The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය ආපදා කළමණාකරණය පුහුණු කිරීම්, අධ්‍යාපනය සහ මහජනතාව දැනුවත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුහුණු කිරීම්, අධ්‍යාපනය සහ මහජනතාව දැනුවත් කිරීමේ අංශය

PDF Print Email

පුහුණු කිරීම්, අධ්‍යාපනය සහ මහජනතාව දැනුවත් කිරීමේ අංශය මගින් ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් රජයේ අදාල දෙපාර්තමේන්තු සහ නියෝජිත ආයතන අනෙකුත් පිරිස් කණ්ඩායම් සහ මේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ජන කොටස් සඳහා අවශ්‍ය පුහුණු කිරීම් සහ මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු වල නිරතවේ

ප‍්‍රධාන වගකීම්

  • ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ජාතික මට්ටමේ පුහුණු කරවීම් :

 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුහුණු කිරීම් අංශය මගින් ක‍්‍රමානුකූලව සහ විධිමත් අයුරින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනෙකුත් අංශ හා සමග සහයෝගිත්‍වයෙන් සහ අනෙකුත් පිටස්තර මාර්ග වලින් ලබා ගන්නා අරමුදල් යොදවා අවශ්‍ය පුහුණු කිරීම් කරනු ලැබේ

  • රජයේ නිලධාරීන් පුහුණු කිරවීම් :

විවිධ දෙපාර්තමේන්තු වල හෝ නියෝජිත ආයතන වල විශේෂිත අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සුවිශේෂ පුහුණු කරවීමේ ඒකක හෝ වැඩ සටහන් පිළියෙල කර ඇත උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් අධ්‍යයන ආයතනයේ ඉල්ලීම පරිදි ආපදා කළමනාකරණ පුහුණු කරවීම් සඳහා මෙම ආයතනයේ නිලධාරීන් ඇතුළුව ජාතික කැඬේට් සේනාංකයේ නිලධාරීන්, වෛද්‍ය විශේෂඥයන්,  ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ නිලධාරීන් විසින් එම කටයුතු සංවිධානය කර ඇත මේ අයුරින් සංවිධානය කරනු ලබන අවශ්‍යතාවලට අනුකූල පුහුණු කරවීමේ වැඩසටහන් වල ප‍්‍රතිඑලයක් වශයෙන් අර්බුදකාරි උග‍්‍ර අවස්ථාවන්හිදී ඒ සඳහා මුහුණ දීමට හැකි නිපුණතා සහ හැකියාවන් තවදුරටත් ඒ ඒ සංවිධාන තුළ ශක්තිමත් කිරීම අරමුණ වේ

  • අනු ජාතික මට්ටමේ අය සඳහා පිළියෙල කරනු ලැබු විශේෂ පුහුණු වැඩ සටහන් :

මෙම වැඩ සටහන් ආපදා අවදානම් තක්සේරු කිරීම, සුදානම් වීම, පෙර අනතුරු දැනුම් දීම, ප‍්‍රතිචාර දැක්වීම්, සහන සැලසීම, ප‍්‍රති ප‍්‍රාප්තිය සහ නැවත ගොඩනැගීමේ කටයුතුද වේ

  • සාමාන්‍ය මහජනතාව දැනුවත් කිරීම :

මහජනතාව දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත‍්‍රික්ක ඒකක, රජයේ විවිධ දෙපාර්තමේන්තු, මෙම කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන නියෝජිත ආයතන රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යයේ සහභාගිත්‍වයෙන් සංවිධානය කර ඇත මාධ්‍යය, මුද්‍රිත දැන්වීම්, තරඟ, වීථි නාට්‍යය, වැඩ මුළු ආදිය සංවිධානය කොට මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කරනු ලබන්නේ විශේෂයෙන් පහත සඳහන් ජන කොටස් අරමුණු කරගෙනය

  •  ගොවි ජනතාව, ධීවර ජනතාව, වෙළඳ ජනතාව, ගොඩනැගිලි ක්‍ෂේත‍්‍රයේ කුසලතා ඇති ජනතාව, ගෘහනීන් ආදී ජන කොටස්
  •  පාසැල් සිසු සිසුවියන් - මේ සඳහා චිත‍්‍ර තරඟ, ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති සහ අවස්ථා, ආපදා අවම කිරිමේ කාර්යයන්හි නියුතු අය හමුවී සාකච්ඡා කිරිම
  •  විවිධ ආයතන සහ සංවිධාන වල නියුතු නිලධාරීන්
  •  ඒ ඒ විෂයානුබද්ධ විශේෂඥයන්
  •  පාලාත් සභා සහ ප‍්‍රාදේශීය සභාවල දේශපාලන නායකයින්
  •  පුවත් පත් වාර්තා කරුවන්

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:40:39
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 363
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty