The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල

PDF Print Email
වාර්ෂිකව සංවිධානය කරන මෙම මුද්‍රා නාට්‍ය උළෙලේ තරගාවලිය අංශ තුනකින් සමන්විත වන අතර තරග වට තුනකින් යුක්ත වේ. ළමා මුද්‍රා නාට්‍ය (කෙටි) - විවෘත, වැඩිහිටි මුද්‍රා නාට්‍ය (කෙටි) - විවෘත, වැඩිහිටි මුද්‍රා නාට්‍ය (දිගු) - විවෘත යනු මෙම නාට්‍ය තරගාවලියේ තරග අංශ තුනකි.

සුදුසුකම් හා කොන්දේසි
චක්‍රලේඛයෙහි දැක්වෙන සුදුසුකම් සහිත ශිල්පීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැක. සංගීතය පටිගත කර හෝ සජීවීව යොදාගත හැකි අතර පාත්‍රවර්ගයා 25 දෙනෙකුට නොවැඩි විය යුතුය. අප සංස්කෘතියට හා සදාචාරයට පටහැනි නොවන ස්වයං නිර්මාණයක් ඉදිරිපත් කළ යුතුය. පෙර රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කරන ලද නාට්‍ය නැවත ඉදිරිපත් නොකළ යුතුය.
තරගය සඳහා ඉදිරිපත් වන්නන් ඉහත කොන්දේසිවලට‍ අනුකූලව චක්‍රලේඛය සමග ඇති අයදුම් පත්‍රය සම්පූර්ණකර මුද්‍රානාට්‍ය පිටපත ද සමග අයදුම්පත් බාරගන්නා අවසන් දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්
ලේකම්,
ජාතික නර්තන, මුද්‍රානාට්‍ය හා රූකඩ රූපන අනුමණ්ඩලය,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
8 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල. යන ලිපිනයට යැවීමට හෝ ගෙනැවිත් බාරදීමට හැක. තැපෑලෙන් යැවීමේදී අයදුම්පත් බහාලන ලියුම්කවරයේ වම්පස උඩ කෙලවරේ රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල (අදාළ වර්ෂය) යනුවෙන් සඳහන් කළ යුතුය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහලේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පිහිටි ජාතික නර්තන, මුද්‍රානාට්‍ය හා රූකඩ රූපන අනුමණ්ඩලයෙන්
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
අයදුම්පත් බාරගන්නා අවසන් දිනට පෙර කාර්යාලයීය වේලාව තුළ
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
අයදුම්පත් අකෘතිය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත.




ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:38
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 291
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty