The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Loans, Funds & Incentive Schemes පාඨමාලා සඳහා මූල්‍යාධාර ලබා ගැනිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර ලබා ගැනිම.

PDF Print Email

මාධ්‍යවේදී  පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීම.  
 
“මහින්ද චින්තන”සංවර්ධන වැඩසටහනෙ හි දක්වා ඇති පරිදි,පුහුණු පාඨමාලා මගින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීම සඳහා මූල්‍යාධාර පහසුකම් සැපයීමට ජනමාධ්‍ය හා තෙරතුරු අමාත්‍යංශය අපේක්ෂා කරයි.

අරමුණ

21 වන සියවසේ අභියෝගවලට මුහුණදෙනු වස්,මාධ්‍යවේදීන්හට පුහුණු පාඨමාලා මගින් තම වෘත්තිය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම හා ඔවුන් ඒ සඳහා උනන්දු කරවීම.

ඉලක්ක ගත කණ්ඩායම

දිවයිනේ පිළිගත් මුද්‍රත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදන මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්.

මූල්‍ය පහසුකම්

  1. දේශීය විශ්වවිද්‍යාල හා රජයේ උසස් අධ්‍යාපන /පුහුණු ආයතන මගින් පවත්වනු ලබන කෙටිකාලීන පුහුණු පාඨමාලා (මාස 6 කට අඩු කාල සීමාවක්) සඳහා.
  2. දිගු කාලීන සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා (මාස 06 කට අධික) සඳහා තෝරාගන්නා ලද ජනමාධ්‍යවේදීන් සඳහා ඔවුන්ගේ පාඨමාලා ගාස්තු පියවීමට අවශ්‍ය මුල්යාධධාර පහසුකම් මෙ ව්‍යාපෘතිය යටතේ සලසා දෙනු ලැබේ.
  3. ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක පවත්වනු ලබන ජනමාධ්‍ය විෂ්යර සම්බන්ධ උපාධි පාඨමාළා,පශ්චාත් උපාධි පාඨමාළා,ශ්‍රස්තයවේදී උපාධි පාඨමාළා සඳහා පමණි.
  4. මෙම මූල්යායධාර පහසුකම් තොරා ගනු ලබන මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මත ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය විසින් සෘජුවම අදාළ පුහුණු ආයතනය වෙත ගෙවනු ඇත.

තෝරා ගැනීමේ නිර්ණායක

  1. රාජ්‍ය  හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයක පිළිගත් ක්‍රියාකාරී මාධ්‍යවේදීයෙකු වීම හෝ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීම.
  2. විශ්වවිද්‍යාල /රජයේ පිළිගත් පුහුණු ආයතන මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවට අදාළ සුදුසුකම් සපුරා තිබිය යුතු අතර එකී පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබ තිබීම. ( තොරා ගනු ලැබු බවට සනාථ කෙරෙන ලිපියේ පිටපතක් අයදුම්පතට අමුණා එවිය යුතුවේ)
  3. වසය අවුරුදු 18-55 ත් අතර විය යුතුය.

තෝරාගැනීමේ ක්‍රිමවේදය 

  1. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරන ලද මාධ්‍යවෙදීන්ද ඇතුළත් තේරීම් කමිටුවක් මගින් සුදුසු අයදුම්කරුවන් සම්මුක පරික්ෂණයකට බඳුන් කරනු ඇත.
  2. තොරා ගැනීම පිළිබඳ අමාත්‍යංශ ලේකම්ගේ නිගමනය අවසන් තීරණය වනු ඇත.   
  3. ජනමාධ්‍ය අමාත්‍යශය මගින් පුවත් පත් දැන්වීම් මගින් ප්‍රචාරය කළ විට, එහි සඳහන් ආකෘති අනුව සහ උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුය.  

මෙම ණය ක්‍රමය සම්බන්ධව වැඩිවිස්තර ලබා ගැනීම සඳහා       

පහත දුරකථන වලට අමතා වැඩි විස්තර ජනමාධ්‍යාල හා තෙරතුරු අමාත්‍යංශය මඟින් ලබා ගත හැක             

නම තනතුර අංශය  දුරකථන දුරකථන දිගුව
ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අතිරේක ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513943 158
ඩි.ඩි. වනිගනායක මහතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513466 149
ජි.එල්.ඩි. දහනායක මහත්මිය සහකාර ලේකම්(සංවර්ධන) සංවර්ධන අංශය +94-112-513470 157
අශිකා ධර්මරත්න මෙනවිය කළමනාකර සහකාර සංවර්ධන අංශය +94-112-513459/60 159

 


ආයතනයේ තොරතුරු

Ministry of Mass Media

No 163,
"Asisdisi Medura",
Kirulapone Avenue,
Polhengoda,

Colombo 05.


Dr Anil Jasinghe
දුරකථන:0112513459, 0112513498, 0112512321
ෆැක්ස් අංක:0112513462, 0112513458, 0112513437
විද්‍යුත් තැපෑල:secretary@media.gov.lk
වෙබ් අඩවිය: www.media.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:22:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 255
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty