The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     application for accreditation
වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම

PDF Print Email

වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම

ලියාපදිංචි වාත්තීය පුහුණු ආයතන මගින් කෙරෙන පාඨමාලා ජාතික නිපුණතා සම්මත අනුව ප්‍රතීතනය කළ යුතය. ජාතික නිපුණතා සම්මත සකස් කරන්නේ කර්මාන්ත වල ශිල්පීය අවශ්‍යතා හා ශ්‍රම වෙළෙදපොළ ප්‍රවනතා සැලකිල්ලට ගනිමිනි. තෘතීයික හා වෘත්තීය අධ්යායපන කොමිෂන් සභාව පාඨමාලා ප්‍රතීතන අධිකාරිය වන අතර, පාඨමාලා ප්‍රතීතනය සම්බන්ධ නිර්ණායක සකස් කරයි.

දැනට විවිධ වෘත්තීන් 73ක් සදහා ජාතික නිපුණතා සම්මත සකස් කර ඇත. පාඨමාලා ප්‍රතීතනය බලාපොරොත්තු වන පුහුණු ආයතන තම අයදුම්පත් කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. අදාළ අයදුම්පත් කොමිෂන් සභාව වෙත පැමිණ හෝ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ප්‍රතීතනය කිරීමේ ක්‍රියාපටිපාටිය

  1. ප්‍රතීතන අයදුම් පත්‍රය ලැබීම
  2. මූලික ලියකියවිලි පරීක්ෂාව
  3. අයදුම් පත්‍රයේ අඩුපාඩු දන්වා යැවීම
  4. සම්පූර්ණ කළ අයදුම්පත නැවත ලැබීම
  5. භෞතික පරීක්ෂාව
  6. භෞතික පරීක්ෂාවේ ප්‍රතිඵල දන්වා යැවීම
  7. පාඨමාලා ප්‍රතීතන සහතිකය යැවීම කොමිෂන් සභා අනුමැතියෙන් අනතුරුව

පාඨමාලා ප්‍රතීතන ප්‍රතිපත්තිය

  • පාඨමාලා ප්‍රතීතන ක්‍රියාවලිය ජාතික සුදුසුකම් පද්ධතිය තුල සකස් කර ඇති පාඨමාලා ප්‍රතීතන නිර්ණායක අනුව සිදුවේ.
  • නිත්‍යය ලියාපදිංචිය ලබාගෙන ඇති හා තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන පුහුණු මධ්‍යයස්ථාන වල පාඨමාලා ප්‍රතීතනය සදහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.

පහත සදහන් ප්‍රතීතන කාණ්ඩ සදහා අයදුම්පත් බාරගැනේ:

  1. ජාතික සහතික හෝ ඩිප්ලෝමා සදහා අදාළ ජාතික නිපුණතා සම්මත වල නිපුණතා ලබාදීම සදහා පවත්වන පාඨමාලා
  2. ජාතික සහතිකයක් සදහා නොවන එහෙත් ජාතික නිපුණතා සම්මතයට අමතර වශයෙන් ලබාදෙන නිපුණතා අඩංගු පාඨමාලා
  3. ජාතික නිපුණතා සම්මතයක අඩංගු ඒකක එකක හෝ කිහිපයක නිපුණතා ලබාදෙන පාඨමාලා. මෙමගින් ලබාදෙනුයේ Record of achievement සහතිකයයි
  4. ජාතික නිපුණතා සම්මතයට අයත් නොවන එහෙත් පුහුණු ආයතනයක් විසින් තමන්ගේ සහතිකයක් සදහා පවත්වන පාඨමාලා
  5. ජාත්‍යයන්තර හෝ තමන්ගේ සහතිකයක් සදහා ආයතන මගින් කෙරෙන පාඨමාලා
  6. පුහුණු ආයතන තම එක් එක් මධ්‍යයස්ථානය මගින් කෙරෙන පාඨමාලා සදහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
  7. කොමිෂන් සභාව විසින් නීර්ණය කරනු ලබන නිර්ණායක අනුව පාඨමාලා ප්‍රතීතනය සිදුවේ.

පහත සදහන් කරුණු වලට අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කොමිෂන් සභාව වෙත ලබාදෙන නිර්දේශ වාර්තාව අනුව සියලූ පාඨමාලාවල ප්‍රතීතන අයදුම්පත් ඇගයීම් කටයුතු සිදුවේ.

  1. ආයතනයේ කාර්ය මණ්ඩලය සහ එහි මූලික පොදු පහසුකම් වල ප්‍රමාණවත් භාවය
  2. ප්‍රමාණවත් පරිදි වෘත්තීය අධ්‍යාපනය සැපයීමට ආයතනයට ඇති හැකියාව
  3. ප්‍රතීතනය කරන ලද පාඨමාලාවේ සම්පූර්ණ විෂයමාලාව ඉගැන්වීමට ඇති හැකියාව
  4. ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමයේ අනෙකුත් නිර්ණායක සපුරාලීමේ ඇති හැකියාව
  5. කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ ආයතනයට පාඨමාලා ප්‍රතීතනය ප්‍රදානය කරයි. ප්‍රතීතන නාමය හා අනෙකුත් කරුණු නීර්ණය කිරීමේ බලය කොමිෂන් සභාව සතුය.
  6. කොමිෂන් සභාවේ තත්ත්ව කළමනාකරණ ප්‍රතිපත්තියට අනුකුලව ලියාපදිංචි ආයතන මගින් කෙරෙන ප්‍රතීතනය කරන ලද පාඨමාලා කාලානුරූපව විමර්ශනය හා විගණනය කිරීම.
  7. පාඨමාලා ප්‍රතීතන කොන්දේසි පැනවීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය.

නිපුණතා පාදක ඇගැයීම් කිරීම සදහා කර්මාන්ත ආයතන පිළිගැනීමේ ප්‍රතිපත්තිය

  • සේවායෝජකයින්ට හා සේවාදායකයින්ට නිපුණතා ඇගැයීම් සේවා ලබාදීම තුලින් කර්මාන්ත වල පුහුණුව ලබන්නන් හා සේවකයින්ට තම නිපුණතා සහතික කර ගැනීමට අවස්ථාව ලබාදීම

පහත සදහන් අවශ්‍යතා සපුරාලන කර්මාන්ත ආයතන ප්‍රතීතනය කිරීමට සලකා බලනු ලැබේ

  1. තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කර තිබීම
  2. කොමිෂන් සභාව විසින් නීර්ණය කරනු ලබන ඒකාකාරී ඇගැයීම් ක්‍රයාවලිය තුල ඇගැයීම් කිරීමට එකගවීම
  3. ඇගැයුම්කරුවන් තෝරාගැනීම පුහුණුව හා විමර්ශනය සදහා ඉතා හොද ක්‍රමවේද සකසා තිබීම
  4. ඇගැයීම් ප්‍රතිඵල කොමිෂන් සභා දත්ත පදනමට ලබාදීමට එකගවීම
  5. කොමිෂන් සභාව හා ප්‍රතීතනය ලද කර්මාන්ත ආයතනය අතර ඉහත කරුණු අලලා සකස් කළ එකගතා ගිවිසුමකට එළැඹීමට ඇති කැමැත්ත
  6. ජාතික නිපුණතා සම්මත අනුව සේවාස්ථානය තුල නිපුණතා ඇගැයීම් සිදුවීම
  7. කොමිෂන් සභාවේ තත්ත්ව කළමනාකරණ තත්ව නිර්ණායකවලට සාරානුකුලව කාලානුරූපව ප්‍රතීතනය ලද කර්මාන්ත ආයතනයේ ප්‍රගතිය විමර්ශනය කිරීම හා විගණනය කිරීම.
  8. තමන් ප්‍රවීණත්වය ලබා ඇති ක්ෂේත්‍රයෙහි ඇගැයීම් කටයුතු කරන බලපත්‍රලාභි ඇගැයීම් කරුවන්ගේ සේවය ලබාගැනීමට හැකිවීම
  9. ජාතික නිපුණතා සම්මත පදනම් වූ වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට සේවා ස්ථානයේ නිපුණතා සෘජුව ඇගැයීමට හැකිවීම
  10. කොමිෂන් සභාවේ තත්ව කළමණාකරන ප්‍රතිපත්තියට අනුකූලව කෙරෙන සේවා ස්ථානයේ නිපුණතා ඇගැයීම් කටයුතු කරන පිළිගත් ආයතන වල ප්‍රගතිය කාලානුරූපව විමර්ශනය කිරීම

ආයතනයේ තොරතුරු

තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-15 04:19:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty