සුදුසුකම්
වයස අවුරුදු 60 ඉක්මවූ - වැඩිහිටියන් (ජ්යෙ ෂ්ඨ පුරවැසියන්)
ශාරීරික හෝ මානසික දුබලතා ඇති ළමුන්
අනාථ භවයට පත්වු ළමුන් (වැඩිහිටියන් හා ළමුන්)
ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම් පත්‍ර පෝරම අංකය / නම |
විස්තරය |
“එස්.එස්.එචි/1ඒ” පෝරමය රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම සඳහා ඉල්ලූම් පත්‍රය |
රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම |
වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්‍රය |
වලංගු වැඩිහිටි අයදුම් පතක් සඳහා |
පියවරෙන් පියවර පිළිවෙල (වැඩිහිටි සහ ළමා සුභ සාදනය)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යමලයේ සමාජ සේවා නිලධාරී මහතා වෙත භාර දීම
පියවර 2 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යාලයේ සමාජ සේවා නිලධාරී මහතා වෙත භාර දීම
පියවර 3 : සමාජ සේවා නිලධාරි මහතා ඉල්ලූම් පත්‍රය පරීක්ෂා කර බලා සහතික කිරීම
සටහන :_ යම් හෙයකින් සමාජ සේවා නිලධාරී මහතා ඉල්ලූම් පත්‍රයේ සඳහන් කරුණු ගැන සෑහීමකට පත් නොවූයේ නම් ඉල්ලූම් පත්‍රය නිෂ්ප්‍රභා වේ.
පියවර 4 : සමාජ සේවා නිලධාරී ඉල්ලූම් පත්‍රය සමාජ සේවා අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා බාරදීම.
පියවර 5 : අනුමැතිය ලැබිමෙන් පසු අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්යශලය මගින් තැපෑලෙන් දන්වනු ලැබේ.
පියවර 6 : අයදුම්කරු වැඩිහිටි නිවාසයකට හෝ අනාථ නිවාසයකට එහි ඇති පුරප්පාඩු මත යවනු ලැබේ.
කාලසීමාව
පිළිවෙල කිරීමට ගත වන කාලය
අනුමැතිය ලැබීමට - මාස 1 යි
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි
වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත.
වැඩ කරන වේලාවල් හා දවස්
දිස්ත්‍රික් ලේකම් කාර්ය්යිලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා
සේවය සඳහා ගෙවීම
මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.
අවශ්‍ය අමතර ලියකියවිලි
ඉල්ලිමේ ලිපිය
විශේෂ අවස්ථා
ළමයි සඳහා
- ළමා අපචාර සමිබන්ධව ළමයින්, දෙමව්පියන් සහ ගුරුවරුන් සදහා දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම.
- ලැබෙන්නා වූ පහත ඝනයට අයත් පැමිණිලි සහ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී මහතුන් විසින් ප්‍රශ්න විසඳීම සඳහා අදාල දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම
_ ළමා අපචාර
- අවුරුදු 14 ට අඩු පාසල් නොයන ළමුන් සඳහා
- ආර්ථික ප්‍රශ්න ඇති ළමයින් සඳහා “සෙවන සරණ කැපකරු මාපිය ක්‍රමය” සහ “කැපකරු දෙගුරු අධාර ක්‍රමය” යටතේ මාසිකව රුපියල් 250.00 බැගින් ආධාර කරනු ලබයි.
වැඩිහිටි අය සඳහා
- වයස අවුරුදු 60 ඉක්මවූ අයට හැඳුනුම්පත් නිකුත් කිරීම
අයදුම්කරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යුලයෙන් ලබා ගත් ඉල්ලූම් පත්‍රය (වැඩිහිටි හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය) පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්යිලයට ඉදිරිපත් කිරීම.
- වැඩිහිටි අය සඳහා ග්‍රාමීය මට්ටමින් සහතික කළ සංවිධාන මගින් ආධාර මුදල් ලෙස රුපියල් 5000.00 සැපයීම.
- සහතික කළ සංවිධාන වල සාමාජිකයන් සඳහා පහත සඳහන් දෑ සපයනු ලැබේ.
1 නොමිලේ සායනය
2 දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම
3 පාරම්පරික වෛද්‍ය සේවය
4 නොමිලේ ඇස් කණ්නාඩි සැපයිම
දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
“එස්.එස්.එචි/1ඒ” පෝරමය
“වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්‍රය”