The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් පාරිසරික නිර්දේශය ලබා ගැනීමේ ක්‍රියාවලිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත්‍රය
පාරිසරික නිර්දේශය ලබා ගැනීමේ ක්‍රියාවලිය

PDF Print Email

හැඳින්වීම:

  • පාරිසරික පනතේ පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලිය  සඳහා ඇතුළත් නොවන නියමිත  ක්‍රියාකාරකම් හා කර්මාන්ත පිහිටුවීම සඳහා පාරිසරික නිර්දේශ ක්‍රමය හඳුන්වා දී ඇත.
  • පාරිසරික නිර්දේශය යනු පළාත් පාලන ආයතන මඟින් නිකුත් කරනු ලබන කොන්දේසි සහිත ලියවිල්ලකි. පාරිසරික බලපෑම් ඇගයීම් සඳහා ඇතුළත් නොවන නියමිත ක්‍රියාකාරකම් ආරම්භ කිරිම සඳහා පාරිසරික නිර්දේශය ලබාගත යුතුය.

අයදුම් කිරිම
සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාල මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල වෙත ලබාදිය යුතුය.

අයදුම්පත්‍රයක් ලබාගන්නේ කෙසේද?
මධ්‍යම පරිසර අධිකාරියට අයත් ඕනෑම ප්‍රාදේශීය කාර්යාල මඟින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් (www.cea.lk) ලබාගත හැක. 

අයදුම් කිරීමේ ක්‍රියාවලිය

  1. ම.ප.අ. පලාත්/ දිස්ත්‍රික්කයේ හෝ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත්‍රයක් ලබාගැනීම.
  2. සම්පුර්ණ කරන ලද අයදුම්පත ම.ප.අ. අදාල කාර්යාලය වෙත භාරදීම.
  3. අයදුම්පත සම්පුර්ණයෙන් පුරවා ඇත්නම් හා අදාල ලියකියවිලි භාරදී ඇත්නම්, අදාල පරීක්ෂා කිරිමේ ගාස්තුව ගෙවන ලෙස අයදුම්කරු වෙත ලිඛිතව දන්වනු ලැබේ.
  4. පරික්ෂා කිරිමේ ගාස්තු ගෙවු පසු ම.ප.අ. නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරිම.
  5. අදාල ස්ථානය කර්මාන්ය පිහිටුවීම සඳහා නිර්දේශ කල හැකි නම් පාරිසරික නිර්දේශය පරිසර බලපෑම් අවම කිරිමේ කොන්දේසි සහිතව අදාල ප්‍රාදේශීය සභා / නගර සභා සභාපති හෝ නාගරික කොමසාරිස් වෙත නිකුත් කරනු ලැබේ. එහි පිටපතක් අදාල අයදුම්කරු වෙත හෝ සමාගම වෙත යොමු කරනු ලැබේ.

අයදුම්පත්‍ර ගාස්තු: ගාස්තු අයකිරිමක් නැත.

කර්යාලීය වේලාවන්: පෙ.ව.09.00 සිට ප.ව.04.00 දක්වා සතියේ දවස්වල මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලය විවෘතව ඇත.
ගෙවිය යුතු මුදල:
පරීක්ෂණ ගාස්තු: අවමය රු.3393.60 ක්ද, උපරිමය රු.11,312.00 ක්ද වේ.(රජයේ බදු සමඟ)

ක්‍රියාවලියට ගතවන කාලය: අවශ්‍ය තොරතුරු සහ ගෙවිම් නියමිත වෙලාවට සිදුකර ඇත්නම් මාසයක කාලයක් ගත වේ.

අවශ්‍ය  ලියකියවිලි

  1. ඉඩමේ මිනිනදෝරු සැලැස්ම
  2. ගොඩනැගිලි සැලැස්ම
  3. යාබද නගරයේ සිට අදාල ඉඩමට  ළඟාවන මාර්ගය දක්වන කටු සටහනක්

අදාල නිලධාරින් :
අමතර තොරතුරු සඳහා පළාත්/දිස්ත්‍රික්ක කාර්යාල මඟින් විමසා ඔබගේ ප්‍රශ්ණය සඳහා මෙතෙක් විසඳුමක් නොලැබිණි නම් ප්‍රධාන කාර්යාලයේ පරිසර දුෂණ පාලන අංශයේ නිලධාරියෙකු අමතන්න.


ආයතනයේ තොරතුරු

Central Environmental Authority

No.104,
Denzil Kobbekaduwa Mawatha,
Battaramulla.



දුරකථන:011-7877277, 7877278, 7877279, 7877280
ෆැක්ස් අංක:011-2888999
විද්‍යුත් තැපෑල:complaint@cea.lk
වෙබ් අඩවිය: www.cea.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:41:45
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 385
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty