The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් විවාහය විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ප්‍රාදේශීය සීමාව තුළ විවාහ වෙනවා නම් නීත්‍යානුකූලව විවාහ සහතිකයක පිටපතක් ගැනීමට අවශ්‍ය නම්, විවාහය සිදු කරන ලද ස්ථානය අයිති ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබා ගත යුතුය.
විවාහය සිදු කරන ලද ස්ථානය, ලියාපදිංචි වී සිටින ප්‍රදේශයෙන් ඉවත්ව තමා එය අයිති අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් එම සහතිකය ලබා ගත යුතුය.
 

ඉදිරිපත් කිරීමේ පිළිවෙල


1 අයදුම්පත්‍රයක් ලබා ගැනීම
අයදුම්කරු, විමසීම් කාර්ය්යාලයෙන් හෝ අදාළ සහතික පත්‍ර ලියාපදිංචි කිරීමේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් වරයෙක්ගෙන් අයදුම්පත්‍ර ලබා ගත යුතුය.

අයදුම්කරු අයදුම්පත්‍රය සකස් කර පිරවිය යුතුය.

පහත දැක්වෙන උපකාර දත්ත සැපයිය යුතුයි
ජාතික හැඳුනුම් පත්‍රය   
අයදුම් පත්‍ර අංකය
වසර /මාසය
පත්‍ර 121


2 ඉල්ලූම් කළ අයදුම් පත්‍රය භාර දීම

අයදුම්කරු ලියාපදිංචි කරන නිලධාරියාව ලඟට ගොස් අයදුම් පත්‍රය භාර දිය හැකිය.  නැතහොත් මුද්දර ලියුම් කවරයක් ලිපිනය සඳහන් කළ සහිතව තැපැල් කළ හැකිය

සටහන:_
අයදුම් පත්‍රය තැපැල් කරනවා නම් එය ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
අයදුම්කරු හරියටම ලියාපදිංචි මුලකුරු හෝ සත්‍ය ලියාපදිංචි අංකය දන්නේ නම් පිටපතක් ලබා ගැනීම ඉක්මන් හා පහසුවේ.
අදාල කාලය තුළ විවාහ සහතිකය, තැපැල් කරනු ලබයි.
   
අයදුම් පත්‍ර භාර ගනු ලබන කාලය
පෙ.ව. 9 මිට ප.ව. 12.30
ප.ව. 1 සිට ප.ව. 4.45


අයදුම් පත්‍රය

 

අයදුම් පත්‍ර අංකය නම    විස්තර
විවාහ සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය (සාමාන්‍ය හෝ මධ්‍යම) සහ / හෝ ලියාපදිංචි වීම් සොයා ගැනීම පත්‍ර 121 විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට

පිළිවෙල පියවරෙන් පියවර ( විවාහ සහතිකයේ පිටපතක් නිකුත් කිරීම )

පියවර 1    අයදුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යුලයේ විමසුම් අංශයෙන් හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරීයාගෙන් විවාහ අයදුම් පත්‍රයක් ලබා ගත යුතුය.

පියවර 2    අයදුම්කරු අයදුම් පත්‍රය සකස් කර පිරවිය යුතුය

පියවර 3    අයදුම්කරු විසින් අයදුම් පත්‍රය තැපැල් මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයේ ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත පැමිණ බාරදිය යුතුය

පියවර 4    ප්‍රාදේශීය ලේකම්ට ලැබුණු අයදුම්පත්‍රය හා ලැබුණු දත්ත සියල්ලම නිත්‍යානුකූල බව පරීක්ෂා කර වාර්ථා පොතේ සටහන් වි ඇත්දැයි පරීක්ෂා කරයි 

පියවර 5    අයදුම්කරුට තම විවාහ සහතිකය තැපැල් මගින් හෝ පැමිණ ලබා ගත හැක.

සටහන :
අයදුම්කරු නුසුදුස්සෙක් ලෙස තේරුනහොත් ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් අයදුම් පත්‍රය නුසුදුසු වීමට හේතුවද සමඟ නැවත අයදුම්කරුට එවනු ලබයි.

කාලසීමාව

පිළියෙල කිරීමට ගත වන කාලය

අයදුම්කරු විසින් විවාහ සහතික මුල් පිටපතෙහි ලියාපදිංචි දවස හෝ ලියාපදිංචි අංකය සැපවූයේ නම් අයදුම්කරුට දින 2 හෝ 3 ඇතුලත විවාහ සහතිකයෙහි පිටපතක් ලබා ගත හැක

සටහන :
අවශ්‍ය තොරතුරු සපයා දිමට නොහැකි වුවහොත් මානව සමිපත් ප්‍රමාණය අනුව අයදුම්පත් සෑදීමේ ක්‍රියාවලිය පමා වීමට ඉඩ ඇත
 

ඉදිරිපත් කළ හැකි කාලය

පියවර 1 විවාහ අයදුම් පත්‍රයක් ලබා ගැනීම
විවාහ අයදුම් පත්‍රය විමසුම් කාර්ය්යතලයෙන් හෝ විවාහ ලේකම්ගෙන් ඕනෑම වැඩ කරන වේලාවකදී මිලදී ගත හැක.

වැඩ කරන දවස්    : සඳුදා සිට සිකුරාදා දක්වා
(සඳුදා සහ බදාදා මුළු දිනයේම)
කවුළු විවෘත කරන වේලාවල්
පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව 3.00 දක්වා

නිවාඩු දිනයන් : ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු


පියවර 2 විවාහ අයදුම් පත්‍රය භාර ගැනීම
අයදුම්පත්‍රය සෘජුව භාර දෙන විට කාලය අපතේ යෑමක් නැත.
අයදුම්පත්‍රය තැපැල් කළ විට අයදුම්පත්‍රය අදාළ ස්ථානයට යාම සදහා තැපැල්  කාලය ගත වේ.                    

වැඩ කරන දවස්    : සඳුදා සිට සිකුරාදා දක්වා
(සඳුදා සහ බදාදා මුළු දිනයේම)
කවුළු විවෘත කරන වේලාවල්
පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

නිවාඩු දිනයන්  : ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

නීත්‍යානුකූල කාලසීමාව
ඡීවිත කාලය තුලදි

සේවා කටයුතු සඳහා වියදම

සේවා ලබා ගැනිම සදහා මුද්දර ගාස්තු පහත පරිදි වේ
   
ිටපත් දෙකකට වඩා ලබා ගන්නවා නමි මුද්දර ගාස්තු ලෙස රු. 5.00 බැගින් අය කරයි.

ලියාපදිංචි කළ දිනය නොදනී නම් පොත් මගින් සොයා ගැනීම සඳහා මාස තුනක් ගතවන අතර එය නිකුත් කරන්නේ මාස 3 කට පසු එක් පිටපතකි.  මුද්දර ගාස්තු වශයෙන් රු. 10.00 ගෙවිය යුතුය.  පිටපත් දෙකක් ලබා ගැනීමට රු. 5.00 බැගින් ගෙවිය යුතුය.

විවාහය සිදුවී අවුරුදු 2 ක කාලසීමාවක් තුළදී පොත් මගින් සෙවිය යුතු නම් මුද්දර ගාස්තු රු. 20.00 ගෙවිය යුතුය.

එක් පිටපතකට රු. 5.00 බැගින් අය කරයි. (පිටපත් 3 නේ සිට ඉහළට)
 

උපකාරක ලිපි
 නැත


විශේෂ අවස්ථා
මෙම සේවාව සදහා විශේෂ අවස්ථා නැත

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty