සුදුසුකම්
- 1995.06.15 ට පෙර ඉල්ලූම්කරු විසින් අනවසර අදාළ රජයේ ඉඩම් ඔහු පාවිච්චියට ගෙන තිබිය යුතුය.
- අදාළ ඉඩම කැලයක් නොවිය යුතු අතර රජයට වහා උවමනා කරන ඉඩමක්ද නොවිය යුතුය.
- ඉල්ලූම්කරු ශ්‍රී ලාංකිකයකු විය යුතුය.
- ඉල්ලූම්කරු විවාහකයකු විය යුතුය.
- ඉල්ලූම්කරුගේ පවුලේ දළ මාසික ආදායම රුපියල් 2500 වැඩි විය යුතුය.
- ඉල්ලූම්කරුට තමා සතු ඉඩම් නොතිබිය යුතුය.
- සඳහන් කරන ඉඩමට වෙනත් අයගේ විරුද්ධත්වයක් නැතිව තමා සතු විය යුතුය.
- අඩු තරමින් අවුරුදු 5 ක්වත් අදාළ ප්‍රදේශයේ ජීවත් විය යුතුය.
ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පතක් ලබා ගැනීම
බදු මත ලබා ගන්නට බලාපොරොත්තු වන ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ඉල්ලූම් පත්‍ර ලිපියක් ඉල්ලූම්කරු විසින් සකසා ගත යුතුය.
ඉල්ලූම් පත්‍රය අදාල නොවේ.
ආධාරක ලිපි
- ග්‍රාම නිලධාරීවිසින් සලයනු ලබන ඉල්ලූම්කරු සතු වෙනත් ඉඩමක් නැති බවට තහවුරු කල ලිපිය.
- ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්‍රාම සේවා නිලධාරී වාර්තාව
ඉල්ලූම් පත්‍ර යොමු කිරීම
අවශ්‍ය කරන ආධාරක ලිපි සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම
වැඩ කරන දින - සඳුදා / බදාදා
වැඩ කරන කාලය - පෙ.ව. 9.00 - ප.ව. 4.30
ඉල්ලූම් පත්‍රය
ඉල්ලූම් පත්‍ර සූදානම්ව නැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තමා විසින් සකස් කර ගත් ඉල්ලූම් පත් ලිපියක් යොමු කළ යුතුය.
පියවරෙන් පියවර (සංවර්ධනය කරනු ලැබූ අනවසර ඉඩම් බදු මත ලබා ගැනීම)
පියවර 1: ඉල්ලූම්කරු තමා විසින් සංවර්ධනය කරනු ලැබූ තමා බලාපොරොත්තු වන ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ඉල්ලූම් පත්‍ර ලිපියක් සකස් කර ගත යුතුය.
පියවර 2: ග්‍රාම නිලධාරී තුමාගෙන් වාර්තාවක් ලබාගත යුතුය.
සැ.යු. ග්‍රාම නිලධාරීඉඩම පිළිබඳ තොරතුරු සොයා බැලීමට ක්‍රියාමාර්ග ගනු ඇත.
පියවර 3: ග්‍රාම නිලධාරී තුමාගේ වාර්තාව සමඟ ඉල්ලූම් පත්‍රය ඉල්ලූම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලැබීම.
පියවර 4: ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම්කරු සම්මුබ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
පියවර 5: අදාළ ඉඩම නගරයක පිහිටා ඇති නම්, අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් පළාත් ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉඩමී තක්සේරු වාර්තාව යවනු ලැබේ.
පියවර 6: ඉඩම් කොමසාරිස් අනුමැතිය ලැබුණු පසු ඉල්ලූම්කරුට ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් බලපත්‍රය ලබා ගත හැක.
සැ.යු. ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතිය නොලැබුණ හොත් අයදුම්කරුගේ ඉල්ලීම ප්‍රතිකේෙෂ්ප වේ.
සටහන 1: බලපත්‍රය අවුරුදු පතා අලූත් කළ යුතුය. අවුරුදු පතා ගාස්තු ගෙවා බලපත්‍රය අලූත් නොකළ හොත් එම බලපත්‍රය අවුරුද්ද අවසානයේ අවලංගු වේ. බදු ඔප්පු මුදල් ග්‍රාම නිලධාරීයාට ගෙවිය යුතුය.
සටහන 2: අදාළ ඉඩම ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා ඇත්නම් ඉඩමේ වටිනාකම සොයා නොබලනු ඇත. ස්වර්ණ භූමි ජය භූමි ප්‍රදානය යටතේ එම ඉඩම ඔහුට පවරනු ඇත. පළාත් ඉඩම් කොමසාරිස් ඒ ඉඩම අනුමත කරන්නේ නම් අවුරුදු පතා ගෙවීම් අනවශ්‍යය.
සටහන 3: ස්වර්ණ භූමි ජය භූමි ඉඩම් පැවරීම තාවකාලිකව නතර කර අලූත් ක්‍රමයක් නැවත ආරම්භ කරනු ඇත.
කාලසීමාව
ක්‍රියාවලිය සඳහා කාලසීමාව :
මාස තුනක් ඇතුළත
ඉදිරිපත් කිරීමේ කාලසීමාව:
ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ඕනෑම වේලාවක් තුළ
වලංගු කාලසීමාව
නාගරික ප්‍රදේශ සඳහා
බදු කාලසීමාව ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා
අවුරුදු පතා අලූත් කළ යුතුය.
එහෙත් මාර්තු 31 දක්වා බදු ඔප්පු මුදල් දඩයක් නොමැතිව ගෙවිය හැක.
වැඩ කරන කාලය හා දින
ප්‍රාදේශීය ලේකම් කාර්යාල රජයේ ඉඩම් කටයුතු පිළිබඳ අංශය
පෙ.ව.. 9.00 ප.ව. 4.30 දක්වා සඳුදා සහ බදාදා
ග්‍රාම නිලධාරී කාර්යාලය
පෙ.ව. 9.00 ප.ව. 4.30 දක්වා සඳුදා
පෙ.ව. 9.00 _ 12.00 දක්වා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
සේවය සඳහා ගෙවීම
නාගරික ප්‍රදේශ සඳහා
පලවෙනි අවුරුදු 5 ක කාලය ඉඩමේ වටිනාකමින් 4% ක වටිනාකම
ඉන් පසු අවුරුදු 5 කට වරක් බල පත්‍රය වාර්ෂිකව 50% කින් වැඩි කරනු ලැබේ.
සැ.යු. මාර්තු 31 පසු 10% කින් දඩ මුදල් අය කරනු ලැබේ.
ග්‍රාමීය ප්‍රදේශ සඳහා අය කරනු නොලැබේ.
අවශ්‍ය අමතර ලියකියවිලි
- ග්‍රාම නිලධාරී විසින් සලයනු ලබන ඉල්ලූම්කරු සතු වෙනත් ඉඩමක් නැති බවට තහවුරු කල ලපිය.
- ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්‍රාම සේවා නිලධාරී වාර්තාව
සේවය සඳහා වගකීම
තැනැත්තාගේ තත්වය
|
අදාළ අංශයේ නම |
ප්‍රාදේශීය ලේකම් තුමා |
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ඉඩම් නිලධාරී |
රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ග්‍රාම නිලධාරී |
අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාශය |
විශේෂ තොරතුරු
අදාළ නොවේ
සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත
සංවර්ධනය කරනු ලැබූ අනවසර ඉඩම් බදු මත ලබා ගැනීම සඳහා ඉල්ලූම් කරන ආදර්ශ ඉල්ලූම් පත්‍රය
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12. එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|