The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික ගමනා ගමන කොමිෂන් සභාව

PDF Print Email

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව 1991 අංක 37 දරන ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත යටතේ පිහිටු වන ලදී. බස් රථ වලින් සිදු කෙරෙන මගී ප්‍රවාහන සේවාවන්ට අදාල ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ රජයට උපදෙස් ලබාදීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ කාර්යය වේ.

එම ප්‍රතිපත්තියට අනුව:

  • මහජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පිළිගත හැකි ගුණාත්මක භාවයකින් යුත් බස් රථ සේවාවන් පවතී ද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම හා එම සේවාවන් පවත්වා ගෙන යා යුතු අවම මට්ටම තීරණය කිරීම.
  • බලයලත් තැනැත්තෙකු විසින් මගී සේවා අවසර පත්‍රයක් නිකුත් කිරිමේ දී හෝ අලුත් කිරීමේ දී, හෝ වෙන් වෙන් වු ගාස්තු මත මගීන් ප්‍රවාහනය කිරීම සදහා බස් රථ යොදා ගැනීමට වෙනත් අධිකාරයක් විසින් බලය ලබා දීමේ දී හෝ අනුගමනය කළ යුතු කොන්දේසි නියම කිරීම.
  • මෙම පනත යටතේ හෝ අදාළ බලයලත් තැනැත්තන් විසින් හෝ නිකුත් කරන ලද මගී සේවා අවසර පත්වල කොන්දේසි වලට අනුකූලව එම අවසර පත්‍ර ලාභින් විසින් කටයුතු කරන්නේ ද යන්න පිලිබඳ ව යම් ලිඛිත නීතියක විධි විධාන වලට යටත්ව අධීක්ෂණය කිරිම හා එම කොන්දේසි බලාත්මක කිරිම
  • බලයලත් තැනැත්තෙකු විසින් මගී සේවා අවසර පත්‍ර නිකුත් කළ යුතු ආකාරය පිළිබඳව නියම කිරීම.
  • බලයලත් තැනැත්තෙකු විසින් මගී සේවා අවසරපත් නිකුත් කිරීම හෝ අලුත් කිරීම වෙනුවෙන් අය කළ යුතු ගාස්තු නියම කිරීම.
  • මගී සේවා අවසර පත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කරු විසින් බලයලත් තැනැත්තෙකු වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි, එනම් වාහනයේ යේග්‍යතාව, මගීන් ගෙන යා හැකි ධාරිතාව සහ රියදුරුගේ යෝග්‍යතාව හා තහවුරු කළ යුතු අනෙකුත් කරුණු වලට අදාල ලියවිලි ආදිය නියම කිරීම.
  • මෙම පනත යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේදී හා නියම වන කාර්යයන් ඉටු කිරීමේදී කොමිෂන් සභාවට අවශ්‍ය වන යම් දත්ත හා ‍තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙස බලයලත් තැනැත්තෙකු විසින් නිකුත් කරන ලද මගී සේවා අවසර පත්‍ර ලාභීන්ට නියම කිරීම.
  1. තැපැල් ගෙන යාම සහ
  2. පාසැල් ළමුන් සහ විශ්ව විද්‍යාල, කාර්මික ආයතන, හා වෙනත් ඒ හා සමාන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනග්‍රාහක ගාස්තු මත පාසැල් සේවාවන් සැපයීම ඇතුළු රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන වලට අවශ්‍ය බස් රථ සේවාවන් සැපයීම සඳහා අදාළ රඡයේ දෙපාර්තමේන්තු, ආයතන,හා බලයලත් පුද්ගලයන් සමග සම්බන්ධීකරණය කිරීම.
  • නියම කර ඇති කොන්දේසි වලට අනුකූලව ධාවනය කෙරෙන මගී සේවා බස් රථ සඳහා මගී සේවා අවසරපත් ප්‍රදානය කිරීම.
  • ලාභදායි නොවන මාර්ග සඳහා තරඟකාරී මිළ ගණන් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එම මාර්ග වල මගී ප්‍රවාහන සේවාවන් සැපයීමට ඉදිරිපත් වන පුද්ගලයන් සමග ගිවිසුම් වලට ඇතුලත් වී අදාළ මාර්ගවල මගී ප්‍රවාහන සේවාවන් සැපයීම සහතික කිරීම.තවද,එම සේවාවන් සපයනු ලබන පුද්ගලයන් සඳහා අවශ්‍ය අවස්ථාවන්හි දී මූල්‍ය ආධාර ලබාදීම හා සපයනු ලබන සේවාවන්ගේ ස්වභාවය අනුව සේවා සපයන්නන් විසින් අය කළ යුතු ගාස්තු නියම කිරීම.
  • අන්තර් පළාත් මගී බස් සේවාවන් සැපයීම සදහා යම් පුද්ගල‍යෙකු සමග ගිවිසුම් වලට ඇතුලත් වීම හා ඒ අනුව, මගී ප්‍රවාහන සේවා අවසරපත් නිකුත් කිරීම.
  • බලයලත් තැනැත්තන් හට අවශ්‍ය කළමනාකරණ දැනුම හා සහය ලබා දීම හා මගී බස් රථ සේවාවන් සැපයීමට අදාලව ඔවුන්ගේ රාජකාරි කටයුතු නිසි පරිදි ඉටුකිරීමේ දී අවශ්‍ය වන්නා වු වෙනත් යම් සහයක් හෝ උපදෙසක් වේ නම් එය ලබා දීම.
  • මගී බස් රථ උපයෝගී කර ගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු සැලසීම

 

ලිපිනය හා දු.ක. අංක:

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන කාර්යාලයන්

ප්‍රධාන කාර්යාලය

ජාතික ගමනාගමන කොමිෂන් සභාව
අංක 241,
උද්‍යාන පාර,
කොළඹ 05.


දු.ක. අංක : 011-2595555 / 011 2587372 / 1955
ෆැක්ස් : 011-2503725

ඊ - මේල් : info@ntc.gov.lk
වෙබ් අඩවිය:- www.ntc.gov.lk

මහජන පැමිණිලි ඒකකය

දුරකථන අංකය :- 011 3158861

ෆැක්ස් අංකය :- 011 2081090

 


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-05-12 10:07:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty