The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Obtain permit to fell trees

PDF Print Email

ගස් කැපීම සඳහා බලපත් නිකුත් කිරීම

සුදුසුකම්

කොස්,දෙල්,තල් ගස් කැපීම සඳහා බලපත් නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදීය.

උසාවිය මගින් තීන්දුව දුන් පසුව

සංවර්ධන කටයුතු සඳහා ගස් ඉවත් කිරීමට සිදු වන අවස්ථාවල (මාර්ග සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම විදුලි බලය සැපයීම වැනි අවස්ථා , කෘෂිකර්මික සංවර්ධන)

ගෙයක් තනන අවස්ථාවකදී ගෙය සැලැස්මට මැදිවූ අවස්ථාවකදී

ස්වභාවික හේතූන් මත

ගස් වලින් ජීවිත වලට හා දේපල වලට හානි සිදුවීමේ හේතුවෙන්.

දිරාගිය ගස්

 

සේවය සඳහා වගකීම

ප්රාදේශීය ලේකම් තුමා-අදාළ ප්රාදේශීය ලේකම් කාර්ය්යලය

සහකාර ප්රාදේශීය ලේකම් -අදාළ ප්රාදේශීය ලේකම් කාර්ය්යලය

ග්රාම නිලධාරී-අදාළ ග්රාම නිලධාරී කොට්ඨාශය

 

අවශ් අමතර ලියකියවිලි

ග්රාම නිලධාරී වාර්තාව

ඉඩමේ ඔප්පුව

ඉඩමේ සැලැස්ම

ගෙය හෝ වෙනත් ගොඩනැගිලි සම්බන්ධ සැලැස්ම

වෙනත් කෙනෙකු හා සම්බන්ධ ඉඩමක් නම් ඔහුගේ කැමැත්ත ප්රකාශ කොට ග්රාම නිලධාරී විසින් අනුමත නිර්දෙශ කරන ලිපිය.

උසාවියේ තීන්දුවක් ඇත්නම් එම ලියකියවිලි

ප්රාදේශීය සභාව මගින් දෙන ලද තීන්දුවක් ඇත්නම් එම ලියකියවිලි

සැලකිය යුතුයි:_

ඉදිරිපත් කිරීමේ ක්රියා මාර්ගය

1ඉල්ලූම්පතක් ලබා ගැනීම- ඉල්ලූම්පතක් ලබා ගැනීමට ඉල්ලූම්කරු ග්රාම නිලධාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගත යුතුය. සෑම අංශයකින්ම ඉල්ලූම්පත සම්පූර්ණ විය යුතුය.ඉල්ලූම් පත්රය කොස්, දෙල්, තල් ගස් කැපීම සඳහා ඉල්ලූම් පත්රය

2අවශ්ය කරන ආධාරක ලියකියවිලි

ග්රාම නිලධාරීතුමාගේ නිර්දෙශය

 ඉඩමේ ඔප්පුව

ඉඩමේ සැලැස්ම

ගෙයි හා වෙනත් ගොඩනැගිලි පිළිබඳ සැලැස්ම

වෙනත් අය සමඟ සම්බන්ධ ඉඩමක් නම් අනිත් හවුල් කරුවන්ගේ කැමැත්ත ග්රාම නිලධාරී විසින් සනාථ කරන ලිපිය

උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් ලියකියවිලි

ප්රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් ලියකියවිලි

 

3ඉල්ලූම්පත භාර දීම සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්රය ග්රාම නිලධාරීට භාර දිය යුතුය. ඉන්පසු ග්රාම නිලධාරී විසින් එම ඉල්ලූම් පත ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට භාර දෙනු ලැබේ.

4සැ.යු:_ ඉල්ලූම් කරුගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩමේ ගොඩනැගිලි හා ගෙයි, සැලැස්ම හා ඔප්පුව අවශ්ය වේ. මේ ගස් වලට ගොඩනැගිලි වලට හා ගෙයට වන කරදර තහවුරු කිරීම සදහා

ඉල්ලූම් පත් පෝරම

ඉල්ලූම්පත් අංකය / නම - කොස්, දෙල් , තල් ගස් කැපීම සඳහා ඉල්ලූම්පත

විස්තර -  සීමාවලට යටත් ගස් කැපීම සඳහා අවසර ලබා ගැනීම (කොස්,දෙල්,තල්)

කාලසීමාව

ක්රියාවලියේ කාලසීමාව -ප්රා. ලේ. මගින් බලපත් නිකුත් කිරීම: සති 2

ඉදිරිපත් කිරීමේ කාලසීමාව -අදාල නොවේ.

 

සටහන

ඉල්ලූම්පත ග්රාම නිලධාරී භාර දිය යුතුය

වලංගු කාලය

දින 14 යි.

වැඩ කරන කාලය හා දින - පෙ.. 9.00 සිට .4.30 දක්වා සඳුදා සිට බඳාදා

 

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත

2 වැනි සහ 3 වැනි පිටු අදාල ග්රාමනිලධාරියා විසින් සමීපූර්ණ කල යුතුය

විශේෂ කරුණු

1.... බලපත්ර සහිත ඉඩම් වලින් ගස් කැපීම

එල්. ඩි. බලපත්ර සහිත ඉඩමකින් ගස් කැපීම සඳහා බලපත්ර අනිවාර්ය වේ.

එල් එල් පර්මිට් ලබා ගැනීමෙන් පසු තමා විසින් වවන ලද ගසක් කැපීමට හා ප්රවාහනය කිරීමට අවසර ලබා ගැනීමට නම් ගස අවුරුදු 20 ක් පරණ වීම ගසේ කඳ අඩුම තරමේ අඩි 3 1/2 මහත් වීම අවශ්ය වේ.

කෙසේ වුවද ඇලෙස්ටෝනියා ලූණු මිදෙල්ල, වල් සපු, ඇල්බීසියා, ඉපිල් ඉපිල් වැනි ගස් කැපීම හා ප්රවාහනය කිරීම සඳහා පවා අවුරුදු 15 ක් ගත විය යුතු අතර, ගස් වල කඳ මහත අඩි 2 2/1 කම වැඩි විය යුතුය.

බලපත්රයක් ලබා ගැනීමට පෙර තබූ ස්වභාවික ගස් ඵම ඉඩමේ තනන වර්ග අඩි 1200 අඩු ගොඩනැගිල්ලක් හෝ නිවසක අවශ්යතා සඳහා උපරිම ඝන මීටර් 7 ක් දක්වා ගස් කපා ගැනීමට බලපත්රයක් ලබා ගත හැක. ඵවැනි ඉල්ලීමක් සළකා බලනුයේ ඉඩමේ බලපත්රයට වසර 3ක් සමීපූර්ණ වී ඇත්නමී පමණි

 

2. ස්වර්ණ භූමි ජය භූමි ප්රදානය ඉඩම් උරුමයන්හි ගස් කැපීම

ඉඩමේ සීමාව ඇතුළත තිබෙන කොස් , දෙල්, තල් ගස් හැර අනෙකුත් ගස් කපා ගැනීමටද බලපත්රයක් අනවශ්ය වේ. ගස් කපා ගැනීමට සුදුසු බලපත්රයක් ලබා ගත හැක්කේ ප්රාදේශීය ලේකම් කාර්ය්යලයෙනි.

 

3. දිර්ගකාලින බදු ඉඩම් වලින් ගස් කපා ගැනීම

දීමනා පත්රයක් සකසා නැති මධ්යම පංතියේ ඉඩම් වලින් ඉවත් කෙරෙන දැව රාජ්ය දැව සංස්ථාව වෙත බාර දිය යුතුය

4. වාර්ෂික බලපත්ර සහිත ඉඩමී වල දැව හෙලීම

වාර්ෂික බලපත්ර සහිත ඉඩමී වල කිසිම ගසක් කිසිම තැනකින් කපා ගැනීමට හිමිකමක් නොමැත

 

පියවරෙන් පියවර ක්රියාවලිය (ගස් කැපීම සඳහා බලපත් නිකුත් කිරීම)

පියවර 1: ඉල්ලූම්කරු විසින් අදාළ ග්රාම නිලධාරී ඉල්ලූම්පතක් ලබා ගත යුතුය.

පියවර 2: අවශ් කරන ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්රාම නිලධාරිට භාර දිය යුතුය.

සැ.යු.

අවශ් කරන ආධාරක ලියකියවිලි 1.5.6.7 අංශයේ සඳහන් වේ.

අවශ් කරන ආධාරක ලියකියවිලි 87 පිටුවවේ සඳහන් වේ.

පියවර 3:ග්රාම නිලධාරී විසින් කරන ලද වාර්තාව ඉල්ලූම්පත සමඟ ඇමිණිය යුතුය.

පියවර 4:ග්රාම නිලධාරී විසින් සපයන ලද ලියකියවිලි සහිත ඉල්ලූම්පත අදාළ ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට භාර දෙනු ඇත.

පියවර 5: ප්රාදේශීය ලේකම් තුමා හෝ සහකාර ප්රාදේශීය ලේකම් සත්වැන් පරික්ෂණය සිදුකල හැක.

සේවය සඳහා ගෙවීම - කිසිදු ගාස්තුවක් අය නොකෙරේ

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 319
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty