The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව වෘත්තීය නිපුණතාවයට සහතික ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෘත්තීය නිපුණතාවයට සහතික ලබාදීම.

PDF Print Email

වෘත්තීය පුහුණුව මගින් හෝ වෘත්තීයක නියැලීමෙන් දැනටමත් ලබා ඇති නිපුණතාවයන් ඇගයීමකට ලක් කොට (Recognition of Prior Learning – RPL) ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා දීම මෙයින් අදහස් කෙරේ.


සහතික ලබාදීමේ පිලිවෙත :

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති පහත සඳහන් කාර්මික විද්‍යාල  මගින් හඳුනාගත් ක්ෂේත්‍ර සඳහා RPL යටතේ NVQ සහතික ලබා ගැනීම සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කර රු.250.00 ක් ගෙවා ලියාපදිංචි විය යුතුය.

මධ්‍යස්ථානය සහතික ලබාගත හැකි හඳුනා  ගත් වෘත්තීන්
තාක්ෂණ විද්‍යාලය - මරදාන රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍ර සහ අශ්‍රිත භාණ්ඩ අළුත්වැඩියාව
කාර්මික විද්‍යාලය - කළුතර වඩු කාර්මික (ගෘහ භාණ්ඩ) ශිල්පය, ජලනල කාර්මික ශිල්පය
තාක්ෂණ විද්‍යාලය - මහනුවර වායුසමීකරණ හා ශීතකරණ කාර්මික ශිල්පය
කාර්මික විද්‍යාලය - පාතදුම්බර ගෘහස්ථ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අළුත්වැඩියාව
තාක්ෂණ විද්‍යාලය - ගාල්ල ජලනල කාර්මික ශිල්පය
කාර්මික විද්‍යාලය - බලපිටිය පෑස්සුම් කාර්මික ශිල්පය
කාර්මික විද්‍යාලය - වාරියපොල පෑස්සුම් ශිල්පය, පෙදරේරු ශිල්පය
තාක්ෂණ විද්‍යාලය - කුරුණෑගල පෙදරේරු ශිල්පය
කාර්මික විද්‍යාලය - කෑගල්ල වායුසමීකරණ හා ශීතකරණ කාර්මික ශිල්පය
කාර්මික විද්‍යාලය - වරකාපොල ජලනල කාර්මික ශිල්පය
තාක්ෂණ විද්‍යාලය - අනුරාධපුර පෑස්සුම් කාර්මික ශිල්පය
කාර්මික විද්‍යාලය - දෙහිඅත්තකණ්ඩිය පෑස්සුම් කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය

 (ඉදිරියේදී තවත් ක්ෂේත්‍ර සහ මධ්‍යස්ථාන මෙයට එකතු වනු ඇත)

  • ඉන් පසු ඇගයීම් නිලධාරියා (Assessor) හා ඔබගේ එකඟතාවය මත පහසු දිනකදී නිපුණතා පිළිබඳ සාක්ෂි, ලිපි‍ෙගානු පරීක්ෂා කිරීම, ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා සාක්ෂි ප්‍රබල නොවන අවස්ථාවලදී ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවැත්වීම සිදු කරනු ඇත. ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ එයට යන වියදම අයදුම් කරුට දන්වනු ඇත. එම මුදල කාර්මික විද්‍යාලය වෙත ගෙවිය යුතුය.
    (මෙම පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම අයදුම්කරුට අවශ්‍ය නමි අදාල විද්‍යාලය මගින් ප්‍රායෝගික පෙරහුරු අධ්‍යයනයක් ලබාගත හැකිය. ඒ සඳහා විද්‍යාලය මගින් නියම කරන ගාස්තුව අයදුම්කරුට ගෙවීමට සිදුවේ)
  • මෙම පෙර ඉගෙනුම් ඇගයුමෙන් පසු එහි ප්‍රතිඵල කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ විභාග අංශයටත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියටත් (NAITA) ඉදිරිපත් කරනු ලැබේ.
  • සහතික පත්‍ර නිකුත් කිරීම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හා  NAITA ආයතනයේ අධ්‍යක්ෂක(ඇගයීම්) අත්සනින් පිරිනමනු ඇත.
  • මෙම පරීක්ෂණය සඳහා පූර්ණ බලධාරියා NAITA ආයතනය බැවින් වැඩි විස්තර සඳහා NAITA ආයතනයේ NVQ අංශය අමතන්න.

ආයතනයේ තොරතුරු

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

තැ. පෙ. 557,
ඔල්කොට් මාවත,
කොළඹ 10.


එච්.කේ.එන්. තුෂාරික මහතා
දුරකථන:+94 112 421 580
ෆැක්ස් අංක:+94 112 449 136
විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty