අමු තේ දළු වෙළෙන්දන් හට බලපත්‍ර නිකුත් කිරීම
සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි
ප්‍රවාහන අවශ්‍යතා
- අමු දළු ප්‍රවාහනයට යොදාගන්නා වාහනය (ලොරිය) වහලයක් සහිත එකක් වියයුතුයි. එසේ නොමැතිනම් දළු වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු ආවරණයක් (කලාලයක්) තිබිය යුතුයි.
- කි.ග්‍රෑ. 50ක බරක් කිරිය හැකි අදාල වසරට වලංගු බලපත්‍රයක් සහිත තරාදියක් තිබිය යුතුයි.
- ප්‍රවාහනයේදී දළු හානිය අවම කිරීම සඳහා වූ කිසියම් යාන්ත්‍රණයකට අනුව වාහනය සකස් කළ යුතුයි. (රාක්ක සවිකිරීම හෝ ප්ලාස්ටික් බහලුම් භාවිතා කිරීම)
මධ්‍යස්ථාන අවශ්‍යතා
- සතුන්ගෙන් ආරක්ෂා වීම සහ වර්ෂාවෙන් ආවරණය වීම සඳහා මධ්‍යස්ථානය, කොට බිත්තියකින් සහ වහලයකින් සමන්විත විය යුතුයි.
- මධ්‍යස්ථානයේ බිම සිමෙන්ති යොදා සකස් කළ එකක් විය යුතු වන අතර එසේ නොමැතිනම් කලාලයක් හෝ තිබිය යුතුයි. (දළු සමග වැලි කලවම් නොවීමට)
- මධ්‍යස්ථානය තුළ තේ දළු හැර වෙනත් කිසිම දෙයක් උදා. ලාම්පුතෙල්, සිමෙන්ති, පොහොර වර්ග, කෘෂි රසායන ආදිය ගබඩා කර නොතිබිය යුතුයි.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන - ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ ගම්පොළ, ගිණිගත්හේන(හැටන් ප්‍රා. කා.), බණ්ඩාරවෙල, රත්නපුර, මතුගම, ගාල්ල සහ මාතර යන නගර වල පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලින්
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - කිසිම ගාස්තුවක් ගෙවිය යුතු නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ දිනවල වැඩකරන වේලාව තුලදී ඉදිරිපත් කළ හැක. (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා) සැ.යු. - ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - අළුත් බලපත්‍ර සඳහා මෙන්ම බලපත්‍ර අළුත් කිරීම සඳහා ද වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 500/- වේ.
තවද, අමු දළු එකතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔවුන් විසින් දිනකට එකතු කරනු ලබන අමු තේ දළු ප්‍රමාණය සඳහා පහත වගුවේ දැක්වෙන සීමාවන්ට අනුකූල වන පරිදි අදාල බැංකු ගිණුමේ ( ප්‍රා.කා. යෙන් ලබා ගත හැක) මුදල් තැන්පත් කර, බැරපතේ පිටපත ඉල්ලුම්පත්‍රයට අමුණා යැවිය යුතුයි.
දිනකට එකතු කරනු ලබන අමු තේ දළු ප්‍රමාණය (කි.ග්‍රෑ.) |
තැන්පත් කළ යුතු මුදල (රු.) |
250 දක්වා |
2,500 |
251 – 500 දක්වා |
5,000 |
501 – 750 දක්වා |
7,500 |
751 – 1,000 දක්වා |
10,000 |
1,001 – 2,500 දක්වා |
15,000 |
2,501 – 5,000 දක්වා |
20,000 |
5,001 – 6,000 දක්වා |
25,000 |
6,001 – 7,000 දක්වා |
30,000 |
7,001 – 8,000 දක්වා |
35,000 |
8,001 – 9,000 දක්වා |
40,000 |
9,001 – 10,000 දක්වා |
100,000 |
සේවාව ලබා දීමට ගත වන කාලය - මාසයකට වඩා අඩු කාලයක් ඇතුළත නිකුත් කෙරේ.
ආයතනයේ තොරතුරුශ්රී ලංකා තේ මණ්ඩලය
අංක 574,
ගාලු පාර,
කොළඹ 3
දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773 ෆැක්ස් අංක:011-2589132 විද්‍යුත් තැපෑල:sltbhelp@pureceylontea.com වෙබ් අඩවිය: www.srilankateaboard.lk
|