නිවාස ආධාර මුදලක් ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම්
නිවාස ණය මුදලක් ලබා ගැනීමට නොහැකි නිවාස අවශ්‍යතාවය ඇති ඉතාම අසරණ දරු පවුලක් වීම. (අංග විකලභාවය, යුදමය හේතු මත වස්තු භංගත්වයට හා අනාථ භාවයට පත්වීම. ස්වාභාවික විපත් වලින් හානි වූ නිවාස වල වෙසෙන අසරණ දරු පවුල් වීම. යනාදී දරු පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමිවේ.)
නිවාස ආධාර මුදලක් ඉල්ලන්නේ නම් අසරණ බව හා අවශ්‍යතාවය තහවුරු කරන ලියවිලි ඉදිරිපත් කළයුතු වේ. මෙම තහවුරු කිරීමේ ලියවිලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හා ප්‍රාදේශීය ලේකම් ගේ අත්සනින් සහතික කර තිබිය යුතුය.
ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
දිවයිනේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් සතියේ වැඩ කරන දිනවල දී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත නිවාස නිලධාරි වෙතින් සතියේ බදාදා දින වල දී ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැකිය.
ආයතනයේ තොරතුරුජාතික නිවාස සංවර්ධන අධිකාරිය
තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.
දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748 ෆැක්ස් අංක:(94)-11-2449622 විද්‍යුත් තැපෑල:info@nhda.lk වෙබ් අඩවිය: www.nhda.lk
|