The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත් අකෘතිය     සම්පූර්ණ කරන ලද අයදුම්පත
රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල

PDF Print Email
සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතුවන්නා වූ ගුණාත්මක හා නිර්මාණාත්මක භාවයෙන් මෙන්ම පර්යේෂණාත්මක හා විකල්ප විධික්‍රමෝපායන් භාවිතයට අවස්ථා උත්පාදනය කිරීම මගින් නාට්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීමේ හා ඔවුන්ගේ විවිධ කුසලතා ජාතික මට්ටමින් ඇගයීමේ අරමුණු ඇතිව වාර්ෂිකව සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරයි.

රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල පිළිබඳව විස්තර සෑම වසරකම පුවත්පත් හා ජනමාධ්‍ය තුළින් ප්‍රකාශයට පත් කෙරේ.
ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
අයදුම්කරු අනිවාර්යයෙන්ම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වියයුතුයි.
ඉදිරිපත් කරනු ලබන කොටි නාට්‍ය
අවමය විනාඩි 20කට ද උපරිමය විනාඩි 30කට ද සීමා විය යුතුය.
මහජන ප්‍රදර්ශනයට සුදුසු ඒකාංක ස්වීය කෙටි නාට්‍ය විය යුතුය.
මේ  සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාවේ හැඳින්වීමේ දී දක්වා ඇති අර්ථකතනයන්ට අනුකූල විය යුතුය.
ඉදිරිපත් කරන නාට්‍ය පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසියක තනිපැත්තේ යතුරුලියනය කර හෝ පරිගණක අකරු සැකසුම් කර හෝ පිටපත් තුනකින් යුක්තව ( නාට්‍යයේ කථා ශාරාංසය හා චරිත හඳුන්වාදීම සඳහා වෙන වෙනම පිටු ඇතුලත් කර) ඉදිරිපත් කළ යුතුය.
කෙටි නාට්‍ය උළෙලේ ව්‍යවස්ථාවේ ඇති ආදර්ශ අයදුම්පත මේ සඳහා යොදාගත යුතුය.
සැ.යු:     වැඩි විස්තර වර්ෂිකව රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලට නිර්මාණ කැඳවීම සඳහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ දැක්වේ. සියලු විමසීම් සඳහා  0112-872385 දරන දුරකතන අංකයෙන් ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් අමතන්න .
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය නාට්‍ය පිටපත් 03ක් සමග නිර්මාණ භාරගැනීමේ අවසන් දිනට ප්‍රථම පැමිණ භාර දීම හෝ ලියාපදිංචි තැපෑලෙන්
ලේකම්,
ජාතික නාට්‍ය අනුමණ්ඩලය,
සංස්කෘතික කටයුතු පොර්තමේන්තුව,
8 වන මහල,
සෙත්සිරිපාය, බත්තරමුල්ල. යන ලිපිනයට යැවිය හැක.

බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහලේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පිහිටි ජාතික නාට්‍ය අනුමණ්ඩලයෙන් ලබාගත හැක.
අයදුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකෙරේ.
නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට හෝ ඊට ප්‍රථම කාර්යාල වේලාව තුළ
සේවාව සැපයීම වෙනුවෙන්  ගාස්තු අය නොකෙරේ.
  
නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලත් බලපත්‍රයේ පිටපතක්
කෙටි නාට්‍ය අධ්‍යක්ෂකවරයා නාට්‍යයේ පිටපත් රචකයා නොවන කල එය නිෂ්පාදනය කිරීමට රචකයාගෙන් තමාට බලය පැවරුණ ලිපියක්
ව්‍යවස්ථාවේ උපලේඛනයේ දැක්වෙන පත්‍රිකාව ප්‍රකාරව ඒ ඒ චරිත රඟදක්වනු ලබන නළු නිළියන් හා ශිල්පීන් පිළිබඳ නාම ලේඛනය
නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ පිංතූරයක් හා ඔහු පිළිබඳ කෙටි විස්තරයක්
නාට්‍යයේ තේමාව - කථාව හෝ අර්ථය පිළිබද සංක්ෂිප්ත සටහනක්
නාට්‍යයේ අවස්ථා කිහිපයක පුවත්පත්වල පළකිරීමට සුදුසු පිංතූර 10ක්

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ ( ලේකම් ජාතික නාට්‍ය අනුමණ්ඩලය ) සේවා භාර මාණ්ඩලික නිලධාරීන්ය.
අයදුම්පත් අකෘතිය
සම්පූර්ණ කරන ලද අයදුම්පත.

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 262
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty