The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රමිති තරඟකාරි මිළ ගණන් පවත්වාගැනීමට වෙළෙන්දෝ අතර ගිවිසුම් ඇතිකරගැනීම හා සීමා කරනලද ‍ගිවිසුම් පාලන / තහනම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තරඟකාරි මිළ ගණන් පවත්වාගැනීමට වෙළෙන්දෝ අතර ගිවිසුම් ඇතිකරගැනීම හා සීමා කරනලද ‍ගිවිසුම් පාලන / තහනම් කිරීම

PDF Print Email

සුදුසුකම්
එසේ අධික මිළකට භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම කරනු ලබන නිෂ්පාදකයකු හෝ වෙළෙන්දෙකුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර මෙම සේවය ලබා ගැනීමට මහජනතාව, සංගම් හෝ සංවිධානයන්ට හිමිකම් ඇත. අවිධිමත් ලෙස හා වංචා සහගත ලෙස වෙළඳපොළ තුල ක්‍රියාත්මක වීම පිළිබඳ වූ පැමිණිලිද ඉදිරිපත් කිරීමට ඔවුන්හට පුළුවන.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
ඉල්ලුම්කරුවන් විසින් අදාල කරුණු අධිකාරියෙහි සභාව විසින් විමර්ශනය කරන ලෙස ඉල්ලමින් එවැනි ඉල්ලීම් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය.

අවශ්‍ය අමතර ලියවිලි
ලැබුන භාණ්ඩ/ සේවාවන්ට අදාල ඉන්වොයිසි පත්‍ර

ඉල්ලුම් පත්‍ර
ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.

ප්‍රවාහ සටහන

පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය

පියවර 1 : භාණ්ඩ/ සේවාවන්හි අධික මිළ ගණන් හෝ කිසියම් අවිධිමත් වෙළඳපොළක් පිළිබඳව ඉල්ලුම්කරු අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.
පියවර 2 : අධිකාරිය පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් කිරිම සඳහා එය සභාව වෙත ඉදිරිපත් කරයි.
පියවර 3 : සභාව විසින් විමර්ශනයක් පවත්වා මාස 2 ක් තුලදී විමර්ශන වාර්තාව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කරයි.
පියවර 4 : සභාවේ නිර්දේශ ලැබු විට අධිකාරිය විසින ගැසට් නිවේදනයක් පළ කරමින් භාණ්ඩ විකිණිය යුතු හෝ සේවා සැපයිය යුතු උපරිම මිළ ගණන් නියම කරමින් එම මිළ ගණන් වලට වැඩියෙන් මෙම භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම නොකල යුතු බවට නියෝග කරයි. මෙය යටතේ ප්‍රකාශිත සෑම නියමයක්ම ක්‍රියාත්මක වන්නේ එම නියෝගය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දින සිටදීය.

සටහන-  පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තත්ත්වය තුල ආර්ථික වැදගත්කමක් නොපවතී නම්,අධිකාරිය පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි. විමර්ශන වාර්තාවෙන් පැමිණිල්ල වැරදිසහගත එකකැයි ඔප්පු වන්නේ නම් ,අධිකාරිය පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි.
නිෂ්පාදක / වෙළෙන්දා නියෝගයෙන් පීඩාවට ලක්ව ඇතිනම්, එම තීරණයට එරෙහිව නිෂ්පාදන/ වෙළෙන්දා විසින් අභියාචනා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැක.

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය
විමර්ශනය සඳහා සභාව මාස 2 ක් ගනු ලබන අතර ඒ අනුව ක්‍රියාත්මක වීම සඳහා අධිකාරිය මාසයක් (1) ගනී.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

වැඩ කරන දින  සඳුදා - සිකුරාදා
විවෘත වේලාවන් පෙ.ව.09.45-ප.ව.4.45

වලංගු කාල නියමය 
අදාල නැත

සේවයට අදාල මිළ ගණන්

මිළ ගණන්
සපයනු ලබන සේවය සඳහා කිසිඳු අය කිරිමක් නොමැත.

ගාස්තු
මෙම සේවය අදාල කිසිදු ගාස්තුවක් නොමැත.

දඩ මුදල්
මෙම සේවය සැපයීමෙහිදී අදාල වන කිසිදු දඩ මුදලක් නැත.

අධිභාර
මෙම සේවය සපැයීමට අදාල කිසිදු අමතර ගාස්තුවක් නැත.


ආයතනයේ තොරතුරු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.


එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය
දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 290
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty