හැඳින්වීම
නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 වගන්ති ප්‍රකාර ප්‍රකාශිත නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශ වල සිදු කරනු ලබන අනවසර සංවර්ධන කටයුතු සඳහා (ඉඩම් අනු කොටස් වලට බෙදීම, ඉදිකිරීම සහ භාවිතය වෙනස් කිරීම) සේවාවන් සැපයීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
මේ සඳහා නියමිත ඉල්ලුම් පත්‍රයක් නොමැති අතර, ලිපියකින් දැන්වීම ප්‍රමාණවත් වේ. නොඑසේ නම් විදුලි පුවතකින් හෝ දුරකතන ඇමතුමකින් වුවද පැමිණිලි කල හැකය. විශේෂයෙන් අනවසර සංවර්ධන කටයුත්තක් සිදු වූ වහාම වාර්තා කිරීමෙන් ඉදිරි කටයුතු කර ගෙන යාමට පහසු වේ. මෙහිදී අනවසර සංවර්ධනකරුගේ නම, ලිපිනය, ඇතුලත් කිරීම වැදගත් වන අතර, නිර්නාමිකව වුවද පැමිණිල්ලක් කිරීමේ හැකියාව මහජනයාට ඇත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දින වල කාර්යාල වේලාවන් තුලදී මෙහි සඳහන් සේවාවන් වලට අදාල පැමිණිලි භාරගනු ලබන අතර, විශේෂයෙන් සතියේ බදාදා දිනක නීති අංශයට පැමිණීමෙන් තම සේවාවන් ලබා ගත හැකිය.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර, කිසියම් පැමිණිල්ලක් මත අනවසර සංවර්ධන කටයුත්තක් ඉවත් කිරීමේදී විශාල පිරිවැයක් අධිකාරියට දැරීමට සිදුවුවහොත් පමණක් පැමිණිලි පාර්ශවයේ එකගතාවය ඇතිව එම පිරිවැයෙන් කොටසක් දැරීමට පැමිණිලි පාර්ශවයට දැනුම් දීමට කටයුතු කෙරේ. මෙවැනි කටයුත්තකදී සභාපති/අධ්‍යක්ෂ ජනරාල් අනුමැතිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය
කිසියම් පැමිණිල්ලක් ලැබීමෙන් පසු නොපමාව ඒ පිළිබඳව කටයුතු කරන අතර, නීතිමය පියවර ගැනීමේදී පනතේ ප්‍රතිපාදන අනුව මාස 3ක කාලයක් තුලදී අවසන් කිරීමට කටයුතු කෙරේ. නමුත් අධිකරණ වලදී ලැබෙන දින වකවානු අනුව මෙම කාල සීමාව වෙනස් වන අවස්ථාද ඇත.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
උක්ත සේවාවන් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැමිණිල්ල පමණක් ප්‍රමාණවත් වුවද, අදාල අනවසර සංවර්ධන කටයුත්ත සනාථ කිරීමට ලියවිලි තිබේ නම් ඉදිරිපත් කිරීම වඩාත් පහසු වේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ජ්‍යෙ. නඩු පැවරීමේ නිලධාරි |
කේ. ජයවර්ධන |
නීති අංශය |
+94-011-2864048 |
+94-011-2888012 |
legal@uda.lk |
නීතිඥ/නඩු පැවරීමේ නිලධාරි |
බුද්ධිකද සොයිසා |
නීති අංශය |
+94-011-2874540 |
+94-011-2888012 |
legal@uda.lk |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|