිලිවෙල / ජන්ද හිමි නාමලේබන ප්‍රතිශෝධනය

  1.  ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුයි.
  2. ලියාපදිංචි කිරීමේ දිනය වන විට වයස අවුරුදු 18 සමිපූර්ණ විය යුතුයි.
    සටහන : ලියා පදිංචි කිරීමේ දිනය ජූනි 01 ලෙස   සැලකිය යුතුයි.
  3. පවත්නා නීතියක් යටතේ අයහපත් මානසික තත්ත්වයක් ඇති අයෙකු ලෙස ඔප්පු වූ හෝ එබදු අයෙක් බවට ප්‍රකාශ වූ අයෙක් නොවිය යුතුය.
  4. ආසන්න පූර්ව වසර 7 තුළ සිර දඩුවම් විදි අයෙකු හෝ සිර දඩුවම් විදිමින් සිටින අයෙකු හෝ නොවිය යුතුය.
  5. අදාල ලිපිනයේ සාමාන්‍ය පදිංචීය ඇත්තෙකු විය යුතුයි.
  6. කිසිම පුද්ගලයකුට ඡන්ද හිමි නාමලේබන කිහිපයක හෝ එකම ඡන්ද හිමි නාමලේබනයේ කිහිප තැනක හෝ  ඇයගේ/ඔහුගේ නම කිහිප වරක් ඇතුළත් කර තබා ගැනීමට අයිතියක් නැත.
    සටහන :  ඉහත සඳහන් සුදුසුකමි සපුරා නොමැති නමි ලියා පදිංචිවීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

2. ලියා පදිංචි කිරීමේ ක්‍රියාවලිය / ඡන්ද හිමි නාමලේබන ප්‍රතිශෝධනය 

පියවර 1: අදාල දිස්ත්‍රික්කයේ ලියා පදිංචි කිරීමේ නිලධාරි විසින් පත් කරනු ලබන ගණන් ගන්නා නිලධාරි (ග්‍රාමිය මට්ටමේ රජයේ නිලධාරීන්/ග්‍රාම නිලධාරි) විසින් ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර (බීසී ආකෘති පත්‍ර) සෑම නිවසකම ගෘහ මූලික වෙත බාර දෙනු ලැබේ.
සටහන : ගණන් ගන්නා නිලධාරියා විසින් ලියාපදිංචි කිරීමෙ ආකෘතිය (බීසී ආකෘති පත්‍රය) හා ලදුපතෙහි අදාල කොටස් සම්පූර්ණ කර භාරදිය යුතු ය.

පියවර 2:ගණන් ගන්නා නිලධාරියා විසින් බාරදෙන ලද ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (බීසී ආකෘති පත්‍රය)  හා සම්බන්ධ  ලදුපත /ඡන්ද හිමි නාමලේබන ප්‍රතිශෝධනයණී ගෘහමූලික විසින් අත්සන් කොට ගණන් ගන්නා නිලධාරියාට බාරදේ.

පියවර 3:සෑම ගෘහයකම ගෘහමූලිකයා විසින් ලියාපදිංචි කිරීමේ ආකෘතියේ (බීසී ආකෘතිය) අවශ්‍ය සියලු තොරතුරු සම්පූර්ණ කළ යුතුය.
සටහන :  වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි යම් ස්ථානයක ජුනි මස 01 වන දින සාමාන්‍යය පදිංචියක් සහිත සියලු ශ්‍රී ලංකා පුරවැසියන්ගේ විස්තර (ඔවුන් තාවකාලිකව නොසිටියද ) ප්‍රතිශෝධන ආකෘතියට ඇතුළත් කරන්න.  එබඳු කිසිවෙකු නොවේ නම් කරුණාකර ඒ බව සටහන් කළ යුතු ය.
සටහන : සෑම වසරකම ජුනි මස 01 වන දිනය සුදුසුකම් ලැබීමේ දිනය වශයෙන් සැලකේ

පියවර 4: සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීමේ ආකෘතිය (බීසී ආකෘතිය) ගණන් ගන්නා නිලධාරියා විසින් එකතු කරනු ඇත.
සටහන: ගෘහ මූලිකයා විසින් ගණන් ගන්නා නිලධාරියාගෙන් ලදු පත ලබා ගත යුතු ය.

අයදුම්පත් ආකෘති

අයඳුම්පත් අංකය / නම විස්තරය
"බීසී" ආකාති පත්‍රය
ගණන් ගන්නා නිලධාරියා විසින් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් ඇති පදිංචිකරුවන්ගේ විස්තර ඇතුලත් කිරීම සදහා ගෘහ මූලිකයින් අතරේ බෙදා හරිනු ලබන ආකෘති පත්‍රය 
 
 "අ" ආකෘති පත්‍රය නව නාම ලේබණයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ආ" ආකෘති පත්‍රය නව නාම ලේබණයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම වෙනුවෙන් වෙනත් අයෙකු විසින් ඒ සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඇ" ආකෘති පත්‍රය     නමක් ඇතුලත් කිරීමට විරෝධය පෑම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඈ" ආකෘති පත්‍රය  හිමිකමපාන්නෙකුගේ නමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය

 

 ජන්ද දායකයෙකූ ලියාපදිංචි කිරීම

පියවරෙන් පියවර ක්‍රියාවලිය

සටහන : ඡන්ද හිමියන් ගණන් ගැනීම, ඡන්ද හිමි නාමලේබන ප්‍රතිශෝධනය සහ ඡන්ද හිමි නාමලේබනය සහතික කිරීම වාර්ෂිකව සිදුකෙරේ. සහකාර මැතිවරණ කොමසාරිස්වරයා (සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරියාද වන) දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා වන දිස්ත්‍රික්ක ලේකම්වරයාගේ (කලින් දිසාපති) මග පෙන්වීම හා පාලනය යටතේ ප්‍රතිශෝධන කටයුතු අධ්ක්ෂණය කරනු ලබයි. ගණන් ගැනීමේ නිලධාරීන් වන්නේ ගම් මට්ටමේ රජයේ නිලධාරීන්/ග්‍රාම නිලධාරීන්ය  

පියවර 1: මැතිවරණ කොට්ඨාශ සදහා ඔවුන් (දිස්ත්‍රික්ක ලේකම්වරු) ලියාපදිංචි කිරීමේ නිලධාරීන් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබේ

පියවර 2: ගණන් ගන්නා නිලධාරීන් පත්කිරීම සහ ඔවුන් වෙනුවෙන් උපදෙස් පන්ති පැවැත්වීම ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් සිදුකරනු ලබයි. ඡන්ද දායකයින්ගේ නමි ලේබනගත කිරීම සදහා ගණන් ගන්නා නිලධාරීන් නිවෙස්වලට යනු ලැ‍බේ..

පියවර 3:සෑම නිවසකම ගෘහමූලිකයාට ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්‍රය (බීසී ආකෘති පත්‍රය) ගණන් ගන්නා නිලධාරියා විසින් සපයනු ලැබේ.  අධික ජනගහණයක් පවතින මහ නගර සභා ප්‍රදේශවල කටයුතු සදහා විශේෂ ගණන් ගන්නා නිලධාරීන් පත්කරනු ලැබේ.

පියවර 4: ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (බීසී ආකෘති පත්‍රය) හා සම්බන්ධ ලදුපත ගණන් ගන්නා නිලධාරියා විසින් පුරවනු ලබයි

පියවර 5: ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (බීසී ආකෘතිය) ගණන් ගන්නා නිලධාරියාගෙන් ලද බව සහතික කිරීම සදහා ගෘහ මූලිකයා විසින් ලදුපත අත්සන් කොට ආපසු ගණන් ගන්නා නිලධාරියාට බාරදෙයි.

පියවර 6: සෑම ගෘහමූලිකයෙකුම් විසින් ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්‍රයේ (බීසී ආකෘති පත්‍රය) අවශ්‍ය සියලු විස්තර සමපූර්ණ කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පියවර 7: ලියාපදිංචි කිරීමෙ ආකෘති පත්‍රය (බීසි ආකෘති පත්) එකතු කිරීමෙ වගකීම ඇත්තේ ගණන් ගන්නා නිලධාරියා වෙතය. 
සටහන 1: ගණන් ගන්නා නිලධාරියා විසින් සම්පූර්ණ කරන ලද බීසී ආකෘති පත්‍රය ලබා ගැනීමේදී ලදුපත අත්සන්කර ගෘහ මූලිකයාට ලබාදිය යුතු ය.
සටහන 2 : බීසී ආකෘති පත්‍රය පිරවීමෙදී අමුත්තන්ගේ හෝ නිවසට පැමිණෙන්නන්ගේ නම් ඇතුළත් නොකරන්න.
සටහන 3 : ඉල්ලා සිටින ලද තොරතුරු සමපූර්ණ වශයෙන් සපයා නොමැති විට ඊට අදාළ නම ලියාපදිංචි කළ නොහැකිය.
සටහන 4 : රැකියා හෝ අධ්‍යාපන කටයුත්තකට තාවකාලිකව විදේශගතව සිටින්නෙක් වේ නම් එවැනි අයෙකුගේ නම එම අයගේ සාමාන්‍ය ලිපිනය යටතේ ආකෘතියට ඇතුළත් කිරීමට ගෘහමූලිකයාට පුළුවන. එබදු පුද්ගලයෙකුට අදාළව එම අය රැකියාව කරන ස්ථානයේ හෝ ඉගෙනීම කරන ස්ථානයේ ලිපිනය ලියාපදිංචි ආකෘතියේ ඇතුළත් කිරීමට ගෘහමූලික වගබලා ගත යුතුය.
සටහන 5 : තමා සම්පූර්ණ කරන ලද ආකෘතිය බාර දෙනු ලබන ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ විශේෂ ගණන් ගන්නා නිලධාරියාගෙන් එසේ එම ආකෘතිය බාරදුන් බව සනාථ කෙරෙන ආකෘතියට හා බැදිවෙන්කළ හැකි සේ මුද්‍රණය කර ඇති ලදුපත නොවරදවාම ආපසු ලබාගත යුතු බවට ගෘහ මූලිකයාට උපදෙස් දෙනු ලැබේ`

පියවර 8: ඡන්ද හිමි නාමලේබනය සංශෝධනය සහ සැකසීම සුදුසුකම ලැබීමේ දිනය අනුව සිදුකෙරේ එනම් ජුනි මස 01 දිනට වයස අවුරුදු 18  සමපූර්ණ වූ සියලු පුරවැසියන් සුදුසුකම ලැබීමේ ලිපින යටතේ ලියාපදිංචිය සදහා සුදුසුකම ලබයි` 

පියවර 9: දිස්ත්‍රික්ක කාර්යාල විසින් සියලුම ලේබන (බීසී ආකෘති පත්‍ර ) එකතු කර අවසන් වූ පසු සියලුම ඉවත් කළ යුතු නම් ("ආ"  ලැයිස්තුව) සහ ඇතුළත් කළ යුතු නම් ලැයිස්තුව ("ආ"  ලැයිස්තුව) පිළියෙල කිරීමෙන් අනතුරුව සෑම වසරකම නොවැමබර්/දෙසැමබර් මාසවල දින 28 ක් වූ ව්‍යවස්ථාපිත කාල පරිචඡේදයක් තුළ ඒවා ප්‍රදර්ශනය කරනු ලැබේ.
එකතු කිරීමේ කාලය, 1.5.15.2 දක්වා ඇත.
සටහන 6 :  ඔබගේ දැන ගැනීම සදහා 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ     12(4) වගන්තියේ උධෘතයක් පහත දැක්වේ
"(4)(2)_ වන උප වගන්තිය යටතේ අවශ්‍ය තොරතුරු කිසිවක් තමා සතුව තිබිය දී, ඒ තොරතුරු ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත හෝ තත්කාර්යය සදහා ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් පත් කරන ලද යම් තැනැත්තකු වෙත හෝ සැපයීම පැහැර හරින නැතහොත් ඕනෑකමින් ම යම් අසත්‍ය තොරතුරක් සපයන සෑම තැනැත්තකු ම වරදක් කරන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි වරදකරු කරනු ලැබූ විට. රුපියල් පන් සියයක් නො ඉක්මවන දඩයකට හෝ එක් මාසයක් නොඉක්මවන කාලයක් සදහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුතුය."

කාල සීමාව‍
ක්‍රියාවලිය සඳහා ගතවන කාල සීමාව
1. ඡන්දදායකයකු ගණන් ගැනීම සඳහා
ජුනි මස 01 දින සිට ඊළග වර්ෂයේ මැයි මස 30 වැනි දින දක්වා

1. ඡන්දදායකයන් ලියා පදිංචි කිරීම

පියවර 1: ගණන් ගන්නා නිලධාරීන් සඳහා උපදෙස් පන්ති පැවැත්වීම

  • වැඩ කරන දින  :  මැයි 15 සිට මැයි 30 දක්වා
  • නිවාඩු දින       :  සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 2:ගෙයින් ගෙට ගොස් ගණන් ගැනීම

  • වැඩ කරන දින  : ජූනි 01 සිට අගෝස්තු 31 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට  ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 3: දිස්ත්‍රික්ක මැතිවරණ නිලධාරින් විසින් ගණන් ගන්නා නිලධාරීන්ගේ ලියවිලි පරීක්ෂා කිරීම

  • වැඩ කරන දින : ජූලි 15 සිට ඔක්තෝමිබර් 15 දක්වා,
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 4: "අ"-ලැයිස්තුවේ නමි (වලංගු නාම ලේබනයේ නම්වලින් ඉවත් කිරීම සදහා නිර්දේශිත නම්) සහ "ආ" ලැයිස්තුවේ නම් (ප්‍රතිශෝධිත ඡන්ද හිමි නාමලේබනය සදහා අඵතින් ඇතුළත් කිරීමට නිර්දේශ කරනු ලබන නම්) ඇතුළත් ලැයිස්තු ඉටිපත්වල යතුරුලිවීම

  • වැඩ කරන දින  : අගෝස්තු 01 සිට ඔක්තෝමිබර් 20 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්


වලංගු කාල සීමාව

1. ඡන්ද හිමියන් ලියා පදිංචි කිරීම
ඡන්ද හිමියෙකුගේ ලියාපදිංචිය වලංගු වන්නේ වසරක් සදහා පමණි. එමනිසා ඡන්ද දායකයන් වාර්ෂිකව ලියා පදිංචි කළ යුතුයි.

සේවා සමිබන්ධව වියදම
පිරිවැය: මෙම සේවාව අය කිරීමකින් තොරව සිදු කරයි.
සේවා ගාස්තූව :නැත
දඩ : නැත
    
අධිභාර

  • ඡන්ද හිමියා ලියා පදිංචි කිරීමේ ආකෘති ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් දඩයක් හෝ අධිභාරයක් අයකිරීමක් නොකෙරේ.  එහෙත් ඔහු/ඇය ඊළග ඡන්ද හිමි නාමලේබනය ප්‍රතිශෝධනය සිදුකරන තෙක් පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අවස්ථාව අහිමි කරගනී.
  • 1988  අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 12(4) වගන්තියට අනුව
  • යම්කිසි පුද්ගකයකුට ආවේණික වූ තොරතුරු හිතාමතාම හෝ සිය කැමැත්තෙන් ලියා පදිංචි කිරීමේ නිලධාරියාට හෝ ඔහු විසින් පත් කරනු ලැබූ නිලධාරියෙකුට ලබා දීමට අපොහොසත් වුවහොත් හෝ වැරදි/බොරු තොරතුරු ලබා දී ඇති බව මහේස්ත්‍රාත් ඉදිරයේ ඔප්පු වුවහොත් ඔහු හෝ ඇය රුපියල් පන්සියයකට නොඅඩු දඩයකට යටත් විය යුතු අතර කරුණු ගෙන හැර පෑමෙන් මසක සිර දඩුවමකට හෝ දඩුවම් දෙකටම යටත් විය යුතුයි.

අවශ්‍ය කරන සනාථ කිරීමේ ලියවිලි

  • ඡන්ද දායකයන් ලියා පදිංචි කිරීම සඳහා සනාථ කිරීමේ ලියවිලි අවශ්‍ය නොවේ
  • යමිකිසි අයකුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය. අදාළ පුද්ගලයා පරීක්ෂණයක් සදහා කැදවනු ලැබේ  මෙම පරීක්ෂණය සඳහා පහත සඳහන් ලියවිලි අවශ්‍ය වේ.

              1.     උප්පැන්න සහතිකය
              2.     ජාතික හැඳුනුමිපත
              3.     ග්‍රාම නිලධාරි විසින් දෙනු ලබන ප්‍රකාශය

 

 සේවාව වගකීම පැවරෙන නිලධාරියාගේ තනතුර  වගකීම පැවරෙන නිලධාරියාගේ නම  වගකීම පැවරෙන අංශයේ නම
 ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම      මැතිවරණ කොට්ඨාශයේ    ලියාපදිංචි කිරීමේ නිලධාරී  (ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ග්‍රාම නිලධාරී/විශේෂ ගණන් ගන්නා නිලධාරී)  ග්‍රාම නිලධාරී කොට්ඨාශ පරිපාලන දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ අනුව වෙනස් වේ
ග්‍රාම නිලධාරී කොට්ඨාශ
පරිපාලන දිස්ත්‍රික්ක හා මැතිවරණ කොටීඨාශ
 
 දිස්ත්‍රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්
 ගණන් ගන්නා නිලධාරී

 


ආයතනයේ තොරතුරු

මැතිවරණ කොමිෂන් සභාව

තැ.පෙ. 02,
සරණමාවත,
රාජගිරිය.


ඒස්. ඒකනායක මහතා
දුරකථන:0112868441 | 0112868442 | 0112868443
ෆැක්ස් අංක:0112868426
විද්‍යුත් තැපෑල:info@elections.gov.lk
වෙබ් අඩවිය: www.elections.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:53:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty