The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් විවාහය දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

PDF Print Email
  1. ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
  2. විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
  3. දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    2. සාමදාන විනිශ්චයකරුවකු
    3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    4. දේවගැතිතුමකු
  4. විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,
    1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම. 
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක්  ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. 
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම 
    3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව    
    4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  5. රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන්  “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.
  6. එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න. ඒ සමඟ අවලංගු නොකළ රු. 25.00 ක මුද්දරද සපයන්න.

ආයතනයේ තොරතුරු

Department of Registrar General (Under Construction)

No: 234 /A3,
Denzil Kobbakaduwa Mawatha,
Battaramulla.


Ms. Buddhika Nilanthi Ranaweera
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:27:00
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 251
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty