The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කලාකරු ආධාර ලබා ගැනීම

PDF Print Email
අගහිග කලාකරු ආධාර
අවමංගල්‍යාධාර
වෛද්‍යාධාර  යනු මේ යටතේ කලාකරුවන්ට පිරිනමන ආධාරයන්ය
     
වයස අවුරුදු 60 ඉක්ම වූ අඩු ආදායම් ලාභී කලාකරුවකු වීම
වෙනත් ආධාර ක්‍රමයක් යටතේ ආධාර මුදලක් නොලබන්නෙකු වීම
විශ්‍රාම වැටුප් නොලබන්නෙකුවීම
රෝගී තත්ත්වයෙන් පෙලෙන ප්‍රතිකාර ලබාගැනීමට අපහසු ආර්ථික දුෂ්කරතා ඇති කලාකරුවෙකුවීම
අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අගහිග කලාකරු අධාර අයදුම්  පත්‍රය ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරීගේ හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීගේ නිදේශ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
අවමංගල්‍යාධාර සහ වෛද්‍යාධාර සඳහා නිශ්චිත අයදුම්පත් නොමැති අතර ඉහත සුදුසුකම් සහිත කලාකරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරීන්ගේ හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන්ගේ ඉල්ලීම් සහ නිර්දේශ මත ආධාර ලබාදීමට සංස්කෘතික අධ්‍යක්ෂ කටයුතු කරයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සහ අදාළ ප්‍රාදේශීය ලේකම්  කාර්යාලවලින් අගහිග කලාකරු ආ‍ධාර සඳහා අයදුම් පත් ලබා ගත හැක.‍
අයදුම්පත් සඳහා ගාස්තු අයකිරීමක් නැත.
අවශ්‍යතා අනුව අගහිගකලාකරු ආධාර සඳහාත්, වෛද්‍යාධාර සඳහාත් වසර පුරා ඉල්ලුම් කළ හැකි අතර  අවමංගල්‍යාධාර සඳහා කඩිනමින් ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.
සේවා සැපයීම වෙනුවෙන්  ගාස්තු අයනොකෙරේ.
පවතින ප්‍රතිපාදන අනුව අයදුම්පත් ලැබී ඇති අනුපිලිවෙලට ආධාර පිරිනැමීමට කටයුතු කරයි.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරයි
අගහිග කලාකරු ආධාර ක්‍රමය යටතේ එක් කලාකරුවෙකුට වාර්ෂිකව පිරිනමන ආධාර මුදල රුපියල් 3,000.00කි. මෙම ආධාර මුදල ලබාදෙන මොහොත වන විට අදාළ කලාකරුවා මියගොස් සිටියහොත් එම ආධාර මුදල අදාළ කලාකරුවාගේ අවමංගල්‍ය උත්සව කටයුතු සඳහා හෝ තුන්මස දානය සඳහා යොදාගැනීමට අනුමැතිය හිමි වේ. ආධාර ලබමින් සිටි කලාකරුවෙක් මිය ගිය විට ඔහුගේ ඥාතින් විසින් ඒ බව සංස්කෘතික අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය. වෛද්‍යාධාර අයදුම් කිරිමේ දී රෝගය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුය. වෛද්‍යාධාර අයදුම්කරන කලාකරුවාටත්, අවමංගල්‍යාධාර අදාළ කලාකරුවාගේ ළඟම ඥාතීයාටත් ගෙවීමට කටයුතු කරයි.
        ඉල්ලුම්පත් ආකෘතිය අමුණා ඇත
         සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක පිටපතක් අමුණා ඇත.

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:07
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 256
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty