The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Citizen's Registrations Marriage උඩරට විවාහ ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ප්‍රකාශය
උඩරට විවාහ ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
  2. උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
    1. මධ්‍යම පළාත
    2. උතුරු මැද පළාත
    3. ඌව පළාත
    4. සබරගමු පළාත
    5. උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
    6. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
    7. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
  3. විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත. 
  4. විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව   
    4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
    5. උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත. 
  1. කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. 
  2. උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ 
  3.   කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල(රු.) මුදල ගෙවන ආකාරය
    1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
    2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
    3 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
    4 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
    5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
    6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
    7
     
    රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම
     
    රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 1500.00 මුදලින් ගෙවිය යුතුය
    රජයට විවාහ පාර්ශවයන් 3500.00 මුදලින් ගෙවිය යුතුය
    8 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 5000.00 මුදලින් ගෙවිය යුතුය
    9 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
    10 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:51
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 268
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty