සුදුසුකම්
1. වැළදි ඇති රෝගය ක්‍ෂය රෝගය හෝ පිළීකා හෝ ලාදුරු හෝ තැලසීමියා රෝගය හෝ විය යුතුය
2. ඉතාමත් දිළීදු අඩු ආදායම්ලාභි පවුල් විය යුතුය
ඉල්ලූම්පත්‍ර පෝරම
අයදුම් පත්‍රය නම / අංකය |
විස්තරය |
ඉල්ලුම් කිරිමේ ලිපිය |
රෝගාධාර ලබා ගැනීම සදහා හේතුව දැක්විම |
එස් එස් /ටීබි /3 අයදුම් පත |
අයදුම්කරු අයදුම්පත සම්පුර්ණ කර අදාළ ග්‍රාම නිලධාරිතුමාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීය යුතුය |
පිළිවෙල පියවරෙන් පියවර (රෝගාධාර ලබා ගැනීම)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිළදාරිට භාර දිය යුතුය.
පියවර 2 : අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත යුතුය
පියවර 3 : සම්පුර්ණ කරන ලද අයදුම්පත රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතිකයද සමග අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරියාට භාර දිය යුතුය
සටහන:
- වෛද්‍යවරයා විසින් රෝගය පැවති කාලය වෛද්‍ය සහතිකයෙහි සදහන් කල යුතුය
- මෙම කාලය පිළිකා සදහා වලංගු නොවේ
- ලාදුරු රෝගියෙක් නම් වෛද්‍ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්‍යාපාරය මගින් ලබා ගත යුතුය
පියවර 4 : ග්‍රාම නිලධාරි නිර්දේශ කරන ලද අයදුම්පත සමග වෛද්‍ය සහතිකය සහ ඉල්ලූමේ ලිපියද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය
සටහන: අයදුමිකරු සෘඡුවම අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් විට ඉහත පියවරවල් අවශ්‍ය නොවේ
පියවර 5 : සමාඡ සේවා නිළදාරි අයදූම්පත් පරික්ෂා කර සුදුසු යැයි දැන් වු පසු ප්‍රාදේශීය ලේකම් ඉල්ලීම අනුමත කරනු ලැබේ පසුව අයදුම්කරුට මහඡනාධාර කාඩ්පත ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත හැක
පියවර 6 : අයදුම්කරුට ලගම ඇති තැපැල් කාර්යාලයෙන් රෝගාධාර ලබා ගත හැක
සටහන 1: සේවාව ලබා ගන්නා පුද්ගලයා අසනිප වු අවස්ථාවකදි ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙක් ග්‍රාම නිලධාරියාට දන්වා එම ආධාර මුදල ලබා ගත හැක.
අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූම්පත පුරවා ග්‍රාම නිලධාරීතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ආධාර මුදල ලබා ගත හැක
සටහන 2: රෝගාධාර සැම මසකම 6 වෙනිදා හා 13 වෙනිදා අතර දිනකදි ලගම පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැක
ඉහත දිනයන්හි රෝගාධාර ලබා ගත නොහැකි වුවහොත් නැවත එම හිග මුදල ලබා ගත නොහැක
කාලසීමාව: පිළියෙල කිරීමට ගතවන කාලය (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී
වලංගු කාලසීමාව - එක් මසකදී
වැඩ කරන වේලාවල් හා දවස්
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා
සතියේ සියලුම දින
ග්‍රාම නිලධාරි කාර්යාලයය
සඳුදා
පෙ.ව. 9.00 සිට ප.ව. 4.45 දක්වා
බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.
අවශ්‍ය සහායක තොරතුරු
- ඉල්ලුම්කිරිමේ ලිපිය
- රඡයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතිකය
සටහන:
- වෛද්‍යවරයා විසින් රෝගි වි සිටි කාළය වෛද්‍ය සහතිකයේ සටහන් කල යුතුය
- ලාදුරු රෝගියෙක් නම් වෛද්‍ය සහතිකය ලාදුරු වැලැක්විමේ ව්‍යාපාරය මගින් නිකුත් කරනු ලැබේ
විශේෂ කරුණු
- අයදුම්කරු අසනීප වු අවස්ථාවකදි අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමාට දැනුම් දි ඒ වෙනුවට වෙනත් අයෙක් යෙදවිය හැක
- අයදුම්කරු වෙනුවට කටයුතු කරන පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ලද එස්.එස්/පී/4 අයදූම්පත පුරවා ග්‍රාම නිලධාරිතුමාගෙන් අනුමත කරගෙන ලගම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අරමුදල ලබා ගත හැක
රෝගාධාර නැවැත්විම සහ අත්හිටුවිම
- අයදුම්කරුගේ මරණින් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රෝගාධාර දීමනාව ගෙවිම නැවැත්විය හැක.
- ආධාර ලබන්නෙකු මාස 3 ක් නොකඩවා එක දිගට රෝගාධාර මුදල් ලබා නොගත්තොත් එම රෝගාධාර මුදල අත්හිටුවිමට පුලුවන. රෝගාධාර මුදල අත්හිටුවු දිනයේ සිට මාස 3 ක් ඇතුලත නැවත ඉල්ලිමක් නොකලොත් එම රෝගාධාර මුදල නැවැත්විය හැක.
- රෝගාධාර මුදල් ලබන්නන්ගේ පවුලේ ආර්ථික තත්වය යහපත් වු පසු රෝගාධාර මුදල නැවැත්විය හැක.
- පදංචි ස්ථානය වෙනස් කිරිම
සටහන: රෝගාධාර සෑම වර්ෂයකම සංශෝධනයන්ට යටත් වේ
රෝගාධාර දීමනාව නැවත අලුත් කිරීම
සෑම අවුරුදු තුනකට වරක්ම අයදූම්පත එස්.එස් / පී 1 අලුත් කළ යුතුය
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12. එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|