හැඳින්වීම
- මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික ප්‍රශ්ණවලට අදුාල පැමිණිලි හෝ ගැටළු සම්බන්ධව පැමිණිලි භාරගනු ලැබේ.
- ඔබගේ පැමිණිල්ල පහත සඳුහන් වර්ගයන් යටතේ වේ නම්, එය විසඳීමට ගතවන කාලය අඩු කිරීම සඳුහා එය පහත දැක්වෙන ආයතනවලට යොමු කිරීම මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කරනු ලැබේ.
කර්තව්‍ය |
අදාල ආයතනය |
1.වැලි කැණීම, ගල් පිපිරවීම, පස් කැණීම වැනි කැණීම් |
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය |
2.දුරකථන කුළුණු ඉදිකිරීම |
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
3.ඉඩම් ගොඩකිරීම |
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව |
4.වනජීවී සහ ඊට අදාල කරුණු |
වනජීවී දෙපාර්තමේන්තුව |
5.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් අනුමත කරන ලදු කර්මාන්තවලට අදාල මහජන පැමිණිලි |
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය |
6.වෙරළ සංරක්ෂණයට අදාල මහජන පැමිණිලි |
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
7.කුඹුරු ඉඩම් ගොඩ කිරීම |
ගොවිජන සේවා කොමසාරිස් |
8.අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම |
පළාත් පාලන ආයතන |
මහජන පැමිණිල්ලක් කෙසේ කළ යුතු ද?
- ලිපි මාර්ගයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හා එහි පළාත් කාර්යාල වලට පැමිණ අතින් භාර දුීම මඟින්
- විද්‍යුත් තැපෑල මඟින් (renusha@cea.lk)
- හදිසි ඇමතුම් අංකය මඟින් (+94-112-888999)
මහජන පැමිණිලි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය
- මහජන පැමිණිල්ල වෙනත් ආයතනවලට අදාල වේ නම්, එම පැමිණිලි කරුට නිසි උපදෙස් සහිතව අදාල ආයතනයට යොමු කරනු ලැබේ.
- එය මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අදාල පැමිණිල්ලක් නම්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂා කරනු ලැබේ.
- ඉන් අනතුරුව අවශ්‍ය පියවර ගැනීම
කාර්යාල වේලාවන්
- මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් කාර්යාල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දුක්වා සතියේ වැඩ කරන සෑම දිනකම.
- පළාත් පාලන ආයතන ඔවුන් සඳුහා වෙන් වූ කාර්යාල වේලාවන් පවත්වාගෙන යනු ලැබේ.
- පැමිණිල්ලකට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගතවන කාලය
- දින 14 සිට මාස 02 දක්වා
ආයතනයේ තොරතුරුමධ්යම පරිසර අධිකාරිය
නො:104,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල. එල්. එස්. ද සිල්වා මහතා දුරකථන:+94-11-2872278 / +94-11-2872263 / +94-11-2873447-49 ෆැක්ස් අංක:+94-11-2872601 විද්‍යුත් තැපෑල:ceainfo@cea.lk වෙබ් අඩවිය: www.cea.lk
|