The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම (නේවාසික/වගා/වාණිජ කටයුතු සඳහා)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම (නේවාසික/වගා/වාණිජ කටයුතු සඳහා)

PDF Print Email

සුදුසුකම්

  • වයස 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන් සමන්විත ආයතනයක්වීම.
  • යම්කිසි රාජ්‍යය ආයතනයක අනුග්‍රහය මත රජයේ ඉඩමක් ලබාගැනීමට සුදුස්සෙකුවී සිටීම. (වාර්ෂික බලපත්‍රයක් ලබා තිබීම,ඉඩම්
    කච්චේරි වැනි විධිමත් තෝරාගැනීමක් සහිත වීම)
  • ටෙන්ඩර්,කච්චේරි,වෙන්දේසි මගින් තෝරා ගත් අයෙකු වීම.
  • පුණ්‍යමය,ආගමික හෝ විද්‍යාත්මක කටයුත්තකට රජයේ ඉඩමක් ඉල්ලා සිටින අයෙකුවීම.
  • ප්‍රජා කටයුතු ඉටුකරන ප්‍රජා සමිතියක් වීම.
  • සමූපකාර සමිතියක් වීම.
  • රාජයට අනුබද්ධ සංස්ථාපිත ආයතන වීම.(බැංකු,සංස්ථා,මණ්ඩල)
  • වාණිජ හෝ කාර්මික හෝ කෘෂිකාර්මික වියාපෘතියක් වීම.
  • 1995.06.15 දිනට පෙර අනවසරයෙන් ඉඩම් භුක්තිවිඳින පුද්ගලයෙකු ඉඩමෙන් ඉවත් කිරීම ප්‍රයෝගික නොවීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ප්‍රදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම හෝ

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු ‍අයකිරීමක් නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සේවා ගාස්තු ‍අයකිරීමක් නැත.
ඉඩම බදු ගැනීම වෙනුවෙන් වාර්ෂික බදු අයකිරීමක් සිදුවේ.

බදු අය කිරීම:

නේවාසික : වාර්ෂික බදු මුදල ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ නොදියුණු වටිනාකමින් 4 %කි
වගා : වාර්ෂික බදු මුදල ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ නොදියුණු වටිනාකමින් 4 %කි. සෑම වර්ෂ 5කට වරක්ම බදු මුදල 50%කින් සංශෝධනය කෙරේ.
වාණිජ : වාර්ෂික බදු මුදල ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ වාණිජ වටිනාකමින් 4 %කි. සෑම වර්ෂ 5කට වරක්ම බදු මුදල 50%කින් සංශෝධනය කෙරේ.

ඉහත සැම අවස්ථාවකදීම බදු ආරම්භයේදී එක්වරක් පමණක් ගෙවන වාර මුදලක් හෝ දඩ මුදලක් අයකෙරේ.

වාර මුදල  : වාර්ෂික බදු මුදල මෙන් තුන්ගුණයකි
දඩ මුදල  : ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ දියුණු වටිනාකමින් 12%කි

බදුකරු තෝරාගන්නා පදනම මත වාරමුදල හෝ දඩ මුදල දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබේ.
බදු අය කිරීම සඳහා යොදාගන්නා සියළුම තක්සේරු වාර්තාවන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට අනුව සිදුකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්යේ සේවා හා ප්‍රමුඛ සේවා)

අවම වශයෙන් මාස 06කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

පුද්ගලයෙකු නම්,

  • ඉල්ලීම් ලිපිය.
  • යම්කිසි බලපත්‍රයක් හෝ ලිඛිත අවසරයක් වේ නම්, එම බලපත්‍රය හෝ අවසර පත්‍රය.
  • දිව්රුම් ප්‍රකාශයක් (තමා වෙත පවතින ඉඩකඩම් අක්කර 50ක සීමාවක පවතින බවට,ප්‍රදේශීය ලේකම් විසින් නිකුත් කරන 17 පරිශිෂ්ඨය අනුව),ආදර්ශයක් අමුණා ඇත.
  • මැනුම් පිඹුර හෝ දළ අනුරේඛණයක්.(තිබේ නම්)

පොදු සමිතියක් නම්,

  • ඉල්ලීම් ලිපිය.
  • ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • සමිති විවස්ථාව.
  • මැනුම් පිඹුර හෝ දළ අනුරේඛණයක්.(තිබේ නම්)
  • සංස්ථාවක් නම්,
  • ඉල්ලීම් ලිපිය.
  • මැනුම් පිඹුර හෝ දළ අනුරේඛණයක්.(තිබේ නම්)
  • අධ්‍යක්ෂකවරුන්ගේ විස්තර.

පුද්ගලික සමාගමක් නම්,

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්               

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ඉඩම් කොමසාරිස් (ඉඩම්) ටී.මුරුගේෂන් මිය ඉඩම් +94-11-2695834  +94-11-2684051 landcommdept@gov.lk

රේක හෙවත් ඉහත වශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය

නොමැත.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත

අදාල නොවේ.
 


ආයතනයේ තොරතුරු

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

"මිහිකත මැදුර",
නො. 1200/6,

රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.


එන්.ඒ.බී.එම්. නිලවක ආරච්චි මහතා
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty