අමු දළු සැපයුම් කරුවන්ට සාධාරණ මිල ගෙවීම් පරීක්ෂා කිරීම හා හා දළු මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වීම |
|
|||
අමු දළු සැපයුම් කරුවන්ට සාධාරණ මිල ගෙවීම් පරීක්ෂා කිරීම හා හා දළු මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වීම යම් තේ දළු හිමියෙකුට තම දළු සඳහා වන මුදල් ගෙවීම දළු මිලදී ගත් තේ කම්හල විසින් හෝ දළු වෙළෙන්දා විසින් පැහැර හරින ලද අවස්ථා වලදී එම හිඟ මුදල් නැවත දළු හිමියා වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මැදිහත් වේ. කිසියම් කම්හලක් හෝ දළු වෙළෙන්දෙකු විසින් දළු හිමියන්ගෙන් ලබාගත් දළු සඳහා වන මුදල් පසුමාසයේ 20 වනදාට පෙර ගෙවිය යුතුයි. අවශ්‍ය ලියකියවිලි - දළු හිමියා වෙත අය විය යුතු හිඟ මුදල් ඇත්නම් එය ලබාගැනීම සඳහා දළු ලබා දුන් කම්හල වෙතින් හෝ දළු වෙළෙන්දාගෙන් එම මුදල් ලැබිය යුතු කාලවකවානුව, ප්‍රමාණය ආදිය ඇතුළත් දළු පොතේ ඡායා පිටපතක් සමග එම කම්හල හෝ දළු වෙළෙන්දා අයත් වන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි. දළු හිමියාගේ පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගත් පසු අදාල මුදල් ගෙවන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අදාල පාර්ශවයට දැනුම් දෙනු ලැබේ. එසේ ගෙවීමට ක්‍රියා නොකරන්නේනම් අවසාන වශයෙන් අදාල කම්හලේ හෝ දළු වෙළෙන්දාගේ ලියාපදිංවිය අවලංගු කිරීම දක්වා වූ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ගත හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-23 15:18:56 |