ජලය හරවා ගැනීම
රජයේ ඉඩම් වල ද්‍රව්‍ය ඉවත් කිරීම
විදුලිය නිෂ්පාදනය සඳහා ජලය හරවා ගැනීම
සුදුසුකම්
- ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන් සමන්විත ආයතනයක්වීම.
- පිළිගත හැකි කුඩා පරිමාණ ජල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වීම හෝ ගෘහ පරිභෝජනය සඳහා ජල පරිභෝජනයට ඉල්ලීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ප්‍රාදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අයකිරීමක් නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
- කුඩා පරිමාණ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා වාර්ෂිකව නිපදවන විදුලිය අශ්ව බල එකකට රු.25/- බැගින්.
- ගෘහ පරිභෝජනය සඳහා වාර්ෂිකව රු.10.00 බැගින්.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමානය සේවා හා ප්‍රමුඛ සේවා)
අවම වශයෙන් මාස 01කි.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය.
- රේඛීය අමාත්‍යංශයේ එකඟතාවය.
- මැනුම් පිඹුර හෝ දළ අනුරේඛණයක්.(තිබේ නම්)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර ඉඩම් කොමසාරිස් |
එන්.හපුහින්න මිය |
ඉඩම් |
+94-11-2675572 |
+94-11-2684051 |
landcommdept@gov.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
අදාල නොවේ.
ආයතනයේ තොරතුරුඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව "මිහිකත මැදුර",
නො. 1200/6,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල. අසන්ත ගුණසේකර මහතා දුරකථන:+94-11-2797400 ෆැක්ස් අංක:0112 - 864051 විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk වෙබ් අඩවිය: www.landcom.gov.lk
|