අපනයන කෘෂි බෝග නව වගා ප්‍රවර්ධන ආයෝජන ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි වීමට අවශ්‍ය සුදුසුකම්
- අවම වශයෙන් හෙක්ටයාර් (0.2) අක්කර 1/2 ක් හෝ ඊට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් තිබිය යුතුයි.
- (ගම නැගුම, ජාතික සවිය වැඩ සටහන් යටතේ හෙක් (0.4) අක්කර 1/4 වැඩි ඉඩම්ද සලකා බලනු ලැබේ.
- වගා කිරීමට යෝජිත ඉඩමේ සින්නක්කර අයිතිකරු වීම හෝ හවුල් අයිතිකරුවකු වීම හෝ වගාව සඳහා පෑවරු ඉඩමක්ද විය හැක.
- හවුල් අයිතිය සහිත ඉඩමක් නම් අනෙක් පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආධාර යටතේ බෝග වගාකිරීම සඳහා බලය ලබා ගත් ලිපියක් ග්‍රාම නිලධාරී සනාථකර ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කළ යුතුය.
- වගාව සඳහා බලය පැවරූ ඉඩමක් නම් අයිතිකරුවන්ගෙන් ලබාගත් පැවරීමේ ලිපිය ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය සමග ඉදිරීපත් කල යුතුය.
- උක්ත කුමන හෝ ඉඩමක් සඳහා, වපසරිය හෙක්ටයාර් 2කට වැඩි නම්, ඉඩමේ පිඹුරු පතක් ඉදිරිපත් කළ යුතුය.
- පසුගිය වසර අට තුල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් වගා ආධාර නොලැබු ඉඩමක් විය යුතුය.
- තේ, පොල්, රබර් ඉඩම් වල අතුරු වගා වශයෙන් අපනයන කෘෂි බෝග වගා කරන විට සිටවු පැල ප්‍රමාණය අනුව අක්කර ගණන ගණනය කරනු ලැබේ.
- බෝග වගාව සඳහා ඉඩම පිළියෙළ කළ පසු වගා කිරීමට නිර්දේශිත පැල ප්‍රමාණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගත හැක.
ආයෝජන ආධාර මුදල ලබා ගැනිමට සපුරා තිබීය යුතු අවශ්‍යතාවයන්
- ඒ ඒ බෝග අනුව මාස 8 සිට වසර 2 -3 ඉක්මවා ගිය පසු ඉඩමේ පැල වලින් 90%ක් හොඳින් ස්ථාපනය වී තිබීය යුතුය.
- නිර්දේශිත පරිදි ඉඩමේ වගා කටයුතු නිම කර තිබිය යුතුය.
- පාශු සංරක්‍ෂණය
- පාලු සිටුවීම
- සෙවන පාලනය හා කප්පාදුව
- වල් පැලෑටි පාලනය
- රෝග පලිබෝධ පාලනය
- කාබනික පොහොර භාවිතය
1 2 3 ඉඩම් පරීක්‍ෂණ වාර්තා වලින් පසු 4 වන පරීක්‍ෂණ වාර්තාව නිර්දේශකර ගෙවිම් කටයුතූ කරනු ලැබේ.
ඉල්ලුම් පත්‍ර ඉදිරීපත් කිරීමේ ක්‍රමවේදය
රු. 10.00 ක මුද්දරයක් ඉදිරීපත් කර නව වගාව සඳහා ඉල්ලුම් පත්‍ර ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිළධාරි කාර්යාලයෙන් හෝ අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
ගෙවිම් කිරීම සදහා සපුරාලිය යුතු ලියවිලි
- සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- මුලික ඉඩම් සමික්‍ෂණ වාර්තාව
- 1 2 3 පරීක්‍ෂණ වාර්තාවන්
- 4 වන ගෙවිම් පරීක්‍ෂණ වාර්තාව
- ගිවිසුම
- වවුචරය
සියලුම සේවාවන් නොමිලේ සපයනු ලැබේ.
සේවා භාර මණ්ඩලික නිළධාරීන්
- ගොවි ජනසේවා බල ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි
- අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ
- මුලස්ථාන ව්‍යාප්ති නිලධාරි
මෙම සේවාවන් මාස 2-6 ක් ඇතුලත සම්පුර්ණ කරනු ලැබේ.
ආයතනයේ තොරතුරුඅපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
1095,
නුවර පාර,
පේරාදෙණිය.
ඒ. පී. පී. දිස්නා දුරකථන:0812388651 ෆැක්ස් අංක:0812388738 විද්‍යුත් තැපෑල:direxag@sltnet.net වෙබ් අඩවිය: www.exportagridept.gov.lk
|