සුදුසුකම්
- එක් එක් කර්මාන්තශාලා හෝ ආයතනවල පවතින රැකියාවල ස්වභාවය අනුව සුදුසුකම් තීරණය වේ.
- කෙසේ වෙතත් අට (8) වන ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම රැකියාවක් ලබා ගැනීමට පහසුවක් වනු ඇත.
- "මධ්‍යම රැකියා බැංකුවේ" ලියාපදිංචිය සඳහා වයස අවුරුදු දහනමය (19) ඉක්මවා සිටිය යුතුය.
- මහන මැෂින් ක්‍රියාකරවන්නියන් සහ අත් උදව්කරුවන් සඳහා අ. පො. ස. (සා. පෙ.) දක්වා අධ්‍යාපනය ලැබ තිබීම.
- තත්ව පරීක්‍ෂකයන් (Quality Checkers) සඳහා අ. පො. ස. (උ. පෙ.) දක්වා අධ්‍යාපනය ලැබ තිබීම.
- අනෙත් රැකියා සඳහා, අ. පො. ස. (උ. පෙ.) සමත් වී තිබීම සහ අයදුම් කරන ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සමඟ වෙනත් අදාළ වෘත්තීමය සුදුසුකම්.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : ("මධ්‍යම රැකියා බැංකුවේ" ලියාපදිංචිය සඳහා)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
මේ සඳහා නියමිත වූ ඉල්ලුම් පත්‍රයක් නොමැත.
පහත සඳහන් ක්‍රම වලින් රැකියා බැංකුව සමග සම්බන්ධ වී එහි සේවය ලබාගත හැක.
- තමන්ම පිළියෙල කළ ජීව දත්ත පත්‍රිකාවක් පහත දක්වන ක්‍රම මගින් යොමු කරන්න.
- විද්යුත් තැපෑල මගින් pavithra@boi.lk හෝ renukag@boi.lk ඊ-මේල් ලිපිනයට යොමු කිරීම.
- ෆැක්ස් මගින් +94-11-2427097 අංකයට යොමු කිරීම.
- සාමාන්‍ය තැපැල් මාර්ගයෙන් පහත ලිපිනයට යොමු කිරීම.
පවිත්‍රා රාජපක්‍ෂ මිය,
විධායක සහකාරිනී,
රැකියා බැංකුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
26 වන මහල, ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරශය, කොළඹ 01.
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රැකියා බැංකුවේ www.jobbank.lk ලිපිනයැති වෙබ් අඩවියේ තමන් විසින්ම ලියාපදිංචි වීම. (මෙයද ඔබට රැකියා බැංකුවේ ලියාපදිංචිවීමට වඩාත්ම පහසු සහ සුදුසුම ක්‍රමයකි.)
මෙහිදී තමන්ටම රැකියා බැංකුවේ ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇති අතර, පවතින රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර තමන්ටම බලාගත හැකිය.
තවද, තමන්ටම සුදුසු රැකියාවකට තම අයදුම්පත යොමු කරවා ගත හැකිය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්: ඉහත ක්‍රම මඟින් දවසේ ඕනෑම වේලාවක අයදුම්පත් එවිය හැකිය.
වැඩි විස්තර දැනගැනීම සඳහා රජයේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා පවිත්‍රා රාජපක්‍ෂ මිය (+94-11-2427138) හෝ රේණුකා ගුණසිංහ මිය (+94-11-2427053) අමතන්න.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
- රැකියාව ලබා ගැනීමට ගතවන කාලය තීරණය වන්නේ අදාල ආයතනවල පවතින රැකියාවල ස්වභාවය, තිබෙන පුරප්පාඩු ප්‍රමාණය සහ රැකියාලාභියාගේ සුදුසුකම් මතය.
- රැකියා ලබාදීමේ අවසාන තීරණය අදාල ආයතන සතුය.
- සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවීම් කරනු ලබන්නේ අදාල ආයතන මගිනි.
- අවශ්‍ය සනාථ කරන ලියකියවිලි (මුල් පිටපත් සමග ඡායා පිටපත්ද රැගෙන එන්න)
සම්මුඛ පරීක්‍ෂණයට අදාල ආයතන වෙත පැමිණෙනවිට, සුදුසුකම්, අනන්‍යතාව සහ පළපුරුද්ද සනාථ කරන පහත සඳහන් ලිපිලේඛන රැගෙන යා යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර
|
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඊ-මේල්
|
විධායක සහකාරිනී |
පවිත්‍රා රාජපක්‍ෂ මිය |
රැකියා බැංකුව,
26 වන මහල, * |
+94-11-2427138 |
+94-11-2427097 |
pavithra@boi.lk |
විධායක සහකාරිනී |
රේණුකා ගුණසිංහ මිය |
ආයෝජන ප්‍රවර්ධන චෙපාර්තමේන්තුව
26 වන මහල, * |
+94-11-2427053 |
+94-11-2422407 |
renukag@boi.lk |
* ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.
ආයතනයේ තොරතුරුBoard of Investment of Sri lanka
Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
Ms. Amali Ratnayake දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3 ෆැක්ස් අංක:+94-11-2448105 විද්‍යුත් තැපෑල:info@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|