උද්‍යාන බෝග_ උද්‍යාන බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම |
|
||||||||||||||||||
උද්‍යාන බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
සුදුසුකම් ගෙවතු වගාකරුවන්, ගොවීන්, පෞද්ගලික අංශයේ වගාකරුවන්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) එළවළු බීජ ලබාදෙනුයේ ගෙවත්තකට අවශ්‍යය ප්‍රමාණයකට පමණි. වැඩි ප්‍රමාණයකින් බීජ ඉල්ලුම් කරන ලද පුද්ගලයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පිහිටුවා ඇති බීජ අලෙවි මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබේ. අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය ඉල්ලුම් කිරීමට ලිපි, ඉලෙක්ට්‍රොනික තැපෑල දුරකථන හා කාර්යාලයට පැමිණ ලබාගැනීමට හැකියාව ඇත. ලිපි මඟින් ඉල්ලුම් කරන ලද එළවළු බීජ තැපැල් මඟින් යැවිය හැකි තත්ත්වයේ පවතින්නේ නම් පමණක් තැපැල් මඟින් ඉල්ලුම්කරු වෙත යවනු ලැබේ. (කවරයක දමා යැවිය හැකි එළවඟ බීජ) අල බෝග අංශයෙන් ඉල්ලුම් කරන ලද රෝපණ ද්‍රව්‍ය කාර්යාලයට පැමිණම මිලදී ගත යුතුය. මෙහිදි අදාල මුදල් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ගිණුමට බැර කර, රිසිට්පත අල බෝග හා රෝපණ අංශයට ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- කාර්යාල වේලාවන් තුල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු එළවළු බීජ ගෙවත්තට සරිලන ප්‍රමාණයක් නොමිලේ නිකුත් කරනු ලැබේ. අලබෝග වගාවට අදාල රෝපණ ද්‍රව්‍ය නොමිලේ මෙන්ම මුදලටද නිකුත් කරනු ලැබේ. වර්තමාන මිල ගණන් - මඤ්ඤොක්කා දඩු 1m ක් - රු.15/= බතල දඩු 1Kg ක් - රු.50/= ඉසුරු කිරිඅල පැළ 1ක් - රු.8/=
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) එළවළු බීජ හා අල රෝපණ ද්‍රව්‍ය සුලභතාවය මත ලබාදීමට ගතවන කාලය තීරණය වේ. ඉල්ලුම් කරන බීජ පවතින්නේ නම් එම දිනයේදීම ලබාදේ, අදාල රෝපණ ද්‍රව්‍ය මුදල් ගෙවා බිල්පත ඉදිරිපත් කළ දිනම ලබාදේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:12 |