The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පිඹුරක පිටපතක් ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම් පත
පිඹුරක පිටපතක් ලබාගැනීම

PDF Print Email

පිඹුරු සහ ඉඩම්  විස්තර ලැයිස්තුවල පිටපත් ආකාර තුනකට ලබාගත හැක.

(අ) තමාට අවශ්‍ය බිම් කැබැල්ලේ පිඹුර රේඛා චිත්‍රයක් ලෙස ලබාගත හැක.
(ආ) තමාට අවශ්‍ය බිම් කැබැල්ල අඩංගු ක්ෂේත්‍ර පත්‍රයේ ඡයා පිටපතක් ලෙස
(ඇ)තමාට අවශ්‍ය බිම් කැබැල්ලට අදාල ඉඩම් විස්තර ලැයිස්තුවේ ඡයා පිටපතක් ලෙස
(ඈ) තමාට අවශ්‍ය බිම් කැබැල්ල අඩංගු ක්ෂේත්‍ර පත්‍රයේ / විස්තර ලැයිස්තුවේ ස්කෑන්  කල අංකිත ගොනුවක පිටපතක් ලෙස


ඔබගේ පිඹුරේ පිටපතක් ලබාගැනීම සඳහා එම පිඹුර අඩංගු වී ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සාදන ලද කුමන පිඹුරකද / ක්ෂේත්‍ර පත්‍රයේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අවශ්‍ය වේ.

 

මේ සඳහා ඔබ ළඟ ඇති ඔප්පුවේ හෝ ප්‍රදාන පත්‍රයේ අදාල ඉඩම පිළිබඳ විස්තර එහි උපලේඛනයේ සඳහන්ව ඇත්නම් එය ඉතා පහසුය. නමුත් බොහෝ අවස්ථාවල ඔප්පුවක අදාල පිඹුර හඳුනා ගැනීමට අවශ්‍ය සියලු විස්තර සඳහන්ව නොමැත. එනම් හිමිකම් පිඹුරු අංකය හෝ කැබලි අංකය පමණක් සඳහන් වන අවස්ථාවන් ඇත. මේ නිසා අදාල ඉඩම පිහිටි ගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, පැරණි ක්‍රමය අනුව කෝරලය, පත්තුව වැනි තොරතුරු ඔබ ප්‍රදේශයේ දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය වෙත ලබාදී ඔබට අවශ්‍ය ඉඩම පිළිබඳ තොරතුරු සහ සේවාවන් ලබාගත හැකිවනු ඇත. මෙම තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ආකෘති පත්‍රයක් සෑම දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයකම ඇති අතර එය සම්පූර්ණ කිරීම සඳහා එහි සිටින නිලධාරීන්ගේ සහාය ලබාගත හැක. දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා ඔබ එහි යනවිට එම සේවාවන් ලබාගැනීමට අවශ්‍ය ඉඩමට අදාල ඔබ සතුව ඇති සියලු ලිපිලේඛන රැගෙන යාම ඔබගේ කටයුත්ත කර ගැනීමට ඉතා පහසුවනු ඇත. ඔබට අදාල ඔප්පු කියවා තේරුම් ගැනීමට අපහසු වුවත් එහි සිටින නිලධාරීන්ට ඒවා කියවා ඔබට අවශ්‍ය උපදෙස් දීමටත් එමගින් අවශ්‍ය තොරතුරු ලබාගෙන ඔබට අවශ්‍ය සේවාවන් ලබාදීමටත් ඔවුනට හැකිවනවා ඇත.

ඔබ සතුව ඇති ලේඛන අනුව අදාල පිඹුර සකස් කර ඇත්තේ බලයලත් මිනින්දෝරුවරයකු විසින් හෝ ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරයකු විසින් නම් ඊට අදාල පිඹුරුවල පිටපත් එම මිනින්දෝරු මහතාගෙන්ම ලබාගත යුතුය. ඔබ සතු ලේඛනවල එම බලයලත් මිනින්දෝරු මහතාගේ ලිපිනය හා දුරකතන අංකය සඳහන්ව නොමැතිනම් එම විස්තර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල‍ෙය් පිහිටා ඇති මැනුම් සභාව ඇමතීමෙන් ලබාගත හැක.

අදාල මිනින්දෝරු මහතා මිය ගොස් හෝ විදේශ ගතවී ඇත්නම් අදාල ලේඛන බොහෝ විට වෙනත් බලයලත් මිනින්දෝරු මහතකුට භාර දී යාම බොහෝ‍විට සිදුවේ. එම විස්තර එම ප්‍ර‍ෙද්ශයේ වෙනත් බලයලත් මිනින්දෝරුවරයෙකු විමසා ලබාගත හැක. සියලුම බලයලත් ලියාපදිංචි මිනින්දෝරු මහතුන් විසින් මිනින්දෝරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්ද ලබාගත හැක

අයදුම් පත


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

 

සර්වේයර් ජනරාල් කාර්යාලය,
මිනින්දෝරු  දෙපාර්තමේන්තුව
අංක 150, කිරුල පාර,
නාරාහේන්පිට,
කොලඔ -05

 


Mr.A.D.N.K.ද සිල්වා
දුරකථන:0112369011-13 (General Numbers)
ෆැක්ස් අංක:011-2369343
විද්‍යුත් තැපෑල:dsgit@ survey.govt.lk
වෙබ් අඩවිය: www.survey.gov.lk

අදාළ සේවා

•හිමිකම් සහතික නිකුත් කර ඇති ඉඩම් අනු කැබලිවලට කැඩීම සහ එක්කාසු කිරීම සඳහා මැනුම් කරවා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty