The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ ඉඩම් ගොඩ කිරීමේ ආඥා පනත යටතේ කොන්දේසි සහිතව මිනිසුන්ට ලබාදුන් ඉඩම් කොන්දේසි රහිතව ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩම් ගොඩ කිරීමේ ආඥා පනත යටතේ කොන්දේසි සහිතව මිනිසුන්ට ලබාදුන් ඉඩම් කොන්දේසි රහිතව ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

අවසර පත්‍ර / ප්‍රදාන පත්‍ර මත දෙනලද ස්වකීය ඉඩම් ‍භුක්ති විඳින ඉඩම් කට්ටි ලාභීන්

මෙම ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොමැති කල්හි එම ඉඩම් අයිතිය දෙන හා තුන්වන පරම්පරාවට හිමිකම් කිව හැකිය.
අනුප්‍රාප්තිකයන් ‍හෝ ඔවුන්ට සම්බන්ධ අය නොමැති කල්හි ප්‍රාදේශීය ලේකම් පරීක්ෂා කිරීමෙන් පසු ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3වන උපලේඛනයේ සඳහන් තැනැත්තකු තෝරා ගැනීමෙන්.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය

  1. යම් ඉඩම් ප්‍රතිලාභියෙකුගේ ලැබිය යුතු මුදල් එකවර ගෙවීමට කැමැත්ත පළකරමින් ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීම.
  2. ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් හරිවැරදි බලා L.R.1පෝරමය මගින් ම නිර්දේශය යැවීම. ඒ අනුව ප්‍රධාන කාර්යාලයේ ඇති ලිපිගොනු සමග පරීක්ෂා කොට මුදලේ නිරවද්‍යාතාවය ගැන දැනුම් දීම.
  3. මෙම මුදල ඉඩම් ප්‍රතිලාභියාගෙන් ලබාගෙන අදාළ වැය ශීර්ෂයට බැරකර යුතුය. පොදු 118 පෝරමය පුරවා ප්‍රධාන පත්‍රය නිකුත් කල හැකි පරිදි මිනුම් ඉල්ලීම යැවිය යුතුය.
  4. මැනුම් අධිකාරී අදාළ ඉඩමේ රූපසටහන (ඉඩම් නිකුත් කිරීමේ පනත යටතේ ප්‍රදාන පත්‍රය සකස් කිරීම සඳහා ) ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවිය යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

මෙය රජයේ ආදායමක් වන බැවින් මෙම ඉඩම අත්කර ගැනීමට රජය විසින් දරනු ලබන මුදල තක්සේරුකළ මුදල වේ. (මුල් ඉඩම් කට්ටිකරුට ඉඩම භාර දුන් දවසේ සිට එම ඉඩම නිදහස් කරන ලෙස වර්තමාන ඉල්ලුම්කරු ඉල්ලා සිටින වර්ෂය දක්වා) මේ මුදල මත 04% බැගින් පොලිය ගණනය කරනු ලැබේ. එසේ ගනු ලබන මුදල රජය වියදම් කළ මුදලට එකතු කොට ප්‍රදේශය ලේකම් භාරයේ ඇති ලෙජරයට අනුව රජයට ගෙවනු ලබන බදු මුදල හා පොලී මුදල අඩුකොට ඉතිරි මුදල කට්ටිකරුගෙන් අය කරගනු ලැබේ. මීට අමතර සේවා ගාස්තු සහ ප්‍රමුඛ සේවා ගාස්තුවක් අයකරනු ඇත.

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

මාස 02ක කාලයක

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. උප්පැන්න සහතිකය හෝ ඥාති සම්බන්ධතාවය ඔප්පු කිරීම සඳහා දිවුරුම් පෙත්සමේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
  2. තක්සේරු වටිනාකම ගෙවන විට ඉඩම කට්ටි ලාභියා විසින්  අදාළ ඉඩමේ පරණ රූප සටහන ප්‍රාදේශීය ලේකම්වරයාට බාරදිය යුතුය.

අතිරේක හෙවත් ඉහත අවස්ථාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ආදර්ශ අයදුම් පත්‍රය

නැත.

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත්‍රය
 


ආයතනයේ තොරතුරු

Department of Land Commissioner General

Mihikatha Medura,
No:1200/6,
Rajamalwatththa Road,
Battaramulla.


Ms. J.M.D Indrachapa
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:55:59
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 266
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty