The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය

PDF Print Email

සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය.
1947 අංක 02 දරණ ආඥා පනත යටතේ නීතිගත වී ඇති විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සිවිල් විශ්‍රාම වැටුප් නීත්‍යානුකූල විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පත්ව ඇත

නීතිමය විධිවිධාන

  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන
  • ආයතන සංග්‍රහයේ විධිවිධාන
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් විවිධ අවස්ථා වලදී නිකුත් කරනු ලැබ ඇති විශ්‍රාම වැටුප් පිළිබඳ වූ චක්‍රලේඛ
  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් විටින් විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ.

විශ්‍රාම වැටුප් සඳහා හිමිකම

  • තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් වීම
  • තනතුරෙහි ස්ථිර කර තිබීම
  • ගණනය කළ හැකි දළ සේවා කාලය මාස 120 හෝ ඊට වැඩිවීම
  • විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම

රාජ්‍ය සේවකයකු සම්බන්ධව විශ්‍රාම වැටුප් හිමිකම ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ කර තිබිය යුතු අවශ්‍යතා
මේ සඳහා විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 2 වන වගන්තිය අනුව පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

  • ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තිබීම.
  • එම තනතුරේ සේවය ස්ථිර කර කර තිබීම.
  • පහත සඳහන් දළ සේවා කාලයක් සපුරා තිබිය යුතුය.

I. රාජ්‍ය හා පලාත් රාජ්‍ය නිලධාරින්  - මාස 120
II. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු            - මාස 36
III. අභියාචනාධිකරණ විනිසුරු        - මාස 36
IV. මහාධිකරණ විනිසුරු               - මාස 84
V. අනිකුත් අධිකරණ නිලධාරින්      - මාස 84

• විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයෙහි “ට’’ උපලේඛනයේ සඳහන් වූ ධූරයන්හි විශ්‍රාම ගැන්වීම.

  • ජනාධිපති පෞද්ගලික ලේකම්.
  • අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • විපක්ෂ නායක පෞද්ගලික ලේකම්.
  • කථානායක පෞද්ගලික ලේකම්.
  • කැබිනට් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • ව්‍යාපෘති අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • දිස්ත්‍රික් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • කැබිනට් අමාත්‍යවරුන්ගේ මහජන සම්බන්ධතා නිලධාරි.
  • කැබිනට් අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරි සඳහා

වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබේ.

විශ්‍රාම ගැන්වීමේ විධිවිධාන
රාජ්‍ය නිලධාරියෙකුට, නිලධාරිනියකට පහත සඳහන් හේතුන් මත විශ්‍රාම යා හැක.

  1. වයස සම්පූර්ණ වීම.
  2. වෛකල්පිත විශ්‍රාම ගැන්වීම.
  3. අනිවාර්ය විශ්‍රාම  ගැන්වීම.
  4. තනතුර අහෝසි කිරීම මත විශ්‍රාම ගැන්වීම.
  5. වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වීම
  6. අකාර්යක්ෂමතා මත විශ්‍රාම ගැන්වීම.
  7. විෂමාචාර ක්‍රියාවක් මත ( විනය හේතු මත) විශ්‍රාම ගැන්වීම.
  8. අංක 30/88 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ විශ්‍රාම ගැන්විම.
  9. විශ්‍රාම වැටුප් අවුරා තබා මණ්ඩයට හෝ සංස්ථාවකට ගොස් එම ආයතනයෙන් විශ්‍රාම ගැන්වීම.
  10. හෙදියන් ගුරුවරියන් සඳහා (විශේෂ අවස්ථා)
  11. අධිකරණ නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීම.
  12. තනතුර අහෝසි විම මත විශ්‍රාම ගැන්වීම. 


1.වයස සම්පූර්ණ වීම.
වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2:17 සහ 26 (IX) වගන්තිය අනුව.
2. වෛකල්පිත විශ්‍රාම ගැන්වීම.
    වයස අවු. 55-60 අතරදී විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 සහ 26 ( IX ) වගන්තිය අනුව.
3. අනිවාර්ය විශ්‍රාම ගැන්වීම.
    වයස අවු. 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 වගන්ති අනුව.
4.ධූරය අහෝසි වීම, තනතුර නැතිකිරීම  දෙපාර්තමේන්තුව වසා දැමීම මත විශ්‍රාම ගැන්වීම.
    විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 7 වගන්තිය අනුව.

  • මාස 120 ක දළ සේවා කාලය සම්පූර්ණ වි තිබිය යුතුය.
  • මාස 60 ක අතිරේක සේවා කාලයක් එකතු කරනු ලැබේ.
  • විශ්‍රාම පාරිතෝෂිකය හා මාසික විශ්‍රාම වැටුප විශ්‍රාම ගැන්වූ දින සිට හිමිවේ.
  • දෙපාර්තමේන්තුව වසා දමා සංස්ථාවක් බවට පත්කරන අවස්ථාවක සේවා කාලය මාස 96 ක් ඇත්නම්ද (තනතුර අහෝසිවන්නේ නම්) ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතිය පදනම මත සේවය කළ හැක. ඒ සදහා වැටුපෙන් 25% දායක මුදල් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ගෙවිය යුතුය.
  • මාස 120 ක දළ සේවය නැතිවීම 50% ක ප්‍රසාද සේවා කාලය එකතු කර මාසික වැටුපෙන් 1/12 බැගින් ගනන් බැලූ පාරිතෝෂිකයකට හිමිකම් ලැබේ.

5. වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීම.
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව.
      යම් රාජ්‍ය සේවකයකු වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත තවදුරටත් සේවය කිරීම යෝග්‍ය නොවන විටදී මෙවැනි විශ්‍රාම ගැන්වීම් කරනු ලැබේ.
6. අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීම.
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 15 වගන්ති අනුව.
      විශ්‍රාම ගන්වන අවස්ථාවේදී හිමි වැටුප හා සේවා කාලය පදනම් කොට විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන ලේකම් විසින් තීන්දු කරනු ලබන දින සිටය
7. විෂමාචාර ක්‍රියාවන් මත ( විනය හේතු මත ) විශ්‍රාම ගැන්වීම.
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව.
      විශ්‍රාම ගන්නා අවස්ථාවේදී විනයානුකූලව කටයුතු කෙරෙන බවට සෑහීමට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂයය භාර අමාත්‍යාංශයේ ලේකම් ගේ අනුමැතිය ලබා මෙවැනි විශ්‍රාම    ගැන්විම් කරනු ලැබේ.විශ්‍රාම පාරිතේෂිකය හෝ මාසික විශ්‍රාම වැටුපක් පරීක්ෂණය අවසාන වනතෙක් ගෙවනු‍ නොලැබේ.
8.අංක 30/88 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ විශ්‍රාම ගැන්වීම.
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්ති අනුව.
      සේවය වසර 20 සම්පූර්ණ කර ඇති යම් රාජ්‍ය සේවකයකුට විශ්‍රාම යාම සඳහා මනාපය පල කල හැක.
      විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිකය ලබා ගත හැක්කේ වයස අවු. 55 සම්පූර්ණ වූ විටය.

9. විශ්‍රාම වැටුප අවුරා තබා මණ්ඩලයට ‍හෝ සංස්ථාවකට ගොස් එම ආයතනයෙන් විශ්‍රාම ගැන්වීම.
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 48(අ) වගන්තිය.
      විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය සංස්ථාවෙන් (විධිමත් පරිදි) ඉවත් වූ දින සිටය.

10. හෙදියන් හා ගුරුවරියන් සඳහා. ( විශේෂ අවස්ථා )
      විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව.
      වයස අවු. 50 එල‍‍ඹෙන දිනය හෝ සේවා කාලය වසර 20 ක් සම්පූර්ණ වන දිනය හෝ යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී විශ්‍රාම යා හැක. විශ්‍රාම ගත්දින සිට විශ්‍රාම වැටුප ලැබේ.

11. අධිකරණ නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 25 වගන්තිය අනුව.

  • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයස අවු 65 දී
  • අභියාචනාධිකරණ විනිසුරු වයස අවු 63 දී
  • මහාධිකරණ විනිසුරු වයස අවු 61 දී විශ්‍රාම යා හැක.

12. තනතුර අහෝසි වීම මත විශ්‍රාම ගැන්වීම.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 7 වගන්තිය අනුව.
දෙපාර්තමේන්තුවක් වසා දැමීමේදී, සංස්ථාවක් බවට පත් කිරීමේදී තනතුර අහෝසි වීම මත විශ්‍රාම යන අවස්ථාවක. මාස 96 ක දළ සේවා කාලයක් ඇත්නම් ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතීය පදනම මත සේව‍ය කලා සේ සළකා මාස 120 ක් ගණනය කර විශ්‍රාම වැටුපට හිමිකම ලබා දෙයි.
 
විමධ්‍ය ගත කළ විශ්‍රාම ගැන්වීම්

  • අනිවාර්ය විශ්‍රාම ගැන්වීම
  • වෛකල්පිත විශ්‍රාම ගැන්වීම
  • වෛද්‍ය හේතු මත
  • තනතුර අහෝසි වීම මත
  • ගුරුවරියන් හා හෙදියන් වයස අවු: 50 හෝ සේවා කාලය අවු: 20 සම්පූර්ණ වීම.
  • අධිකරණ නිලධාරීන් විශ්‍රාම යාම 

ඉහත අවස්ථාවලදී විශ්‍රාම යාමට ඉදිරිපත් වන ආකාරය හා එවැනි අවස්ථාකදී විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය.


නිලධාරියා විශ්‍රාම ගැන්වීමට මාස 3 කට පෙර තම පෞද්ගලික ලිපි ගොනුව සම්පූර්ණ කළ යුතුය.

• අදාල අායතනයේ පෞද්ගලික ලිපි ගොනු විෂය භාර නිලධාරියා විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතියෙහි ( PMS ) විශ්‍රාම ගන්වන නිලධාරියා ලියාපදිංචි කළ යුතුය.

• PMS හි ලියාපදිංචි කර යොමුකිරීමෙන්(submit) අනතුරුව ලබාගන්නා මූලාශ්‍ර ලේඛනයෙහි (source document) මුද්‍රිත පිටපතේ අදාල විශ්‍රාමික නිලධාරියාගේ අත්සන, විෂය භාර නිලධාරියාගේ අත්සන හා අදාල ආයතන ප්‍රධානියාගේ අත්සන සහිතව අවශ්‍ය අනෙකුත් ලේඛන සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස් වීම.

• විශ්‍රාම අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පරීක්ෂා කර බලා ගැටළුවක් නොමැති නම් විශ්‍රාම වැටුප් අංකයක් නිකුත් කරනු ලබයි.

• පරිවර්තිත පාරිතෝෂිකය විශ්‍රාමිකයාගේ රාජ්‍ය බැංකුව ගිණුමකට පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් බැර කරන අතර මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාගේ ඕනෑම බැංකු ගිණුමකට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් බැර කරනු ලබයි.

• ආයතන ප්‍රධානියා විසින් ප්‍රදාන පත්‍රය නිකුත් කර විශ්‍රාම වැටුප් ගොනුව (භාණ්ඩාගාර 140) සකස් කර විශ්‍රාමිකයා පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

• මේ අවස්ථාව වන විට අදාල බලධාරීයා විසින් නිලධාරියා විශ්‍රාම ගන්වා තිබිය යුතුය.

• පළමු විශ්‍රාම වැටුප විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඍජුව ගෙවීම් කරන අතර මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුකු අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් සිදු කරයි.

• විශ්‍රාම වැටුපෙහි සංශෝධනයක් සිදුවිය යුතු නම් විශ්‍රාමිකයා අවසාන වරට සේවය කල ආයතනයෙන් අදාල සංශෝධන ආකෘතිපත්‍ර (PD6) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කල යුතුය.

 විමධ්‍ය ගත නොකළ අවස්ථා වලදී කළ යුතු ක්‍රියා මාර්ගය
        නිලධාරියා විශ්‍රාම ගැන්විමට අදාල ලියවිලි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවිය යුතුය.

විශේෂ අවස්ථා.
      විනය හේතු මත සහ අකාර්යක්ෂමතාව මත  විශ්‍රාම ගැන්වීමේදී අදාල ලියවිලි ආයතන ප්‍රධානියා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් පසුව එහිදී    ප්‍රදන පත්‍රය සකසා ගෙවීම් කටයුතු සඳහා ප්‍රාදේශිය ලේකම් වෙත යවයි.

විශ්‍රාම වැටුප් අහිමි වීම.
විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා සියළු හිමිකම් සපුරා ති‍බෙන්නේ වුවද එසේම විශ්‍රාම වැටුපක් ලබමින් සිටිනේ වුවද එවැන්නෙකු මරණිය දඩුවමක් හෝ බරපතල වැඩ ඇතිව කිනම් කාලයක වුවද බන්ධනාගාර ගත කර ඇත්නම් හෝ සුළු වැඩ සහිතව දොළොස් මසකට වැඩි කාලයකට බන්ධනාගාර ගත කර ඇත්නම් ඒ අයට විශ්‍රාම වැටුප් ගෙවීම නතර වේ.

පහත හේතු මත සේවය අවසන් වන නිලධාරින්ටද විශ්‍රාම වැටුප් අහිමිය.
• ඉල්ලා අස් වීම.
• සේවය අත්හැර යාම.
• සේවයෙන් පහ කරනු ලැබීම.

සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වන ප්‍රතිලාභ.

1) මාසික විශ්‍රාම වැටුප්.
2) පරිවර්තිත පාරිතෝෂිකය.
3) මරණ පාරිතෝෂිකය.
4) සේවා පාරිතෝෂිකය.
5) දෛනික සේවා පාරිතෝෂිකය.
6) කරුණාසහගත දීමනාව.
7) විශේෂ වන්දි.
8) වන්දි විශ්‍රාම වැටුප්.

01. මාසික විශ්‍රාම වැටුප.
සිවිල් විශ්‍රාම වැටුපකට හිමිකම් ලබා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ ඉහත සඳහන් හේතුවක් නිසා විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරින්ට දැනට තිබෙන වැටුප් පරිමාණය පදනම් කර ගෙන සේවා කාලය ද සැලකිල්ලට ගෙන සකස් කරන ලද ප්‍රතිශත ක්‍රමයක් මත අඩු නොකළ හා අඩු කළ මාසික විශ්‍රාම වැටුප ගණනය කරනු ලැබේ.

 02. පරිවර්තිත පාරිතෝෂිකය.
විශ්‍රාම වැටුප් ලබන්නා විසින් මනාපය පළ කළ හොත් ඔහුට හිමිවන අඩු නොකල මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක මුදල පරිවර්තිත පාරිතෝෂිකය යි. මෙම පරිවර්තිත පාරිතෝෂික මුදල ලබා ගන්නා විශ්‍රාමිකයින්ට මුල් වසර  10 තුළ ගෙවනු ලබන්නේ අඩු කළ විශ්‍රාම වැටුපකි.

03. මරණ පාරිතෝෂිකය.
මරණ පාරිතෝෂිකය ලබා ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි.
      1) ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම.
      2) එම තනතුරේ ස්ථිර කර තිබීම.
      3) විශ්‍රාම වැටුප සඳහා ගණන් ගත හැකි ශුද්ධ සේවා කාලය මාස 60 ක් හෝ ඊට අධිකව තිබීම.
      4) සේවයේ යෙදී සිටියදී මිය යාම.

මරණ පාරිතෝෂිකය යනු
• යම් රාජ්‍ය සේවක‍යෙකුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට පෙර කුමන හේතුවක් මත හෝ මියගියහොත් එවැනි සේවකයෙකු මියයන දිනය , විශ්‍රාම ගිය දිනය සේ සලකා එදිනට හිමි අඩු නොකල මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක හෝ වාර්ෂිකව එම සේවකයා ලබමින් සිටි වැටුප යන දෙකින් වැඩි අගය මරණ පාරිතෝෂිකය වේ.
• මරණ පාරිතෝෂික මුදල් ගෙවනු ලබන්නේ මිය ගිය අයගේ යැපෙන්නන්ටය.
• රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 369 පරිදි ත්‍රස්තවාදී හේතුන් මත මිය ගිය රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් සේවයේ ස්ථිර නොවුවා වුවද, සේවා කාලය මාස 60 සම්පූර්ණ නොකළා වුවද, එම අවශ්‍යතා නොසලකා මරණ පාරිතෝෂිකය ගෙවනු ලැබේ.
• විවාහකයෙකු නම් වැන්දඹූ භාර්යාව හෝ වැන්දඹු ස්වාමිපුරුෂයාට අඩක් හිමි වන අතර, මිය ගිය අයගෙන් යැපුන අවිවාහක රැකියා විරහිත දරුවන් සඳහා ඉතිරි අඩ සම කොටස් වශයෙන් බෙදී යයි.
• මියගිය අය අවිවාහක නම් එම නිලධාරියාගේ මව හා පියා අතර සම කොටස් වශයෙන් බෙදී යයි.
• මව/ පියා ජීවත්ව නොමැති නම් අවිවාහක රැකියා විරහිත මියගිය අයගෙන් යැපුන සහෝදර/ සහෝදරියන් වෙත සම කොටස් වශයෙන් බෙදී යයි.

04. සේවා පාරිතෝෂිකය.
සේවා පාරිතෝෂිකය යනු මාස 120 ක දළ සේවා කාලයක් සම්පූර්ණ නොකොට, ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තනතුරේ ස්ථිර කළ නිලධාරින්ට එකවර ගෙවනු ලබන දීමනාවකි. මෙය ගණනය කරනු ලබන්නේ සේවය කළ පූර්ණ මාසයක් වෙනුවෙන් අවසානයට ලැබූ මාසික වැටුපෙන් 1/12 බැගිනි.

05. දෛනික සේවා පාරිතෝෂිකය
දෛනික සේවයේ මාස 120 ට වැඩි කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ගන්නා නිලධාරීන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනාවකි.

06. කරුණාසහගත දීමනා.
• දෛනික සේවයේ මාස 120 ට අඩු සේවා කාලයක් සහිතව ඉවත්ව යන නිලධාරින් සම්බන්ධයෙන් ගෙවනු ලබන දීමනාවකි.
• සේවය කරන ලද එක් එක් පූර්ණ මාසයක් වෙනුවෙන් 1/12 ක පදනම මත ගණනය කිරීම කරන අතර, උපරිමය රුපියල් තුන් දහසකි. ( 3000 කි )

07. විශේෂ වන්දි.
• රජයේ නිලධාරියෙකු තම රාජකාරි සඳහා යන එන අතරතුර හෝ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන අනතුරු වලින් මිය ගිය හොත් හෝ පූර්ණ ආබාධිත වුවහොත් එසේ ආබාධිත වු අයට, මියගිය අයගේ යැපෙන්නන්ට ගෙවනු ලබන වන්දි මුදලකි. (මෙහිදී නිලධාරියාගේ නොසැලකිලිමත් භාවය මත අනතුර සිදු නොවූ බව පැහැදිලි විය යුතුය.)
1993.09.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 මේ සඳහා බලපැවැත්වේ
• නිළධාරියා පූර්ණ ආබාධිත නම් නිළධාරියාට, නිළධාරියා මිය ගියේ නම් නිළධාරියාගේ යැපෙන්නන්ට විශේෂ වන්දි මුදල ගෙවනු ලබයි.

මිය ගිය අය අවිවාහක නම්.
මවට හා පියාට සමසේ බෙදා ගෙවනු ලැබේ. මව්පියන් දෙදෙනාම මිය ගොස් ඇත්නම්, අවිවාහක රැකියා විරහිත සහෝදර සහෝදරියන් අතර සමසේ බෙදා ගෙවනු ලැබේ.

මිය ගිය අය විවාහක නම්.
වැන්දඹු බිරිඳට/ වැන්දඹු පුරුෂයාට අඩක් හා මිය ගිය අයගේ යැපුන අවිවාහක දරුවන් අතර ඉතිරි අඩ සමසේ බෙදා ගෙවනු ලැබේ.

දරුවෝ බාල වයස්කාර නම්.
බාල වයස්කාර දරුවන්ගේ මුදල් වැන්දඹු බිරිඳට/ වැන්දඹු පුරුෂයාට ගෙවනු නොලැබේ. එම මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පත් ගිණුමක් ආරම්භ කර අදාල ආයතනයේ භාරකාරත්වය යටතේ පාස් පොත් තබා ගත යුතුය.

එම මුදල් නිදහස් කර ගැනීම.
දරුවන්ගේ වයස් සම්පූර්ණ වූ පසු එනම් පිරිමි දරුවන්ගේ වයස අවුරුදු 18 ද, ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 21 ද ඉක්මවූ පසු අදාල ආයතනයෙන් ඉල්ලීම් කළ යුතු වේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 යටතේ වාසි ලැබූ අයට ( ත්‍රස්තවාදී හේතු වලින් මියගිය ) මෙම විශේෂ වන්දි ප්‍රදානය ලබා ගත නොහැක.

08. වන්දි විශ්‍රාම වැටුප.
රජයේ නිළධාරියෙකු තම රාජකාරි කටයුතු සඳහා යන එන අතරතුර හෝ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන අනතුරු වලින් පූර්ණ ආබාධිත වූ විට හෝ අනතුරින් මිය ගිය විට යැපෙන්නන්ට මාසිකව ගෙවනු ලබන විශ්‍රාම වැටුපකි. ( මෙහිදී නිළධාරියාගේ නොසැලකිලිමත්භාවය මත අනතුර සිදු නොවූ බව පැහැදිලි විය යුතු වේ.)

  • නිළධාරියා අවුරුදු 55 දක්වා සේවය කලා සේ සළකා ඔහු අනතුරට පත්වන විට හිමිව තිබූ වැටුප් පරිමාණයේ ඔහු අවුරුදු 55 ලබන වාර්ෂික වැටුපෙන්  10/60 ක් හා විශ්‍රාමිකයන් සඳහා දෙනු ලබන අනෙකුත් දීමනා සමඟ වන්දි විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
  • දරුවන් සිටී නම්, ඔවුන්ගෙන් 18 ට අඩු පිරිමි දරුවන් හා අවුරුදු 21 ට අඩු ගැහැණු දරුවන් සඳහා ඉහත 10/60 ප්‍රමාණයෙන් එක් එක් ළමයෙකු සඳහා 1/8 බැගින් වූ මුදලක්ද ලබා ගත හැක.
  • නිළධාරින්ගෙන් රජයට අය විය යුතු මුදලක් වේ නම් එය එම වන්දි විශ්‍රාම වැටුපෙන් අය කර ගත හැකි වේ.
  • වන්දි විශ්‍රාම වැටුප මිය ගිය අයගේ යැපෙන්නන්ට ගෙවනු ලැබේ. 
  • මිය ගිය අය අවිවාහක නම්,වන්දි විශ්‍රාම වැටුප මවට පමණක් ප්‍රදානය කරනු ලැබේ.
  • මිය ගිය අය විවාහක නම්,වැන්දඹු බිරිදට/ වැන්දඹු පුරුෂයාට අවුරුදු 18 ට අඩු පිරිමි දරුවන්ට, අවුරුදු 21 ට අඩු ගැහැණු දරුවන්ට ඉහත සඳහන් අනුපාතය අනුව ගෙවනු ලැබේ.
  • දරුවෝ බාල වයස්කාර නම්, නිළධාරියා මිය ගිය දිනයට පසු දින සිට ගෙවීම් ඇරඹිය යුතු වේ. ගෙවීම ප්‍රමාද වුවහොත් මිය ගිය දින සිට ගෙවීම් ඇරඹෙන දින තෙක් බාල වයස්කාර දරුවන්ගේ කොටස් මුදල අදාල ආයතනයේ භාරකාරත්වය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර  ගිණුමක තැන්පත් කළ යුතුවේ.
  • ගෙවීම අරඹන දින සිට, දරුවන්ගේ කොටස්ද වැන්දඹු බිරිදට / වැන්දඹු ස්වාමිපුරුෂයාට ගෙවිය යුතු වේ.
  • පිරිමි ළමුන්ට අවුරුදු 18 ද, ගැහැණු ළමුන්ට අවුරුදු 21 ද වයස් පිරුණු පසු අදාල ආයතනය මඟින් තැන්පත් ගිණුම් නිදහස් කළ යුතුය.
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/88 යටතේ අවුරුදු 55 තෙක් වැටුප් ලබන අයට (ත්‍රස්තවාදි හේතු වලින් මියගිය) මෙම වන්දි විශ්‍රම වැටුප් වැටුප ලබා ගත නොහැක.

 


ආයතනයේ තොරතුරු

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

මහලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.



දුරකථන:Hotline 1970 / 0112 209 870
ෆැක්ස් අංක:011 2342078
විද්‍යුත් තැපෑල:helpdesk@pensions.gov.lk
වෙබ් අඩවිය: www.pensions.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:13:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty