The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් ව්‍යවස්ථාදායකය සහ විධායකය නමක් ඇතුල් කර ගැනීම සඳහා විරුද්ධත්වය පළ කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     "අ" ආකෘති පත්‍රය      "ආ" ආකෘති පත්‍රය      "ඇ" ආකෘති පත්‍රය      "ඈ" ආකෘති පත්‍රය     "බීසී" ආකාති පත්‍රය
නමක් ඇතුල් කර ගැනීම සඳහා විරුද්ධත්වය පළ කිරීම

PDF Print Email
  1. විරෝධතාවය ඉදිරිපත් කරන අය ප්‍රතිශෝධන අවස්ථාවේ ලියාපදිංචිය සදහා සුදුසුකම් ලබා තිබිය යුතුය.
  2. විරෝධතාවය දක්වන අය විරෝධතාවයට භාජනය වූ අය ලියාපදිංචිය සදහා ඉල්ලා ඇති මැතිවරණ කොට්ඨාශයට අයත් ඡන්ද හිමි නාමලේබනයේ ලියාපදිංචි වීමට සුදුසු අයෙකු විය යුතුය.
  3. විරෝධතාවය ලිබිතව,අදාළ පනතේ "ආ" උපලේබනය අනුව සකසා නියමිත කාලය තුල අදාළ ලියාපදිංචි කිරීමේ නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.

නමක් ඇතුලත් කිරීම සමිබන්ධයෙන් විරෝධය පළ කිරීම
පියවර 1: අයදුමිපත් දිස්ත්‍රික්ක කාර්යාලයෙන් හෝ තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකියි.
පියවර 2: සම්පූර්ණ කරන ලද අයඳුමිපත් දිස්ත්‍රික්කයේ මැතිවරණ සහකාර කොමසාරිස්ට හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරීට ඉදිරිපත් කළ යුතුය.

 අයදුම්පත් ආකෘති

අයඳුම්පත් අංකය / නම විස්තරය
"බීසී" ආකාති පත්‍රය
ගණන් ගන්නා නිලධාරියා විසින් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් ඇති පදිංචිකරුවන්ගේ විස්තර ඇතුලත් කිරීම සදහා ගෘහ මූලිකයින් අතරේ බෙදා හරිනු ලබන ආකෘති පත්‍රය 
 
 "අ" ආකෘති පත්‍රය නව නාම ලේබණයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ආ" ආකෘති පත්‍රය නව නාම ලේබණයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම වෙනුවෙන් වෙනත් අයෙකු විසින් ඒ සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඇ" ආකෘති පත්‍රය     නමක් ඇතුලත් කිරීමට විරෝධය පෑම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඈ" ආකෘති පත්‍රය  හිමිකමපාන්නෙකුගේ නමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය

 පියවරෙන් පියවර ක්‍රියාවලිය 
පියවර 1: අයඳූම්කරුට නමි ඇතුලත් වී තිබේදැයි දැනගැනීම සඳහා දිස්ත්‍රික් කාර්යාල හෝ තැපැල් කාර්යාල වල ප්‍රදර්ශනය කර ඇති ලියා පදිංචි කිරීමේ ලේබණ. ("අ" - ලේඛනය සහ "ආ" - ලේඛනය) පරික්ෂා කර බැලිය හැක.
පියවර 2: වෙනත් අයෙකුගේ නමක් ඇතලත් විම සමිබන්ධවී විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නමි යමි අයෙකුට එම ස්ථානයෙන්ම විරුද්ධත්වය  ප්‍රකාශ කිරීමේ අයඳුමිපතක් ඉල්ලුමි කල හැක.
පියවර 3: අයඳුමිපත සමිපූර්ණ කර සහකාර මැතිවරණ කොමසාරිස්ට/දිස්ත්‍රික්ක ලියාපදිංචි කිරීමේ නිලධාරීට ඉදිරිපත් කරන්න.
පියවර 4: අයදුම්පත ලැබුණු දිස්ත්‍රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්/දිස්ත්‍රික්ක ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් විරෝධය පාන්නා සහ විරෝධතාවයට ලක්වූ අය පරීක්ෂණයක් සදහා කැදවනු ලැබේ.
පරීක්ෂණයේදී විරෝධතාවය ඉදිරිපත් කරන ලද අය විරෝධතාවය සනාථ කිරීම සදහා අදාළ ලේබන ඉදිරිපත් කළ යුතු අතර විරෝධතාවයට භාජනය වී ඇති අය ලියාපදිංචිය සදහා ඇති සුදුසුකම් ඔප්පු කිරීමට ක්‍රියා කළ හැකිය. 
(සනාථ කිරීමේ ලියවිලි  සදහා .5.1.7 බලන්න.)
පියවර 5: සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් ගන්නා ලද තීරණය දෙපාරශ්වය වෙතම දැනුම් දෙනු ලැබේ
පියවර 6: එබදු සංශෝධනවලින් අනතුරුව ඡන්ද හිමි නාමලේබන යතුරුලියනය කොට සකස් කර ඊළග වසරේ මැයි මාසය වන විට සහතික කරනු ලැබේ
පියවර 7: සකසන ලද ඡන්ද හිමි  ලේබණ මහජනතාවගේ දැනගැනීම  සඳහා විවෘතව තබන අතර ඊළග වතාවේ ලියා පදංචි ලේබණ සහතික කරන තෙක් පැවැත්වෙන සියලු මැතිවරණ වෙනුවෙන් නාම ලේබණ වලංගු වේ.
සටහන්:
සටහන 1:විරෝධතාවය ප්‍රතික්ෂේප වුවහොත් දින 10 ක් තුළ දිසා විනිසුරු වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට විරෝධතාවය ඉදිරිපත් කළ අයට හැකියාව ඇත.
සටහන 2:දිසා විනිසුරු විසින් පරීක්ෂණ පවත්වා තීරණයක් ගනු ලැබේ.
සටහන 3 :දිසා විනිසුරු විසින් විරෝධතාවය පිළිගත හොත් අදාළ පුද්ගලයාගේ නම නාම ලේබනයෙන් ඉවත් කරනු ඇත.  එසේ නැතහොත් විරෝධතාවය ප්‍රතික්ෂේප කරනු ඇත.

කාල සීමාව‍
නොවැමිබර්/දෙසැම්බර් මාස තුළ දින 28 ක කාලයක්

ඉදිරිපත් කිරීමේ කාල සීමාව
පියවර 1: "අ" සහ "ආ" නමී ලැයිස්තු ප්‍රදර්ශණය කිරීම

  • වැඩ කරන දින  : නොවැමිබර්/දෙසැම්බර් මාසවල දින 27 ක්
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 2: හිමිකම් ඉල්ලීම් හා විරෝධතා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම

  • වැඩ කරන දින  : දෙසැමිබර් 15 සිට ඊළග වර්ෂයේ ජනවාරි 15 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 3: ලියාපදිංචිය සදහා සුදුසු ඡන්ද දායකයින්ගේ නම් ඉටිපත්වල යතුරුලියනය කිරීම සහ පරීක්ෂා කිරීම

  • වැඩ කරන දින  : ජනවාරි 15 සිට අප්‍රේල් 15 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 4: යතුරුලියන ලද ඉටිපත් අනුපිටපත් කිරීම සහ නාම ලේබන පිටපත් පොත් වශයෙන් බැදීම

  • වැඩ කරන දින   - පෙබරවාරි  01 සිට මැයි 25 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

වලංගු කාල සීමාව
ලියාපදිංචි කිරීමේ නිලධාරී (දිස්ත්‍රික්ක ලේකම්/දිසාපති) වෙත නමක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය ඉදිරිපත් කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ අදාළ දින 28 ක් තුළ පවත්වන නාම ලේබන ප්‍රදර්ශන කාලයේදී පමණි.

සේවා සමිබන්ධව වියදම
පිරිවැය: මෙම සේවාව අය කිරීමකින් තොරව සිදු කරයි.
සේවා ගාස්තූව: නැත
දඩ: නැත
   
 අධිභාර

  • ඡන්ද හිමියා ලියා පදිංචි කිරීමේ ආකෘති ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් දඩයක් හෝ අධිභාරයක් අයකිරීමක් නොකෙරේ.  එහෙත් ඔහු/ඇය ඊළග ඡන්ද හිමි නාමලේබනය ප්‍රතිශෝධනය සිදුකරන තෙක් පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අවස්ථාව අහිමි කරගනී.
  • 1988  අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 12(4) වගන්තියට අනුව
  •  යම්කිසි පුද්ගකයකුට ආවේණික වූ තොරතුරු හිතාමතාම හෝ සිය කැමැත්තෙන් ලියා පදිංචි කිරීමේ නිලධාරියාට හෝ ඔහු විසින් පත් කරනු ලැබූ නිලධාරියෙකුට ලබා දීමට අපොහොසත් වුවහොත් හෝ වැරදි/බොරු තොරතුරු ලබා දී ඇති බව මහේස්ත්‍රාත් ඉදිරයේ ඔප්පු වුවහොත් ඔහු හෝ ඇය රුපියල් පන්සියයකට නොඅඩු දඩයකට යටත් විය යුතු අතර කරුණු ගෙන හැර පෑමෙන් මසක සිර දඪුවමකට හෝ දඩුවමි දෙකටම යටත් විය යුතුයි.


අවශ්‍ය කරන සනාථ කිරීමේ ලියවිලි

  • ඡන්ද දායකයන් ලියා පදිංචි කිරීම සඳහා සනාථ කිරීමේ ලියවිලි අවශ්‍ය නොවේ
  • යමිකිසි අයකුට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය. අදාළ පුද්ගලයා පරීක්ෂණයක් සදහා කැදවනු ලැබේ  මෙම පරීක්ෂණය සඳහා පහත සඳහන් ලියවිලි අවශ්‍ය වේ.
                  1.     උප්පැන්න සහතිකය
                  2.     ජාතික හැඳුනුමිපත
                  3.     ග්‍රාම නිලධාරි විසින් දෙනු ලබන ප්‍රකාශය

      
 සේවාව වගකීම පැවරෙන නිලධාරියාගේ තනතුර  වගකීම පැවරෙන නිලධාරියාගේ නම  වගකීම පැවරෙන අංශයේ නම
 නම ඇතුලත් කිරීම සම්බන්ධව විරුද්ධත්වය පළ කිරීම  මැතිවරණ කොට්ඨාශයේ    ලියාපදිංචි කිරීමේ නිලධාරී 1.  ග්‍රාම නිලධාරීන්
2. දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හෝ මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි කිරීමේ නිලධාරී
 
 ග්‍රාම නිලධාරී කොට්ඨාශ පරිපාලන දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ අනුව වෙනස් වේ
ග්‍රාම නිලධාරී කොට්ඨාශ
පරිපාලන දිස්ත්‍රික්ක හා මැතිවරණ කොටීඨාශ
 
 දිස්ත්‍රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්
 ගණන් ගන්නා නිලධාරී

 


ආයතනයේ තොරතුරු

මැතිවරණ කොමිෂන් සභාව

තැ.පෙ. 02,
සරණමාවත,
රාජගිරිය.


ඒස්. ඒකනායක මහතා
දුරකථන:0112868441 | 0112868442 | 0112868443
ෆැක්ස් අංක:0112868426
විද්‍යුත් තැපෑල:info@elections.gov.lk
වෙබ් අඩවිය: www.elections.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:53:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty