ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දෙන ලද දේපල සඳහා හිමිකම් පිඹුරු පත් නිකුත් කිරීම හා මායිම් ආරාවුල් විසඳීම.
දේපල සඳහා හිමිකම් පිඹුරු පත් නිකුත් කිරීම හා මායිම් ආරාවුල් විසඳීම.
සුදුසුකම් :-
ඔප්පුලාභියාම / නිවසේ අයිතිකරු ඉදිරිපත් වියයුතුය.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-
මැණුම් අංශය, 8 වන මහල, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය - කොළඹ 02
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-
ගෙවියයුතු ගාස්තුවක් නැත.
ඉදිරිපත් කළයුතු වේලාවන් :-
කාර්යාල දිනයන්හිදී පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :-
පර්චස් 20ට වැඩි නොවන එක් ඉඩම් කැබැල්ලක් සඳහා සහතික කළ පිඹුරු පතක් නිකුත් කිරීමට රු.2,346/- කි. වැඩි වන සෑම පර්චස් 20ක් සඳහාම රු. 500/-ක් අය කරනු ලැබේ. සහාධිපත්‍ය පිඹුරක් සඳහා 2,932.50 කි. මායිම් නිරවුල් කිරීමේ ගාස්තු ලෙස කොළඹ මහ නගර සභා සීමාව රු.5,300.00, අනෙක් මහ නගර සභා සඳහා රු.4,250.00 ක් හා ප්‍රාදේශීය සභා සීමාව සඳහා රු.3,650.00 කි.
සේවාව ලබාදීමට ගතවන කාලය:- (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
පිඹුරක් ලබාදීමට සතියක් ඇතුලත
මායිම් නිරවුල් කිරීමට මසක් ඇතුලත. (මැණුම් සහායකයින් ගේ පුරප්පාඩු මත මෙම කාලසීමාව වෙනස්වීමට ඉඩ ඇත.)
අවශ්‍ය සනාථ ලියකියවිලි :-
අයිතිය තහවුරු කිරීමට ඔප්පුව හෝ අදාල දිස්ත්‍රික් කළමණාකරුවන් ගෙන් ලබා ගත් ලිපියක් හා අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැදුනුම්පත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-
තනතුර
|
අංශය
|
දුරකතනය
|
කළමණාකාරිනී (මැණුම්)
|
මැණුම්
|
+94-11-2421796
|
ආයතනයේ තොරතුරුජාතික නිවාස සංවර්ධන අධිකාරිය
තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.
දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748 ෆැක්ස් අංක:(94)-11-2449622 විද්‍යුත් තැපෑල:info@nhda.lk වෙබ් අඩවිය: www.nhda.lk
|