The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home බැංකු, බදු සහ රක්ෂණ ණය අඩු ආදායම්ලාභීන් නිවාස ණය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අඩු ආදායම්ලාභීන්ට හා පහල මධ්‍ය ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ණය ලබාදීම. (උපරිම මුදල රු;400,000/- දක්වා)

PDF Print Email

අඩු ආදායම්ලාභින්ගේ නිවාස අවශ්‍යතාවය මත තම නිවස අලුතින්ම ඉදි කිරිම හෝ පවතිනා නිවස වැඩිදියුණු කර ගැනීම සදහා උපරිම රු 500,000/- කට යටත්ව ණය මුදල් අයදුම් කළ හැකිය (නව හෝ වැඩි දියුණු මනාපය මත ණය මුදල වෙනස් වේ).

·         විසිරි ණය වැඩසටහන  (නව / වැඩි දියුණු නිවාස) -

o   උපරිම ණය මුදල          -  රු 500,000/-

o   වාර්ෂික පොළිය            -  03.70% - 06% අතර

o   අදායම් මට්ටම              -  රු 45,000/- හෝ ඊට අඩු

o   ගෙවීමේ කාල සීමාව     -  උපරිම වසර 10 (ප්‍රතිලාභියාගේ වයස අනුව වෙනස් වේ)

 

·         ආදර්ශ ගම්මාන වැඩසටහන (නව නිවාස)         -

o   උපරිම ණය මුදල          -  රු 500,000/-

o   වාර්ෂික පොළිය            -  05%

o   අදායම් මට්ටම              -  රු 45,000/- හෝ ඊට අඩු

o   ගෙවීමේ කාල සීමාව     -  උපරිම වසර 10 - 20 (ප්‍රතිලාභියාගේ වයස අනුව වෙනස් වේ)

නිවාස ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • රු 45,000/- ට අඩු මාසික ආදායම් කාණ්ඩයට ගැණෙන   ආදායම්ලාභීන් වීම.
  • ප්‍රතිලාභීන්ට වයස අවුරුදු 55 පිරෙන විට ණය මුදල ගෙවා නිම කිරීමට හැකිවීම.
  • සැබෑ නිවාස අවශ්‍යතාවය හා පෙර සූදානම තිබීම.
  • නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් තිබීම. (ආදර්ශ ගම්මාන සඳහා රජ්‍ය ආයතනයක් / ප්‍රා.ලේ. හරහා ඉඩම ලබා දෙනු ඇත)

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

දිවයිනේ ඇති  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් සතියේ වැඩ කරන දිනවල දී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත නිවාස නිලධාරි වෙතින් සතියේ බදාදා දින වල දී ලබාගත හැකිය.

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තුව රු.10.00 කි.

කාර්යාල  වේලාවන්  තුල දී ඉදිරිපත් කළයුතුය.

සේවා ගාස්තුව 1% කි.
 

සේවාව ලබාදීමට ගතවන කාලය :

සතියකි ( දින 07)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

ඉඩමේ අයිතිය සනාථ කිරීමේ ලියවිලි, ආදායම් සහතිකය, නිවසේ සැළැස්ම හා පළාත් පාලන ආයතනයේ අනුමැතිය, ඇපකරුවන්ගේ  ප්‍රකාශ හා අයදුම්පතේ ඇතුලත් අනෙකුත් තොරතුරු.

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 10:14:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 237
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty